More
    spot_img
    NewsThe National Audit Office ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති 38න්...

    The National Audit Office ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් අක්‍රියයි

    -

    spot_img

    The National Audit Office – ජපන් ආධාර යටතේ රුපියල් මිලියන 570ක මුදලක් වැයකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිතකොට ඇති ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ක්‍රියාවිරහිතව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. මෙම ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති මගින් උෂ්ණත්වය, අර්ද්‍රතාවය, වාර්ෂාපතනය, සුළගේ වේගය,හා දිශාව, පිඩනය, සුර්ය විකිරණ ප්‍රමාණය මනිනු ලබයි.

    මහඉලුප්පල්ලම, වාගොල්ල, සෙවණගල, පොළොන්නරුව, අරලගන්විල, බලංගොඩ, සිරිකදුර, අගුණුකොළපැළැස්ස, දෙනියාය, තවලම, කුඩව, යන ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ඉකුත් වර්ෂයේ (2023) ජුලි මස 11 වැනි දින වන විට ක්‍රියා විරහිතව පැවති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන 2019 වර්ෂයේ සිට 2022 දක්වා පිළිවෙළින් නියමිත පරිදි නඩත්තු නොකළ වාරගණන සියයට 69ක්,සියයට 93ක්, සියයට 92ක් හා සියයට 85ක් පැවතුණි. එමෙන්ම 2019 හා 2021 අතර කාලසිමාව තුල ස්වයංක්‍රියා කාලගුණ මධ්‍යස්ථාන වල කිසිදු නඩත්තු කිරිමක් සිදුනොකළ අවස්ථා 47ක් නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙම උපකරණ පද්ධතියේ අමතර කොටස් සදහා 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ රුපියල් මිලියන 123ක වියදමක් දරා තිබුණි.

    Latest news

    Chief Secretary බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

    Chief Secretary - බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

    An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    An objection - නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත...

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...
    - Advertisement -spot_img

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page