NewsTeachers Union දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ගැන ඉඟියක්

Teachers Union දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ගැන ඉඟියක්

-

spot_img

Teachers Union – 2024 අයවැයෙන් පොරොන්දු වූ පරිදි ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බවට ලංකා ගුරු සංගමය (CTU) අනතුරු අඟවනවා.

ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ(11) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ බලධාරීන් තම ගැටලුවලට විසඳුම් ලබා දීමට අපොහොසත් වුවහොත් ජුනි 26 වැනිදා වැඩවර්ජනයක් දියත් කරන බවයි.

එම දිනයේ දී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කර දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

මෙම වසරේ වැටුප් වැඩිකිරීම් සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 46 ක මුදල අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත් වී ලබා දෙන ලෙස එම සංගමය ඉල්ලා සිටිනවා.

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදුකරන සියලුම මධ්‍යස්ථානවල ලකුණු කිරීම් අද (ජුනි 12) පස්වරු 1.00 ට නතර කරන බව ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් නිවේදනය කළේය.

“කඩදාසි ලකුණු කිරීමේ ගාස්තු සංශෝධනය කළ යුතුයි. මේ ප්‍රශ්නය විසඳීමට පසුගිය වසරේ කැබිනට් කමිටුවක් පත් කළත් ගාස්තු වැඩි කරලා නැහැ.”

ජෝසප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහ විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේ මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you