More
    spot_img
    NewsMigrant Crisis ශීතකළ ලොරියක සිරවී සිටි කාන්තාවෝ

    Migrant Crisis ශීතකළ ලොරියක සිරවී සිටි කාන්තාවෝ

    -

    spot_img

    Migrant Crisis – බී.බී .සී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වූ Khue Luu වෙත ලැබුණු නාඳුනන දුරකථන අනතුමකින් ‘ඔබ යුරෝපයේද? කරුණාකර අපට උදව් කරන්න’ යැයි පවසා තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ මාධ්‍යවේදිනිය ප්‍රංශ පොලිසිය හා සම්බන්ධ වෙමින් සිදුකළ මෙහෙයුමේදී ශීතකරණයක් සහිත ලොරි ට්‍රේලරයක සිරවී සිටි කාන්තාවන් හයදෙනෙකු පසුගිය බදාදා [27] ප්‍රංශයේ Rhone ප්‍රදේශයේදී සොයාගැනීමට සමත්ව තිබේ. අයර්ලන්තයේ ලියාපදිංචි මෙම ලොරි රථය Dunkirk ප්‍රදේශය වෙත කෙසෙල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබු අතර එතැන් සිට ඉතාලිය දක්වා ගමන් කිරීමට නියමිතව තිබු බව පැවසේ.

    බී .බී .සී මාධ්‍යවේදිනිය දුරකතනයෙන් ඇමතූ කාන්තාව, තමන් ඇතුළු පිරිස හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පසුවන බව පවසා ඇති අතර ට්‍රේලරය තුළ ඇති පළතුරු පෙට්ටි සහ අවට පරිසරයේ ඇතැම් තොරතුරු සඳහන් කර තිබේ. ඒ තොරතුරු අනුව ක්‍රියාත්මක වූ මාධ්‍යවේදීන් සහ පොලිසිය ලොරි රථය සොයාගෙන තිබෙන අතර එහි සිටි වියට්නාම කාන්තාවන් සිව්දෙනෙකු සහ ඉරාක කාන්තාවන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව ඇත. පළමුව ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු කිසියම් අපරාධයකට සම්බන්ධදැයි සොයා බැලීමටය. එහෙත් ඔහු කාන්තාවන් එහි සිටින බැව් නොදැන සිටි බව තහවුරු වී තිබේ. මෙම කාන්තාවන් සිතා ඇත්තේ ලොරිය එංගලන්තය දෙසට ධාවනය වනු ඇති කියාය. එහෙත් දුරකථනය ඔස්සේ මඟ සලකුණු පරික්ෂා කිරීමෙන් අනතුරුව තමන් වැරදි දිශාවකට ගමන් කරන බැව් දැන ඔවුන් උදව් ඉල්ලා ඇති බව හෙළිව තිබේ. කාන්තාවන් බේරාගන්නා අවස්ථාවේ ලොරි රථයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 (42F) ක අගයක තිබු බව සඳහන්. කෙසේ වෙතත් ගලවා ගත් කාන්තාවන් හය දෙනාගෙන් හතර දෙනෙකු දින 30ක් ඇතුළත රට හැර යා යුතු බව ප්‍රංශ රජය දැනුම් දී ඇති අතර එසේ රටින් පිටවිය යුතු කාන්තාවන් හතර දෙනා කවුරුන්ද යන්න පැහැදිලි සඳහනක් නැත. අනෙක් දෙදෙනාට සරණාගත ඉල්ලීම් බලාපොරොත්තුවෙන් ප්‍රංශයේ රැඳී සිටීමට අවසර ලබාදී ඇති බව ප්‍රංශ රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    -BBC News ඇසුරෙනි- by Alys Davies

    Photo Credits: www.bbcnews.com [Khue Luu – BBC Journalist who saved six women trapped in a refrigerated lorry in France.]

     

    Latest news

    Security beefed up ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කෙරේ

    Security beefed up - ලොව පුරා පිහිටි සිය රටට අයත් තානාපති කාර්යාලවල සේවය කරන දූත මණ්ඩලවල ආරක්ෂාව වැඩි කරන...

    Covid 19 අවදානම ලංකාවටත් බලපායිද?

    Covid 19 - මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට...

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...
    - Advertisement -spot_img

    Aishwarya Rai 22 වෙනි වතාවටත් කෑන්ස් රතු පලසේ

    Aishwarya Rai 2025 කෑන්ස් චිත්‍රපට උලෙළ සඳහා සහභාගී වී තිබෙනවා. Loreal Paris හි ගෝලීය තානාපතිනිය ලෙසින් ඇය මේ සඳහා...

    Zainab Jama සම්ප්‍රදායේ කිණිහිර මත තැලුණු සෝමාලියානු රූ රැජිනගේ කතාව

    Zainab Jama නම් සෝමාලියානු රූ රැජින ඉන්දියාවේ තෙලන්ගනා හි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරඟාවලියේ Head-to-Head Competition අදියරේදී...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page