ArtMovie කරළියට එන හේමාල් සහ දුෂේනිගේ ආදර කතාව

Movie කරළියට එන හේමාල් සහ දුෂේනිගේ ආදර කතාව

-

spot_img

Movie – සහන් සහ නයෝමි කියන්නෙ කාලයක් පුරා ආදරය කරලා එකිනෙකා පිළිබඳව හොඳ අවබෝධයක් සහිතව හිතුවක්කාරෙට සිය කැමැත්තෙන් විවාහ වෙලා කුලී නිවසක ජීවිතය විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරන යෞවනයේ පෙම්වතුන් යුවලක්. ඔවුන්ගේ යුග දිවියට වසර ගණනාවක් ගෙවී ගියත්, ඔවුනට දරු සුරතල් බැලීමේ වාසනාව නම් හිමිවුණේ නෑ. ඒ අඩුව ඔවුනට නොදැණුනා නොවුනත්, එහෙම වෙන්න හේතු කාරණා නොතිබුණාමත් නොවේ. එක්තරා දවසක , දීර්ඝ කාලයකට පසුව මේ දෙදෙනා බැහැ දැකීමට, සහන්ගේ නැන්දා කෙනෙක් ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. ඒ නැන්දා දරුවෙකු පිළිබඳව අසනා කරුණු කාරණා නිසා , කලබල නොවී නයෝමි ලබාදෙන පිළිතුරක් හේතුවෙන්, ඔවුන් දෙදෙනාට ලොකු අභියෝගයකට මුහුණ දීමට සිදුවෙනවා .ඒ අභියෝගයට ඔවුන් මුහුණ දෙන ආකාරය තමයි, “සිහින නෙළුම් මල්” සිනමාපටය තුළින් ප්‍රේක්ෂකයා වෙත ගෙන එනු ලබන්නේ.

Umali Thilakarathne

2016 වසරේ “මෝටර් බයිසිකල්” නමින් එළිදැක්වූ තම ප්‍රථම චිත්‍රපටය සඳහාම ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ , ශමීර නාඔටුන්න ගේ දෙවන සිනමා නිර්මාණය ලෙසින් තමයි, මෙම සිනමා නිර්මාණය තිරයට පිවිසෙන්නේ. මෙහි සහන් ලෙසින් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ සහ නයෝමි ලෙසින් දුෂේනි සිල්වාත් ප්‍රධාන චරිතයන්ට පණ පොවන අතර, උමාලි තිලකරත්න, ශ්‍රියාණි අමරසේන, වීණා ජයකොඩි, කළණ ගුණසේකර, දයාදේව එදිරිසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න, ලාල් කුලරත්න ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් සෙසු රංගන දායකවත්වය ලබා දී ඇත. විශ්වජිත් කරුණාරත්නගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද, මිලින්ද තෙන්නකෝන් සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත ද , අංග රචනයෙන් බුවනෙක රණවකද, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල ද එක්වී ඇති මෙහි ගීත ගායනයෙන්, ශශිකා නිසංසලා, මිහිඳු ආරියරත්න, අමිල පෙරේරා සමගින් ආශ්කා කුලතුංග දායකව ඇත. නිශ්චල ඡායාරූපකරණයෙන් අමාල් රෝස් එක්වී ඇති “සිහින නෙළුම් මල්” මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන වරුණ අරඹගේ නිෂ්පාදන දායකත්වය දරණ ප්‍රථම සිනමා නිර්මාණයයි.

Sihina Nelum Mal Sihina Nelum Mal

සටහන:
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු 

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you