NewsCPSTL ඛනිජ තෙල් ගබඩාවේ දත්ත ලක්ෂ ගාණක් මකලා

CPSTL ඛනිජ තෙල් ගබඩාවේ දත්ත ලක්ෂ ගාණක් මකලා

-

spot_img

CPSTL – වෝහාරික විගණනයකින් හෙළි වී ඇති ආකාරයට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ 2010 වසරේ සිට 2022 වසර දක්වා වූ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධ තොරතුරු දත්ත ලක්ෂ 13ක් එහි ප්‍රධාන පද්ධති යෙදුමෙන් (Sales and Distribution Module – SAP) සම්පූර්ණයෙන්ම මකා දමා හෝ වෙනස් කර ඇතැයි කියවේ. මෙය සිදුව ඇත්තේ ජනතාව ඉන්ධන පෝලිම්වල මියයන තත්ත්වයක් නිර්මාණය වූ ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අනාවරණය සිදුව තිබේ.

අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිල්ල කර තිබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මීට පෙර සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයකදී තොරතුරු පද්ධතියේ දත්ත විකෘති කිරීම මගින් ඉන්ධන ලීටර් මිලියන හතරක් අනීතිකව විකිණීමක් අනාවරණය වීම පදනම් කරගෙන ය. මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියේ KPMG ආයතනය විසින් සිදුකළ වෝහාරික විගණනයේ හඳුනාගත් මූලික කරුණු ඊයේ (පෙබ. 15) සවස එම ආයතනයේ නියෝජිතයන් විසින් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබූ බව ය. ඒ අනුව, 2010 වසරේ සිට තොරතුරු දත්ත ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් මකා දමා හෝ වෙනස් කර ඇති බව ද ඉන් බහුතරය 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ සිදුව ඇති බව ද ඇමතිවරයා පැවසිය.

Image Source: CPSTL

 

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you