NewsMigrant Crisis ශීතකළ ලොරියක සිරවී සිටි කාන්තාවෝ

Migrant Crisis ශීතකළ ලොරියක සිරවී සිටි කාන්තාවෝ

-

spot_img

Migrant Crisis – බී.බී .සී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වූ Khue Luu වෙත ලැබුණු නාඳුනන දුරකථන අනතුමකින් ‘ඔබ යුරෝපයේද? කරුණාකර අපට උදව් කරන්න’ යැයි පවසා තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ මාධ්‍යවේදිනිය ප්‍රංශ පොලිසිය හා සම්බන්ධ වෙමින් සිදුකළ මෙහෙයුමේදී ශීතකරණයක් සහිත ලොරි ට්‍රේලරයක සිරවී සිටි කාන්තාවන් හයදෙනෙකු පසුගිය බදාදා [27] ප්‍රංශයේ Rhone ප්‍රදේශයේදී සොයාගැනීමට සමත්ව තිබේ. අයර්ලන්තයේ ලියාපදිංචි මෙම ලොරි රථය Dunkirk ප්‍රදේශය වෙත කෙසෙල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබු අතර එතැන් සිට ඉතාලිය දක්වා ගමන් කිරීමට නියමිතව තිබු බව පැවසේ.

බී .බී .සී මාධ්‍යවේදිනිය දුරකතනයෙන් ඇමතූ කාන්තාව, තමන් ඇතුළු පිරිස හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පසුවන බව පවසා ඇති අතර ට්‍රේලරය තුළ ඇති පළතුරු පෙට්ටි සහ අවට පරිසරයේ ඇතැම් තොරතුරු සඳහන් කර තිබේ. ඒ තොරතුරු අනුව ක්‍රියාත්මක වූ මාධ්‍යවේදීන් සහ පොලිසිය ලොරි රථය සොයාගෙන තිබෙන අතර එහි සිටි වියට්නාම කාන්තාවන් සිව්දෙනෙකු සහ ඉරාක කාන්තාවන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව ඇත. පළමුව ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු කිසියම් අපරාධයකට සම්බන්ධදැයි සොයා බැලීමටය. එහෙත් ඔහු කාන්තාවන් එහි සිටින බැව් නොදැන සිටි බව තහවුරු වී තිබේ. මෙම කාන්තාවන් සිතා ඇත්තේ ලොරිය එංගලන්තය දෙසට ධාවනය වනු ඇති කියාය. එහෙත් දුරකථනය ඔස්සේ මඟ සලකුණු පරික්ෂා කිරීමෙන් අනතුරුව තමන් වැරදි දිශාවකට ගමන් කරන බැව් දැන ඔවුන් උදව් ඉල්ලා ඇති බව හෙළිව තිබේ. කාන්තාවන් බේරාගන්නා අවස්ථාවේ ලොරි රථයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 (42F) ක අගයක තිබු බව සඳහන්. කෙසේ වෙතත් ගලවා ගත් කාන්තාවන් හය දෙනාගෙන් හතර දෙනෙකු දින 30ක් ඇතුළත රට හැර යා යුතු බව ප්‍රංශ රජය දැනුම් දී ඇති අතර එසේ රටින් පිටවිය යුතු කාන්තාවන් හතර දෙනා කවුරුන්ද යන්න පැහැදිලි සඳහනක් නැත. අනෙක් දෙදෙනාට සරණාගත ඉල්ලීම් බලාපොරොත්තුවෙන් ප්‍රංශයේ රැඳී සිටීමට අවසර ලබාදී ඇති බව ප්‍රංශ රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

-BBC News ඇසුරෙනි- by Alys Davies

Photo Credits: www.bbcnews.com [Khue Luu – BBC Journalist who saved six women trapped in a refrigerated lorry in France.]

 

Latest news

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...
- Advertisement -spot_img

රත් දෝතළු – 79

රත් දෝතළු - 79 මම ඈ වෙත නැඹුරු වූයේ හිස් තේ කෝප්පය ස්ටූලය මත තබමිනි. "දෙන්නාහෙ ලව් එක නැඟලා යනවද...?" ඈ බොහෝ...

පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ

පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ - Kate Winslet බ්‍රිතාන්‍යය ජාතික නිළියක වන ඇය රංගන හැකියාවෙන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you