NewsKeheliya Rambukwella මාස හතරක ගෙවල් කුලිය ගෙවා නැහැ

Keheliya Rambukwella මාස හතරක ගෙවල් කුලිය ගෙවා නැහැ

-

spot_img

Keheliya Rambukwella – අරගලය පැවති කාල වකවානුවේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස විනාශ වීමෙන් පසු, ඔහුට තාවකාලිකව රැඳී සිටීම සඳහා කුලී පදනම මත මහනුවර මලබාර් වීදියේ පිහිටි මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස ලබා දී ඇතැයි පැවසේ. එසේ ලබා දී ඇත්තේ ඔහුගේ මාසික වැටුපෙන් 10% ක මුදලක් අය කර ගැනීමේ ගිවිසුමක් මත බව පවසන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, අයවිය යුතු කුලී මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත්, ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව පවසයි.

හිටපු අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් පසු, මාස හතරක කාලයක් එම මුදල් අයවීම නතරවී ඇති බැවින්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල් අයකර දෙන ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකොට ඇතත්, ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇත්තේ මාදිවල පිහිටි මන්ත්‍රී නිවාසවල මුදල් අය කර ගැනීමේ බලය ඇතත්, පිටස්තර නිවාස වල මුදල් අය කර ගැනීමේ බලයක් ලේකම්වරයාට නොමැති බවය. එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ එම මුදල් අයකර ගැනීමට මන්ත්‍රීවරයාගේ කැමැත්ත පළ කොට ලිපියක් ලබාදෙන්නේනම්, මුදල් අය කර දීමේ බලය පාර්ලිමේන්තු ලේකම්වරයාට ඇති බවයි .

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී, එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට අයවී ඇතත්, මේ වන විට එම මුදල් ලැබීම නතර වී ඇති අතර, දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයාගෙන් ඔහුගේ වැටුපෙන් 10% ක මුදලක් කපා ගැනීම සඳහා කැමැත්ත ඉල්ලා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ලිපියක් යොමු කොට ඇතත්, ඊටද මෙතෙක් ප්‍රතිචාර ලැබේ නොමැති බව ප්‍රධාන අමාත්‍යංශයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you