More
    spot_img
    NewsUddika Premaratne රට පනින්න වෙඩි පත්තු කළ උද්දික රංගනය

    Uddika Premaratne රට පනින්න වෙඩි පත්තු කළ උද්දික රංගනය

    -

    spot_img

    Uddika Premaratne – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව පවසයි. 2023 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදා මෙම වෙඩි ප්‍රහාරය සිදු වු අතර, එම වෙඩි ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් ඔහුට කිසිදු හානියක් සිදු නොවීය. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන වලදී, මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බවට හෙළි වූ බව පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.

    Uddika Premaratne

    මෙම සිද්ධියට හවුල් බව කියන සංජීව මහානාම නමැති සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා සිය බිරිය සහ දරුවන් සමඟ විදේශගත වී ඇති බවත් ඔහු විදේශ ගතවී ඇත්තේ පොලිසියට දැනුම් දී නිසි අවසරයක් ලබා නොගෙන බවත් සඳහන්. එමෙන්ම පසුගිය පෙබරවාරි මස 27 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාද විදේශගත වූ බවට ප්‍රවෘත්ති පළ විය. සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා කටුනායක ගුවන්තොටුපළෙන් මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති අතර එසේ පිටත් වන මොහොතේදී සිය ගිනි අවිය හිතවතෙකු මාර්ගයෙන් පොලිසිය වෙත නිසි ක්‍රමවේදයට අනුකූල නොවන අයුරින් එවා ඇති බවද අනාවරණය වේ. අදාළ මන්ත්‍රීවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා සමීප ඇසුරක් ඇති අය බව ද දෙදෙනා සැලසුම්සහගතව එම කටයුත්ත සිදු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව අනාවරණය කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page