NewsMahindananda - මහින්දානන්ද ගෙන් ගුටිකෑ රාජපක්‍ෂට පැය 3 ක...

Mahindananda – මහින්දානන්ද ගෙන් ගුටිකෑ රාජපක්‍ෂට පැය 3 ක සැත්කමක්

-

spot_img

Mahindananda – මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට ඊයේ (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශල්‍යකර්මයෙන් පසුව රාජපක්‍ෂ මන්ත්‍රීවරයා දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
පාදයේ අස්ථියක් බිඳීයාම හේතුවෙන් ඔහුට මෙම ශල්‍යකර්මය කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ ගැටුමකින් ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලැබුවේ පසුගිය තුන්වනදා පස්වරුවේය. ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා එදිනම රාත්‍රියේ කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බව රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් පවසනවා.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ තමා ගුණතිලක රාජපක්ෂ මහතාගේ කමීස කොළරයෙන් ඇල්ලුවා මිස ඔහුට පහර නොදුන් බවයි.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you