Featuresmonkey's Power Cut වඳුරන්ගේ විදුලි විසන්ධිය ගැන විදෙස් විත්ති

monkey’s Power Cut වඳුරන්ගේ විදුලි විසන්ධිය ගැන විදෙස් විත්ති

-

spot_img

monkey’s Power Cut- විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි පැවසු ආකාරයට, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පානදුර උප පොළකට වඳුරෙකු සිදුකළ හානියක් හේතුවෙන් පෙරේදා (පෙබ.10) දින පැයක පමණ කාලයක් දිවයින පුරාම විදුලිය විසන්ධි වී තිබිණි. මිට පෙරද විනාඩි 90 කට ආසන්න කාලයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වීමක් සිදුව තිබු අතර ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර තිබුණේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයක සිදුවූ බිඳවැටීමක් ඊට හේතුවූ බවයි.

මේ පිළිබඳව බොහෝ විදෙස් මාධ්‍ය තමන්ගේ ප්‍රවෘත්ති සිරස්තලය යොදා තිබුණේ උපහාස රසය දනවන ආකාරයෙනි. India tv news ඒ පිළිබඳව සටහන් කර තිබුණේ “Monkey causes power outage, plunging Sri Lanka into darkness” යනුවෙනි. ලංකාව නිතර, නිතර විදුලි අර්බුදයට මුහුණ දෙන ආකාරයත්, ආර්ථික අර්බුදය වෙනුවෙන් ඉන්දියාව ලංකාවට ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය ආධාර පිළිබඳවත් එහි සඳහන් විය.

monkey's Power Cut

මෙම සිදුවීමට අදාළව BBC ප්‍රවෘත්ති සිරස්තලයක යොදා තිබුණේ “Minister blames monkey for Sri Lanka’s nationwide power cut” යනුවෙනි. එම ප්‍රවෘත්තියෙහි මෙම බිඳවැටීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලාවල පළවූ හාස්‍යය මුසු සටහන් සහ ප්‍රකාශ ද උපුටා දක්වා තිබිණි. හින්දු වීර කාව්‍යයක් වන රාමායණයට අනුව “Sri Lanka tasted monkey business in the past” ලෙස Sreeni R තැබූ X සටහන ඉන් එකකි.

monkey's Power Cut

“Nationwide power outage in Sri Lanka blamed on a monkey” යනුවෙන් සිය ප්‍රවෘත්ති සිරස්තලය යොදන Sky News වෙබ් අඩවිය, වසර ගණනාවක් තිස්සේ විදුලි ඉංජිනේරුවන් පද්ධතියේ දෝෂ යථා තත්වයට පත් කරන ලෙස ඉල්ලා සිටියත් කිසිදු රජයකින් ඊට නිසි පිළියමක් ලැබී නොමැති බව පවසයි. උපපොළක ඇතිවන දෝෂයකින් සමස්ථ පද්ධතියම ඇණ හිටින්නේනම්, ජාතික විදුලි බල පද්ධතිය කෙතරම් දුර්වල තත්වයක පවතින්නේද යන්න ඔවුන් ප්‍රශ්න කරයි.

monkey's Power Cut

ශිෂ්ටාචාරය පැවත එන්නේ වානරයන්ගෙන් බව සැබෑවකි. එහෙත් ලෝකයම අපව හාස්‍යයට ලක් කරමින් ප්‍රවෘත්ති පළ කරන තරමට විෂය භාර අමාත්‍යවරයෙකු මාධ්‍යයට අදහස් දැක්වීම අනුමත කළ හැකිද..? “ගම්මැදි හෑලි” මාධ්‍ය නිවේදන ලෙස ප්‍රසිද්ධ කරන්නට තරම් අනුවණ නිලධාරින් සිටින රටක අපට, පොහොසත් රටක් හෝ ලස්සන හෙටක් බලාපොරොත්තු විය හැකිද..? ඩේලි මිරර් කර්තෘ ජමීලා හුසේන් තැබූ X සටහනක මෙසේ සඳහන් විය. “”Only in Sri Lanka can a group of monkeys fighting inside a power station cause an Islandwide power outage.” අවසානයට කිව හැකි වන්නේ, විදුලි බලයට මෙන්ම රටේ පාලන බලයටද වඳුරන්ගෙන් සිදුවන හානිය සුළු පටු නොවේය යන්න යි.

Image Source: Reuters

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you