NewsCustoms නීති විරෝධීව ආනයනය කළ ආලේපන කන්ටේනරයක් රේගුවෙන් පන්නලා

Customs නීති විරෝධීව ආනයනය කළ ආලේපන කන්ටේනරයක් රේගුවෙන් පන්නලා

-

spot_img

Customs – රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු කන්ටේනරයක් ව්‍යාජ ලේඛන සකසා රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පවසයි. වැඩතහනම් කළ නිලධාරීන් අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයෙකු සහ රේගු අධිකාරිවරයෙකු සිටින බවත්, මෙරට ලියාපදිංචි නොකළ එම සුවඳ විලවුන් සහ ආලෝපන වල වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බවත් රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා සඳහන් කරයි.

එම කන්ටේනරයේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බව සොයාගැනීමෙන් පසු , රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද, ඔහු දඩ මුදල් ගෙවා නොමැති අතර, පසුගිය ජුලි මස 12 වෙනිදා ලේඛන වෙනස් කර රේගුවෙන් පිටකර ගෙන තිබේ. එම කන්ටේනරය හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන ඊයේ [ජුලි 18] පස්වරුව දක්වා සොයාගැනීමට ලැබී නැති බවත්, මෙවැනි දූෂිත ක්‍රියා හේතුවෙන් ශරීර සෞඛ්‍යට අහිතකර මෙන්ම පිළිකාකාරක සහිත ආලේපන වර්ග, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, බාල ඖෂධ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳපොලට යෑම වැළැක්විය නොහැකි බවත් රේගුවෙහි එම උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you