More
    spot_img
    NewsPolice Shot Dead නාරම්මල පොලිස් වෙඩි තැබීමේ නවතම තොරතුරු

    Police Shot Dead නාරම්මල පොලිස් වෙඩි තැබීමේ නවතම තොරතුරු

    -

    spot_img

    Police Shot Dead – නාරම්මල පොලිස් වසම තුළ ඉකුත් 18 වෙනිදා සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය සඳහන් කර තිබිණි. එම පරීක්ෂණ වල මුලික අදියර ලෙස ඊයේ (ජනවාරි 19) දින සිට ක්‍රියාත්මක වන පරිදි එම උපපොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේය.

    මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, 41 හැවිරිදි මහරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් ප්‍රකාශකවරයාට අනුව, නාරම්මල – රන්මුතුගල ප්‍රදේශයේදී වැටලීම් රාජකාරියකට ගොස් සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු විසින්, අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් හඹාගෙන ගොස් එම ලොරි රථය නැවැත්වූ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වී තිබිණි. මේ සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර, ඔහු නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේ මෙම නිලධාරීන් දෙදෙනා සිවිල් ඇඳුමින් සැරසී සිට ඇති අතර මිය ගිය පුද්ගලයාට වාහනය නතර කරන ලෙස සංඥා කර ඇත්තේ ද සිවිල් ඇඳුමෙන් සැරසී සිටින අවස්ථාවක බව ය. උපපොලිස් පරීක්ෂකවරයාගේ නොසැලකිලිමත්භාවය සහ ඔහු පොලිසියේ තිබෙන යම් යම් ක්‍රමවේදයන්ට බැහැරව කටයුතු කර ඇති බව පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් නිලධාරීන්ට විශේෂ රාජකාරි අවස්ථාවක සිවිල් ඇඳුමින් සහ ගිනිඅවි සහිතව යාමට හැකි බවත් මෙම සිදුවීමේදී අදාළ නිලධාරීන් එවැනි අවසරයක් ලබා ගෙන නොමැති බවත්, නිලධාරීන් දෙදෙනා ‘පොලිස්’ ලෙස සඳහන් නොවන යතුරුපැදියක ගමන් කර ඇති බවත් සඳහන් කළේය. තවද මියගිය රියදුරුගේ පවුලට ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් සහන සැළසීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

    Image Source: News – I Facebook Page

    Latest news

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...

    Tilvin Silva කියන පිල්ලෙයාන් මුදාගැනීමේ මෙහෙයුම් ප්‍රධානී

    Tilvin Silvaපැරදුනු පිරිස විසින් ජනතාව නොමග යැවීමට බොරු ප්‍රකාශ කරමින්, ආණ්ඩුව යන ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති...

    GovPay දඩ ගෙවීමෙන් තැපෑල කඩාවැටිලද?

    GovPay රජය විසින් හඳුන්වා දී ඇති GovPay දඩ ගෙවීම් ක්‍රමවේදය හරහා තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් සිදු ‍‍නොවන බව තැපැල්පති...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 65

    Pini Muthu Palasa පිනි මුතු පලස මම දොරඟුලට අත තැබුවේ දෙගිඩියාවෙනි. ඒ කටහඬ කාගේද කියා සිතන්නට මම උත්සාහ කළෙමි. "කවුද චූටි...

    Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page