NewsDamitha Abeyaratne දමිතා සහ සැමියා සැකකරුවන් ලෙස නම් කෙරේ

Damitha Abeyaratne දමිතා සහ සැමියා සැකකරුවන් ලෙස නම් කෙරේ

-

spot_img

Damitha Abeyaratne – කොරියාවේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (මාර්තු 6) කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දන්වා තිබිණි.

ඉහත සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙසට දමිතා අබේරත්න හා ඇගේ සැමියා නීතිඥවරයෙකු මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඊට අදාළව ලිඛිත කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැන්වූ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් පමණක් සැකකරුවන් ලෙස නම් කරන ලෙසට කළ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් දෙදෙනා එම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කරන බව මහේස්ත්‍රාත්වරයාට වෙත දැනුම් දී තිබිණි.

එම අපේක්ෂිත ඇප ඉල්ලීමට අදාළ කරුණු ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන බව දමිතා අබේරත්න යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැන්වූ බැවින්, එම යුවළගේ මුදල් වංචා සිද්ධිය හා අපේක්ෂිත ඇප ඉල්ලීම මෙම මස 20 වන දින නැවත කැඳවීමට අධිකරණයෙන් නියෝග කෙරිණි. එම මුදල් වංචා සිද්ධියට අදාළව දමිතා අබේරත්න යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙරදී අධිකරණයෙන් ඉල්ලීමක් කළ නමුත් සැකකරුවන් ලෙස නම් කර නොමැති පුද්ගලයන්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි.

ජායාරුපය : Damitha Abeyrathne ෆේස්බුක් පිටුවෙන්

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you