NewsPolice Shot Dead නාරම්මල පොලිස් වෙඩි තැබීමේ නවතම තොරතුරු

Police Shot Dead නාරම්මල පොලිස් වෙඩි තැබීමේ නවතම තොරතුරු

-

spot_img

Police Shot Dead – නාරම්මල පොලිස් වසම තුළ ඉකුත් 18 වෙනිදා සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය සඳහන් කර තිබිණි. එම පරීක්ෂණ වල මුලික අදියර ලෙස ඊයේ (ජනවාරි 19) දින සිට ක්‍රියාත්මක වන පරිදි එම උපපොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේය.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, 41 හැවිරිදි මහරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් ප්‍රකාශකවරයාට අනුව, නාරම්මල – රන්මුතුගල ප්‍රදේශයේදී වැටලීම් රාජකාරියකට ගොස් සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු විසින්, අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් හඹාගෙන ගොස් එම ලොරි රථය නැවැත්වූ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වී තිබිණි. මේ සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර, ඔහු නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේ මෙම නිලධාරීන් දෙදෙනා සිවිල් ඇඳුමින් සැරසී සිට ඇති අතර මිය ගිය පුද්ගලයාට වාහනය නතර කරන ලෙස සංඥා කර ඇත්තේ ද සිවිල් ඇඳුමෙන් සැරසී සිටින අවස්ථාවක බව ය. උපපොලිස් පරීක්ෂකවරයාගේ නොසැලකිලිමත්භාවය සහ ඔහු පොලිසියේ තිබෙන යම් යම් ක්‍රමවේදයන්ට බැහැරව කටයුතු කර ඇති බව පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් නිලධාරීන්ට විශේෂ රාජකාරි අවස්ථාවක සිවිල් ඇඳුමින් සහ ගිනිඅවි සහිතව යාමට හැකි බවත් මෙම සිදුවීමේදී අදාළ නිලධාරීන් එවැනි අවසරයක් ලබා ගෙන නොමැති බවත්, නිලධාරීන් දෙදෙනා ‘පොලිස්’ ලෙස සඳහන් නොවන යතුරුපැදියක ගමන් කර ඇති බවත් සඳහන් කළේය. තවද මියගිය රියදුරුගේ පවුලට ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් සහන සැළසීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Image Source: News – I Facebook Page

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you