NewsVisit Visa වලින් ගිහින් Job Visa ගන්න බෑ

Visit Visa වලින් ගිහින් Job Visa ගන්න බෑ

-

spot_img

Visit Visa – ශ්‍රීලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් දිනෙන්,දින රටහැර යන පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ යන බව පෙනෙන්නට තිබේ. එසේ රටින් පිටවන බොහොමයක් දෙනා මෙරටින් පිටවීම සඳහා යොදාගනු ලබන්නේ සංචාරක විසා ක්‍රමවේදයයි. කිසියම් රටකට ඇතුල්වී රැකියාවක් සොයාගැනීම ඔවුනගේ අරමුණයි. තත්වය මෙසේ තිබියදී සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළුවී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය මෙම මාසයේ මුලසිට අත්හිටුවීමට ඕමාන රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එම නීතියට අදාළව මින් ඉදිරියට සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළුවන කිසිවෙකුට එය රැකියා විසා බලපතක් බවට පරිවර්තනය කිරීමට අවස්තාවක් නොමැති බවයි පැවසෙන්නේ.

මින් පෙරාතුව සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළුවන්නන් සඳහා අදාළ තානාපති කාර්යාලවල “විරෝධතාවක් නොමැති” බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංචාරක වීසාපත රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලබා දුන් අතර, මෙම තීරණය අනුව එම අවස්ථාවද නතර කර තිබේ. සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළුවූ පුද්ගලයෙකුට ඕමානයේ රැකියාවක් ලබාගැනීමටනම්, එරටින් පිටවී යළි රැකියා වීසා බලපත්‍රයක් සමඟ ඕමානයට ඇතුළු විය යුතුය.

visit visa

බොහෝ ශ්‍ර‍ී ලාංකිකයින් නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින්,රැකියා සඳහා යොමු වුවත්, ජාවාරම්කරුවන්ගේ වංචාවලට හසුවන ඇතැමුන් සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළුවී විවිධ හිරිහැරවලට ලක්වූ අවස්ථා පසුගිය සමයේ වාර්තාවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එබැවින් සංචාරක වීසා මගින් ඕමානයට ගොස් රැකියාවක් ලබාගැනීමට කිසිඳු අවස්ථාවක් හිමි නොවන බැවින්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශගත රැකියා අපේක්ෂාවෙන් මෙරටින් පිටවන ශ්‍රී ලාංකිකකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

Photo Credits: Beyondtheroute

 

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you