NewsDamitha Abeyaratne දමිතා සහ සැමියා සැකකරුවන් ලෙස නම් කෙරේ

Damitha Abeyaratne දමිතා සහ සැමියා සැකකරුවන් ලෙස නම් කෙරේ

-

spot_img

Damitha Abeyaratne – කොරියාවේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (මාර්තු 6) කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දන්වා තිබිණි.

ඉහත සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙසට දමිතා අබේරත්න හා ඇගේ සැමියා නීතිඥවරයෙකු මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඊට අදාළව ලිඛිත කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැන්වූ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් පමණක් සැකකරුවන් ලෙස නම් කරන ලෙසට කළ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් දෙදෙනා එම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කරන බව මහේස්ත්‍රාත්වරයාට වෙත දැනුම් දී තිබිණි.

එම අපේක්ෂිත ඇප ඉල්ලීමට අදාළ කරුණු ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන බව දමිතා අබේරත්න යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැන්වූ බැවින්, එම යුවළගේ මුදල් වංචා සිද්ධිය හා අපේක්ෂිත ඇප ඉල්ලීම මෙම මස 20 වන දින නැවත කැඳවීමට අධිකරණයෙන් නියෝග කෙරිණි. එම මුදල් වංචා සිද්ධියට අදාළව දමිතා අබේරත්න යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙරදී අධිකරණයෙන් ඉල්ලීමක් කළ නමුත් සැකකරුවන් ලෙස නම් කර නොමැති පුද්ගලයන්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි.

ජායාරුපය : Damitha Abeyrathne ෆේස්බුක් පිටුවෙන්

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you