NewsMirza Fakhrul බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට

Mirza Fakhrul බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට

-

spot_img

Mirza Fakhrul – බංගලාදේශ BNP පක්ෂයේ මහලේකම් මෙන්ම විපක්ෂ නායකවරයා වන Mirza Fakhrul Islam Alamgir ඇතුළු එම පක්ෂයේ පිරිසක්, Dhaka හි පැවති ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩ විරෝධතාවයකින් පසුව අත්අඩංගුවට ගෙන ඇති වාර්තා වනවා. අගමැතිනි Sheikh Hasina ඉල්ලා අස්විය යුතු යැයි පවසමින් සති අන්තයේ දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් මෙම විරෝධතාවයට පැමිණ සිටි බව පැවසෙයි.

මෙම විරෝධතාවයේදී පොලිස් නිලධාරියෙකු සහ එක් විරෝධතාකරුවෙකු මිය ගිය ගිය බව වාර්තා වන අතර 75 හැවිරිදි අලම්ගීර් අත්අඩංගුවට ගැනීමට හේතුව සම්බන්ධයෙන් පරස්පරතා ඇතිව තිබේ. බංග්ලාදේශයේ අගවිනිසුරුවරයාගේ නිවසට එල්ල වූ බව කියන ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඔහු රඳවාගෙන සිටි බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි. නමුත් AFP ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ සෙනසුරාදා විරෝධතාවයේදී පොලිස් නිලධාරියා මිය යාමෙන් පසු මිනීමැරුම් චෝදනාවකට ඔහුට සහ තවත් BNP සාමාජිකයින් 164 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවයි. පොලිස් නිලධාරියා කපා කොටා ඝාතනය කර ඇති බව පැවසෙන අතර, ඝාතනය සම්බන්ධයෙන් BNP ක්‍රියාකාරීන්ට චෝදනා එල්ලවී තිබේ. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඊයේ [29 වන ඉරිදා] නැවත ස්ථාන කිහිපයකදී ගැටුම් ඇතිව තිබෙන අතර විශාල පිරිසක් තුවාල ලැබූහ.

හිටපු අගමැතිනී Khaleda Zia දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන වසර පහකට සිරගත කළ දා සිට අලම්ගීර් විපක්ෂ නායකත්වයට පත්ව තිබේ. එළැඹෙන ජනවාරි මාසයේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, BNP පක්ෂය ෂීක් හසීනාට එරෙහිව විරෝධතා පවත්වමින්, ඇයට ඉල්ලා අස්වන ලෙසත් මධ්‍යස්ථ රජයක් යටතේ ඡන්දයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටියි. BNP පක්ෂයේ ප්‍රකාශක Zahir Uddin Swapan පැවසුවේ පසුගිය සතිය තුළ පක්ෂ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් 3,000 කට ආසන්න ප්‍රමාණයක් රඳවාගෙන ඇති අතර, ඩකා පොලිසිය පැවසුවේ අවම වශයෙන් විපක්ෂ ක්‍රියාකාරීන් 1,480 ක් අත්අඩංගුවට ගෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති බවයි. සෙනසුරාදා විරෝධතා අතරතුර අත්අඩංගුවට ගත් 700කට ආසන්න පිරිසක් ද ඊට ඇතුළත් ය.

බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයාගේ දියණිය වන ෂීක් හසිනා 2009 සිට බලයේ සිටින අතර, ක්‍රියාකාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගත් බවට චෝදනා එල්ල වී ඇති අතර, ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. බංග්ලාදේශයේ දේශපාලනය තුළ දිගු කලක් තිස්සේ ආධිපත්‍යය දරන්නේ හසීනා සහ ෂියා පාලනයයි. බලය වෙනුවෙන් ඔවුන් දෙදෙනා නියෝජනය කරන දේශපාලන කඳවුරු දෙක අතර නිතර ගැටුම් ඇතිවන අතර ඔවුන් දෙදෙනාම බංග්ලාදේශයේ අගමැතිනියන් ලෙස කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

-BBC News ඇසුරෙනි- by Oliver Slow

Photo Credits: www.epanews.com

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you