NewsOscar Pistorius පෙම්වතිය මරා දැමූ පැරාලිම්පික් ක්‍රීඩකයා නිදහස්

Oscar Pistorius පෙම්වතිය මරා දැමූ පැරාලිම්පික් ක්‍රීඩකයා නිදහස්

-

spot_img

Oscar Pistorius – “Blade Runner” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ලෝක ප්‍රකට පැරාලිම්පික් ක්‍රීඩක Oscar Pistorius සිය පෙම්වතිය වන Reeva Steenkamp ඝාතනය කිරීමට වරදකරු වී සිරගතව වසර 11කට පසු දකුණු අප්‍රිකානු සිරකඳවුරකින් නිදහස ලබා තිබේ. 37 හැවිරිදි ඔහු, සිය පෙම්වතියට වෙඩි තබා මරාදැමීමේ සිද්ධියට, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් 2013 වසරේදී අභියාචනාධිකරණයක් විසින් ලබාදුන් තීන්දුව අවලංගු කිරීමෙන් පසුව 2015 වසරේදී මිනීමැරුම් චෝදනාවට වරදකරු විය.

Oscar Pistorius

මිය යන විට 29 වැනි වියේ පසුවූ ඔහුගේ පෙම්වතිය වූ Reeva, නීති උපාධිධාරිනියක් සහ නිරූපිකාවක් වූ අතර ඇය රූපවාහිනී ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කළ අතර “Tropika Island of Treasure” නම් රියැලිටි වැඩසටහනකද පෙනී සිටියාය. 2013 පෙබරවාරි 14 වැනි දින අළුයම ප්‍රිටෝරියා හි පිහිටි සිය පෙම්වතා වූ Oscar ගේ නිවසේ වැසිකිලි කුටියක තිබී ඇගේ මළසිරුර සොයාගන්නා ලදී. වැසිකිළියේ දොර හරහා පිස්තෝලයකින් තැබූ වෙඩි පහර හතරක් හේතුවෙන් මරණය සිදුවී ඇති බව තහවුරු වූ අතර ඒ වන විට ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාවයට මාස තුනකි.

Reeva Steenkamp

ඔස්කාර්ගේ පාදවල යටි කොටස් කපා දමා ඇත්තේ ඔහුට වයස අවුරුද්දකට වඩා අඩු කාලයකදීය. පසුව කෘත්‍රීම පාද කෙරෙහි විශ්වාසය තැබූ ඔහු, “බ්ලේඩ් ධාවකයා” ලෙසින් හැඳින්වෙන ලෝක ප්‍රකට මලල ක්‍රීඩකයෙකු බවට පත්විය. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ආබාධිත නොවන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට එරෙහිව තරඟ වැදීමෙන් පැරාලිම්පික් තරඟාවලියේදී රන් පදක්කම් කිහිපයක් දිනාගත් ඔහු, ධාවන පථයේ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කළේය.

Oscar Pistorius

දකුණු අප්‍රිකානු නීතියට අනුව, සියලුම වැරදිකරුවන්ට ඔවුන්ගේ සම්පූර්ණ සිරදඬුවමෙන් අඩක් ගෙවා අවසන් වූ පසු parole සඳහා සලකා බැලීමට හිමිකම් ඇත. දකුණු අප්‍රිකාවේ නිවැරදි කිරීමේ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔහුට ඉහළ මහජන ප්‍රසාදයක් සහ ප්‍රතිරූපයක් ඇති නමුත්, පෙරෝල් මත සිටින සාමාන්‍ය චුදිතයෙකුට සළකනු ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ ඔහුගේ දඬුවම 2029 දී අවසන් වන තුරු පවතින බවත්, නිවසට කොටු වී මත්පැන් පානය කිරීම තහනම් කර ඇති බව සහ මාධ්‍යයට කතා කිරීමට අවසර නොමැති, දැඩි කොන්දේසි යටතේ ඔහුට ජීවත් වීමට සිදුවන බවයි.

-BBC News ඇසුරෙනි-

Image Source: Eks Paper / E Online / Getty Image

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you