More
    NewsCourt Order නිරෝධායන නීති උල්ලංඝණ නඩුවෙන් ජෝසෆ් ස්ටාලින් නිදහස්

    Court Order නිරෝධායන නීති උල්ලංඝණ නඩුවෙන් ජෝසෆ් ස්ටාලින් නිදහස්

    -

    spot_img

    Court Order – නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තු වට රවුම අසල උද්ඝෝෂණය කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (ජනවාරි 6) නියෝග කළේය.

    පැමිණිල්ල මෙහෙයවන වැලිකඩ පොලිසිය සිද්ධියට අදාළ කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇති අතර නිරෝධායන නීතිරීති කඩකර කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වට රවුම් ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ බව පවසමින් වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණි. එම නීති විරෝධී උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි වාහන තදබදයක් මෙන් ම ජයවර්ධනපුර රෝහලට පැමිණෙන ගිලන් රථවලට දැඩි අපහසුතාවක් ඇති වූ බවත් එසේ ම මේ සිදුවීම තුළින් දැඩි මහජන කැළඹීමක් ඇතිවූ බවද වැලිකඩ පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page