More
    ArtJohnny Ruffo ජනප්‍රිය රූපවාහිනී තරුව මොළයේ පිළිකාවකින් මියයයි

    Johnny Ruffo ජනප්‍රිය රූපවාහිනී තරුව මොළයේ පිළිකාවකින් මියයයි

    -

    spot_img

    Johnny Ruffo – Soap Home and Away රුපවාහිනි කතා මාලාවෙන් අතිශය ජනාදරයට පත්වූ ඔස්ට්‍රේලියානු රංගන ශිල්පියෙකු සහ ගායකයෙකු වූ Johnny Ruffo මොළයේ ඇතිවූ පිළිකාවක් හේතුවෙන් අද [10 වෙනි සිකුරාදා] මියගොස් තිබේ. කාලයක් තිස්සේ මෙම පිළිකා තත්වය සමඟ දරුණු සටනක නිරතව සිටි ඔහු මියයන විට වයස අවුරුදු 35 කි.

    Johnny Ruffo

    ඔහු මොළයේ පිළිකාවකින් පසුවන බව සොයාගන්නා ලද්දේ 2017 වසරේදීය. එතැන් පටන් ඔහු පිළිකාවන්ගෙන් පිඩා විඳින පිරිස් වෙනුවෙන් අරමුදල් එක්රැස් කළ අතර ඔවුන්ව දිරිමත් කිරීම සහ දැනුවත් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරන්නට කාලය ගතකර තිබිණි. පිළිකා රෝගයකින් පෙලෙන බව හඳුනාගැනීමත් සමඟම සිය වෘත්තීය ජීවිතයට සමුදුන් ජොනී රෆෝ, සමාජ සේවා කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට විය. 2019 වසර වනවිට ඔහුගේ රෝග තත්වය සාමාන්‍ය අතට හැරී තිබුණද, 2020 වසරේදී එය යළි උත්සන්න වන්නට පටන් ගෙන තිබිණි.

    Johnny Ruffo

    බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර උපත ලද ඔහු 2011 වසරේ X Factor රියැලිටි වැඩසටහනට එක්වීමත් සමඟ අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඊට අමතරව ඔහු කේවල ගීත කිහිපයක් නිකුත් කිරීමටත්, Dancing with the Stars හි වාරයක් ජයග්‍රහණය කිරීමටත්, Soap Home and Away කතා මාලාවේ Chris Harrington ගේ චරිතයට වසර තුනක් රංගනයෙනුත් එක්ව තිබේ. ඔහු මිය යෑමට ආසන්න කාලයේ Channel 10 නාලිකාව සමඟ සාකච්ජාවකට එක්වෙමින් පවසා තිබුණේ “පරීක්ෂණ වලින් මගේ උපරිම ආයු කාලය වසර තුනක් බව කියවුණා. එදා ඉඳලා මේ වෙනකොට මම වසර පහක් ජීවත්වෙලා තියනවා. ඉතිං දැනටමත් මං දිනුම් නේද?” යනුවෙනි. ඔහු මියයනතෙක් ඔහුව රැකබලාගනිමින් ජීවත්ව තිබුණේ ඔහුගේ සහකාරිය වූ Tahnee Sims විසිනි.

    -BBC News ඇසුරෙනි- by Tiffanie Turnbull

    Photo Credits: Back to the bay / Daily Express

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page