NewsMirza Fakhrul බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට

Mirza Fakhrul බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට

-

spot_img

Mirza Fakhrul – බංගලාදේශ BNP පක්ෂයේ මහලේකම් මෙන්ම විපක්ෂ නායකවරයා වන Mirza Fakhrul Islam Alamgir ඇතුළු එම පක්ෂයේ පිරිසක්, Dhaka හි පැවති ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩ විරෝධතාවයකින් පසුව අත්අඩංගුවට ගෙන ඇති වාර්තා වනවා. අගමැතිනි Sheikh Hasina ඉල්ලා අස්විය යුතු යැයි පවසමින් සති අන්තයේ දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් මෙම විරෝධතාවයට පැමිණ සිටි බව පැවසෙයි.

මෙම විරෝධතාවයේදී පොලිස් නිලධාරියෙකු සහ එක් විරෝධතාකරුවෙකු මිය ගිය ගිය බව වාර්තා වන අතර 75 හැවිරිදි අලම්ගීර් අත්අඩංගුවට ගැනීමට හේතුව සම්බන්ධයෙන් පරස්පරතා ඇතිව තිබේ. බංග්ලාදේශයේ අගවිනිසුරුවරයාගේ නිවසට එල්ල වූ බව කියන ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඔහු රඳවාගෙන සිටි බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි. නමුත් AFP ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ සෙනසුරාදා විරෝධතාවයේදී පොලිස් නිලධාරියා මිය යාමෙන් පසු මිනීමැරුම් චෝදනාවකට ඔහුට සහ තවත් BNP සාමාජිකයින් 164 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවයි. පොලිස් නිලධාරියා කපා කොටා ඝාතනය කර ඇති බව පැවසෙන අතර, ඝාතනය සම්බන්ධයෙන් BNP ක්‍රියාකාරීන්ට චෝදනා එල්ලවී තිබේ. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඊයේ [29 වන ඉරිදා] නැවත ස්ථාන කිහිපයකදී ගැටුම් ඇතිව තිබෙන අතර විශාල පිරිසක් තුවාල ලැබූහ.

හිටපු අගමැතිනී Khaleda Zia දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන වසර පහකට සිරගත කළ දා සිට අලම්ගීර් විපක්ෂ නායකත්වයට පත්ව තිබේ. එළැඹෙන ජනවාරි මාසයේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, BNP පක්ෂය ෂීක් හසීනාට එරෙහිව විරෝධතා පවත්වමින්, ඇයට ඉල්ලා අස්වන ලෙසත් මධ්‍යස්ථ රජයක් යටතේ ඡන්දයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටියි. BNP පක්ෂයේ ප්‍රකාශක Zahir Uddin Swapan පැවසුවේ පසුගිය සතිය තුළ පක්ෂ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් 3,000 කට ආසන්න ප්‍රමාණයක් රඳවාගෙන ඇති අතර, ඩකා පොලිසිය පැවසුවේ අවම වශයෙන් විපක්ෂ ක්‍රියාකාරීන් 1,480 ක් අත්අඩංගුවට ගෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති බවයි. සෙනසුරාදා විරෝධතා අතරතුර අත්අඩංගුවට ගත් 700කට ආසන්න පිරිසක් ද ඊට ඇතුළත් ය.

බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයාගේ දියණිය වන ෂීක් හසිනා 2009 සිට බලයේ සිටින අතර, ක්‍රියාකාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගත් බවට චෝදනා එල්ල වී ඇති අතර, ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. බංග්ලාදේශයේ දේශපාලනය තුළ දිගු කලක් තිස්සේ ආධිපත්‍යය දරන්නේ හසීනා සහ ෂියා පාලනයයි. බලය වෙනුවෙන් ඔවුන් දෙදෙනා නියෝජනය කරන දේශපාලන කඳවුරු දෙක අතර නිතර ගැටුම් ඇතිවන අතර ඔවුන් දෙදෙනාම බංග්ලාදේශයේ අගමැතිනියන් ලෙස කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

-BBC News ඇසුරෙනි- by Oliver Slow

Photo Credits: www.epanews.com

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you