More
    spot_img
    NewsCustoms නීති විරෝධීව ආනයනය කළ ආලේපන කන්ටේනරයක් රේගුවෙන් පන්නලා

    Customs නීති විරෝධීව ආනයනය කළ ආලේපන කන්ටේනරයක් රේගුවෙන් පන්නලා

    -

    spot_img

    Customs – රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු කන්ටේනරයක් ව්‍යාජ ලේඛන සකසා රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පවසයි. වැඩතහනම් කළ නිලධාරීන් අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයෙකු සහ රේගු අධිකාරිවරයෙකු සිටින බවත්, මෙරට ලියාපදිංචි නොකළ එම සුවඳ විලවුන් සහ ආලෝපන වල වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බවත් රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා සඳහන් කරයි.

    එම කන්ටේනරයේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බව සොයාගැනීමෙන් පසු , රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද, ඔහු දඩ මුදල් ගෙවා නොමැති අතර, පසුගිය ජුලි මස 12 වෙනිදා ලේඛන වෙනස් කර රේගුවෙන් පිටකර ගෙන තිබේ. එම කන්ටේනරය හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන ඊයේ [ජුලි 18] පස්වරුව දක්වා සොයාගැනීමට ලැබී නැති බවත්, මෙවැනි දූෂිත ක්‍රියා හේතුවෙන් ශරීර සෞඛ්‍යට අහිතකර මෙන්ම පිළිකාකාරක සහිත ආලේපන වර්ග, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, බාල ඖෂධ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳපොලට යෑම වැළැක්විය නොහැකි බවත් රේගුවෙහි එම උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page