More
    spot_img
    SportsZimbabwe Vs Sri Lanka ODI සහ T20 තරඟාවලියේ ජය...

    Zimbabwe Vs Sri Lanka ODI සහ T20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

    -

    spot_img

    Zimbabwe Vs Sri Lanka ක්‍රිකට් තරඟාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති තුන්වැනි විස්සයි-20 තරගය කඩුලු 9 කින් ජයගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. එම ලබාගත් ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම 2-1 ක් ලෙසින් සිම්බාබ්වේ සමග පැවති විස්සයි – 20 තරගාවලිය ජයග්‍රහණය කළා. මීට පෙර පැවැති එක්දින තරගාවලියද ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක ජයක් ලබාගත්තා.

    ඊයේ (18) පැවති විස්සයි – 20 අවසන් තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම , ශ්‍රී ලංකික පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ලකුණු 82 කට දැවී ගියා. එය සිම්බාව්වේ කණ්ඩායමක් විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද වෙනවා. මීට පෙර ඔවුන්ගේ අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ වසර 2010 දී කොදෙව් පිලට එරෙහිව ගයනාවේදී පැවැති තරගයකදී ලකුණු 84 කට දැවී යාමයි.

    ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 83, ඕවර 10.5 කින් ලබාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. නොදැවී ලකුණු 39 ක් ලබාගත් පැතුම් නිස්සංක තරගය අවසන් කළේ සිකන්දර් රාසාගේ පන්දුවකට එල්ල කල හයේ පහරකිනි.

    මෙම තරගය සඳහා චරිත් අසලංක සහ කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා නොකළ අතර ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබුනා. සිම්බාබ්වේ කණ්ඩායමේ ද රයාන් බර්ල් කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට ටෝනි මුනියොංගා කණ්ඩායමට කැඳවා තිබුනා.

    විස්සයි-20 තරඟාවලියේ වීරයා ඇන්ජෙලෝ මැතිව්ස්

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page