More
    spot_img
    FeaturesYouTube සැත්කමක් නිසා කාන්තාවකට කෝමා

    YouTube සැත්කමක් නිසා කාන්තාවකට කෝමා

    -

    spot_img

    YouTube – මිලියන 1.9 ක Instagram ග්‍රාහකයින් ප්‍රමාණයක් ඇති වෛද්‍යවරයෙකුගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් YouTube වීඩියෝවක් නැරඹීමෙන් පසු ටෙක්සාස් හි “අනවශ්‍ය” දන්ත ශල්‍යකර්මයක් අතරතුර Fentanyl ඖෂධය අධි මාත්‍රාවක් ලබා දීමෙන් Florida හි කාන්තාවකගේ මොළයට හානි සිදුව ඇතැයි Fox News වාර්තා කරයි.

    2022 මැයි 10 වන දින ටෙක්සාස් හි Marble Falls හිදී සිදුකළ දන්ත ශල්‍යකර්මයකදී, Maria Lugo Querales නම් මෙම කාන්තාව Jerry Teague නම් වෛද්‍යවරයා විසින් නිර්වින්දනයට ලක් කිරීමෙන් පසු මිය යාමට ආසන්න තත්වයට පත්ව පැය 24 ක හදිසි ප්‍රතිකාර ලබාදී තිබේ. ඇගේ සැමියා වන Luis Espana, වෛද්‍යවරයා සිය බිරිඳට පළමුව intubating ඖෂධය ලබා නොදී අධික ලෙස නිර්වින්දන ඖෂධ ලබා දුන්නේයැයි චෝදනා කරන බව The New York Post වාර්තා කරයි. ඇය මුලින්ම ෆ්ලොරිඩාවේ දන්ත වෛද්‍ය ප්‍රතිකාරයට පැමිණ ඇත්තේ ‘cavitations’ රෝග ලක්ෂණ රහිත මූල ඇල ප්‍රතිකාර කළ දතක් නිස්සාරණය කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටියක් සඳහා බව නඩු වාර්තාවේ සඳහන් වේ. පොලිස් වාර්තාවක් උපුටා දක්වමින් San Antonio Express-News වාර්තා කළේ, ඇයට Fentanyl, sedative midazolam සහ නිර්වින්දක lidocaine සමඟ ප්‍රතිකාර කර ඇති බවයි.

    you tube coma

    වින්ඳිත කාන්තාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට පිළිකාවක් ඇති බව මෑතකදී හඳුනාගෙන ඇති බවත් ජීවත් වීමට ඇත්තේ වසරකට වඩා අඩු කාලයක් බවත් ඔහුගේ බිරිඳ පැවසු බව නඩු වාර්තාවේ සඳහන් වේ. ශල්‍යකර්මය කළ දිනයේ වෛද්‍යවරයාගේ එකම රෝගියා මෙම කාන්තාව වී ඇති අතර ශල්‍යකර්මයට සහභාගී වූ අනෙකුත් දන්ත වෛද්‍යවරුන් නිර්වින්දනය සඳහා ඇයගේ අවසරය ලබා නොගත් බව නඩුවේදී චෝදනා නැඟෙයි. එමෙන්ම මෙම වෛද්‍යවරයා, 2016 වසරේදී වැඩ තහනමට ලක්ව ඇති අතර එරට රාජ්‍ය දන්ත පරීක්ෂක මණ්ඩලය විසින් වසර තුනකට ඔහුගේ ප්‍රායෝගික වෛද්‍ය ප්‍රතිකාර තහනම් කර තිබී ඇතැයිද වාර්තා වේ. එම අත්හිටුවීම 2019 වසරේදී අවසන් වීමෙන් පසුව Marble Falls සායනයේ සේවයට පැමිණ තිබේ.

    you tube coma

    මෙම ශල්‍යකර්මයෙන් සති දෙකකට පසුව 70 හැවිරිදි වෛද්‍යවරයා මියගොස් ඇති අතර අදාළ කාන්තාව මේ වනවිට ෆ්ලොරිඩාවේ ස්නායු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක, Tracheotomy හරහා හුස්ම ගනිමින් නලයක් ආධාරයෙන් පෝෂණය සඳහා ආහාර ලබා ගන්නා බව වාර්තා වේ.

    -Fox News ඇසුරෙනි- by Louis Casiano

    Image Source: Middle East Monitor / Fox News

    Latest news

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...
    - Advertisement -spot_img

    Hair Care Routine අකලට වයස නොයන නිරෝගී කෙස් කළඹක්

    Hair Care Routine - නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කවුරුත් කැමතියි. නමුත් අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවී යාම වැනි...

    Tharu Mal Viyan තරු මල් වියන් – 07

    Tharu Mal Viyan තරු මල් වියන් රැකියාවට පැමිණි පළමු දිනයේ තිදෙනාගේම සිත් තුළ වූයේ චකිතයක් මුසු හැඟීමක් වුවද එය ඉතා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page