More
    spot_img
    NewsDrugs කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවන් තිදෙනෙක්...

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

    -

    spot_img

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

    සැකකාර කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදීයි. ඔවුන් ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

    සැකකාර කාන්තාවන් තිදෙනා රැගෙන ආ ගමන් මලු 04ක සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 248ක් සොයාගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන පළමුව ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන පැමිණ පසුව මෙරටට රැගෙනවිත් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

    එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හය කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හය දහසක් පමණ වන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා අවුරුදු 25, 48 සහ 50 යන වයස්වල පසුවන කොළඹ, වැල්ලම්පිටිය සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවට අනාවරණ වී තිබෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    SLTB අදායම රුපියල් මිලියන 1,300 ඉක්මවයි

    SLTB සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට තවදුරටත් විශේෂ බස් රථ...

    Airport කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

    Airport - කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු...

    Missing බොල්ගොඩ ගඟට පැන්න පුද්ගලයෙකු අතුරුදන්

    Missing - හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පැන ඇති බව පොලිසිය පවසනවා. පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව...

    Anura Kumara Dissanayake ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ තියන්නේ නෑ

    Anura Kumara Dissanayake රට තුළ යළි දේශපාලන ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ...
    - Advertisement -spot_img

    Missing බොල්ගොඩ ගඟට පැන්න පුද්ගලයෙකු අතුරුදන්

    Missing - හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පැන ඇති බව පොලිසිය පවසනවා. පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව...

    Anura Kumara Dissanayake ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ තියන්නේ නෑ

    Anura Kumara Dissanayake රට තුළ යළි දේශපාලන ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page