SportsZimbabwe Vs Sri Lanka ODI සහ T20 තරඟාවලියේ ජය...

Zimbabwe Vs Sri Lanka ODI සහ T20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

-

spot_img

Zimbabwe Vs Sri Lanka ක්‍රිකට් තරඟාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති තුන්වැනි විස්සයි-20 තරගය කඩුලු 9 කින් ජයගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. එම ලබාගත් ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම 2-1 ක් ලෙසින් සිම්බාබ්වේ සමග පැවති විස්සයි – 20 තරගාවලිය ජයග්‍රහණය කළා. මීට පෙර පැවැති එක්දින තරගාවලියද ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක ජයක් ලබාගත්තා.

ඊයේ (18) පැවති විස්සයි – 20 අවසන් තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම , ශ්‍රී ලංකික පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ලකුණු 82 කට දැවී ගියා. එය සිම්බාව්වේ කණ්ඩායමක් විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද වෙනවා. මීට පෙර ඔවුන්ගේ අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ වසර 2010 දී කොදෙව් පිලට එරෙහිව ගයනාවේදී පැවැති තරගයකදී ලකුණු 84 කට දැවී යාමයි.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 83, ඕවර 10.5 කින් ලබාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. නොදැවී ලකුණු 39 ක් ලබාගත් පැතුම් නිස්සංක තරගය අවසන් කළේ සිකන්දර් රාසාගේ පන්දුවකට එල්ල කල හයේ පහරකිනි.

මෙම තරගය සඳහා චරිත් අසලංක සහ කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා නොකළ අතර ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබුනා. සිම්බාබ්වේ කණ්ඩායමේ ද රයාන් බර්ල් කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට ටෝනි මුනියොංගා කණ්ඩායමට කැඳවා තිබුනා.

විස්සයි-20 තරඟාවලියේ වීරයා ඇන්ජෙලෝ මැතිව්ස්

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you