NewsDrugs කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවන් තිදෙනෙක්...

Drugs කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

-

spot_img

Drugs කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

සැකකාර කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදීයි. ඔවුන් ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකාර කාන්තාවන් තිදෙනා රැගෙන ආ ගමන් මලු 04ක සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 248ක් සොයාගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන පළමුව ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන පැමිණ පසුව මෙරටට රැගෙනවිත් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හය කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හය දහසක් පමණ වන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා අවුරුදු 25, 48 සහ 50 යන වයස්වල පසුවන කොළඹ, වැල්ලම්පිටිය සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවට අනාවරණ වී තිබෙනවා.

Latest news

ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන

ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සන්නාමයක් වන හෝම්ලෑන්ඩ්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ...

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...
- Advertisement -spot_img

දුටු ගැමුණු රජුට කඩු හැදූ අඟුල්මඩුව

දුටු ගැමුණු රජුට කඩු හැදූ අඟුල්මඩුව මෙරට පැවැති කර්මාන්ත අතර ලෝහ කර්මාන්තයට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර පිත්තල කර්මාන්තයට එහි...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you