NewsGang Rape ගැබිනි මව සමූහ දූෂණය කර නිදහස්වූ වරදකරුවන්...

Gang Rape ගැබිනි මව සමූහ දූෂණය කර නිදහස්වූ වරදකරුවන් නැවත බන්ධනාගාරයට

-

spot_img

Gang Rape – නිදහසින් පසු ආගමික නොසන්සුන්තාවයේ දරුණුතම සිදුවීමක් අතරතුර ගැබිනි කාන්තාවක් සමූහ දූෂණය කිරීම සහ ඇගේ පවුලේ අය ඝාතනය කිරීමේ සිදුවීමට, සාක්ෂි විකෘති කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු සහ වෛද්‍යවරුන් දෙදෙනෙකු වරදකරුවන් බව ඉන්දීය අධිකරණය විසින් තීන්දු කරන ලදී.

2002 වසරේදී බටහිර ගුජරාට් ප්‍රාන්තයේ ඇති වූ ආගමික කෝලාහල අතරතුර Bilkis Bano සමූහ දූෂණයට ලක් වූ අතර ඇගේ ඥාතීන් හත් දෙනෙකු මරා දමන ලදී. ඇගේ දූෂකයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. මෙම කෝලාහල සමයේ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වුයේ වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi ය. ඔහුගේ භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් නායකත්වය දෙන ගුජරාට් ප්‍රාන්ත රජය විසින් පිහිටුවන ලද උපදේශක මණ්ඩලයක් විසින් ගනු ලැබූ තීරණයකට අනුව වරදකරුවන් වසර 14 ක් සිරදඬුවම් විඳීමෙන් පසු 2022 අගෝස්තු මාසයේදී නිදහස් කරන ලදී. ප්‍රාන්ත රජය ගත් මෙම තීරණය ඊයේ [8 වෙනි සඳුදා] ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළ අතර ඔවුන් නැවත බන්ධනාගාරයට යැවීමට නියෝග කළේය.

Gang Rape

බානෝට එරෙහි අපරාධය සිදු වූයේ 2002 පෙබරවාරි මාසයේදී ගුජරාටයේ බහුතර හින්දු සහ සුළුතර මුස්ලිම් ප්‍රජාව අතර සියවස් ගණනක් පැරණි බෙදීම් පුපුරා ගිය අවස්ථාවේදීය. එය ඉන්දියාවේ දරුණුතම ආගමික කෝලාහලවලින් එකක් වූ අතර, 1,000 කට වැඩි පිරිසක් මරණයට පත්වූ අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මුස්ලිම්වරු වූහ. ඒ වන විට 21 හැවිරිදි ගැබිනියක් වූ බිල්කිස් බානෝ, සමූහ දූෂණයට ලක්ව තිබුණේ, හින්දු ආගමික කෝලාහලකරුවන් අතිනි. එම පිරිස ඇගේ 3 හැවිරිදි දියණිය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයින් 14 දෙනෙකු ඝාතනය කර තිබිණි. ඇය උසාවියට පවසා තිබුණේ, මිනිසුන් කඩු, පොලු සහ දෑකැති රැගෙන ඔවුන් වෙත දිව ආ බවයි. උසාවි ලේඛනවලට අනුව, එක් අයෙක් ඇගේ කුඩා දියණිය අල්ලා පොළොවේ ගසා ඇත. මිනිසුන් තිදෙනෙක් ඇයව දූෂණය කළ අතර අනෙක් අය ඇගේ සහෝදරියන්ට, නැන්දාට සහ ඔවුන්ගේ දියණියන්ට පහර දී තිබේ.

Gang Rape

සෑම විනාඩි 17කට වරක්ම කාන්තාවක් දූෂණයට ලක්වන බව රජයේ දත්ත පෙන්වන රටක, මෙම වරදකරුවන් නිදහස් කිරීම මුස්ලිම්වරුන්ට පමණක් නොව සමස්ථ කාන්තා අයිතීන්ටම එල්ල වන ප්‍රහාරයක් ලෙස පෙන්වා දුන් බානෝගේ ආධාරකරුවන්, මෙම උසාවි තීන්දුව උත්සවශ්‍රීයෙන් සමරනු දක්නට ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

-CNN News ඇසුරෙනි- by Manveena Suri, Aishwarya SIyer and Jessie Yeung.

Image Source: Geo TV / Getty Image

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you