More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsVisit Visa වලින් ගිහින් Job Visa ගන්න බෑ

    Visit Visa වලින් ගිහින් Job Visa ගන්න බෑ

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Visit Visa – ශ්‍රීලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් දිනෙන්,දින රටහැර යන පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ යන බව පෙනෙන්නට තිබේ. එසේ රටින් පිටවන බොහොමයක් දෙනා මෙරටින් පිටවීම සඳහා යොදාගනු ලබන්නේ සංචාරක විසා ක්‍රමවේදයයි. කිසියම් රටකට ඇතුල්වී රැකියාවක් සොයාගැනීම ඔවුනගේ අරමුණයි. තත්වය මෙසේ තිබියදී සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළුවී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය මෙම මාසයේ මුලසිට අත්හිටුවීමට ඕමාන රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එම නීතියට අදාළව මින් ඉදිරියට සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළුවන කිසිවෙකුට එය රැකියා විසා බලපතක් බවට පරිවර්තනය කිරීමට අවස්තාවක් නොමැති බවයි පැවසෙන්නේ.

    මින් පෙරාතුව සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළුවන්නන් සඳහා අදාළ තානාපති කාර්යාලවල “විරෝධතාවක් නොමැති” බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංචාරක වීසාපත රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලබා දුන් අතර, මෙම තීරණය අනුව එම අවස්ථාවද නතර කර තිබේ. සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළුවූ පුද්ගලයෙකුට ඕමානයේ රැකියාවක් ලබාගැනීමටනම්, එරටින් පිටවී යළි රැකියා වීසා බලපත්‍රයක් සමඟ ඕමානයට ඇතුළු විය යුතුය.

    visit visa

    බොහෝ ශ්‍ර‍ී ලාංකිකයින් නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින්,රැකියා සඳහා යොමු වුවත්, ජාවාරම්කරුවන්ගේ වංචාවලට හසුවන ඇතැමුන් සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළුවී විවිධ හිරිහැරවලට ලක්වූ අවස්ථා පසුගිය සමයේ වාර්තාවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එබැවින් සංචාරක වීසා මගින් ඕමානයට ගොස් රැකියාවක් ලබාගැනීමට කිසිඳු අවස්ථාවක් හිමි නොවන බැවින්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශගත රැකියා අපේක්ෂාවෙන් මෙරටින් පිටවන ශ්‍රී ලාංකිකකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

    Photo Credits: Beyondtheroute

     

    Latest news

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 11

    Hima Mal Renu හිම මල් රේණු නදීරා සිටියේ යම් තරමකට බියෙනි. කෝපය නිසා මම වෙව්ලන්නට වුවද පන්තියට පැමිණ සුළු මොහොතක්...

    Hima Mal Renu හිම මල් රේණු – 10

    Hima Mal Renu හිම මල් රේණු පසුදින මා අවදි වන විට බොහෝ පමා වී තිබිණ. අපි නිවසට එන විට පාන්දර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page