NewsRussell Brand චැනල් ෆෝ නාලිකාවේ අලුත්ම හෙළිදරව්ව

Russell Brand චැනල් ෆෝ නාලිකාවේ අලුත්ම හෙළිදරව්ව

-

spot_img

Russell Brand – එංගලන්ත ජාතික හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු වන Russell Brand හට සිය කලා ජිවිතයේ කීර්තිමත්ම කාල පරිච්ජේදය තුළ ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර සහ චිත්තවේගීය අපයෝජනයන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ. මෙම චෝදනාව එල්ලවී ඇත්තේ The Sunday Times, The Times සහ Channel 4 Dispatches ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකදීය. මෙම විමර්ශනයේදී අපවාදාත්මක සහ කලහකාරී හැසිරීම් සම්බන්ධවද ඔහුට චෝදනා නැගී ඇති අතර විමර්ශන වාර්තාව සන්ඩේ ටයිම්ස්හි පළවී ඇති අතර, Dispatches වාර්තා චිත්‍රපටය, Russell Brand – In Plain Sight නමින් ඊයේ [16 වෙනි සෙනසුරාදා] චැනල් 4 නාලිකාව මඟින් විකාශය කොට තිබෙනවා.

Russell Brand

2006 සිට 2013 දක්වා කාලය තුළ තමන්ව ලිංගික අතවරවලට ලක් කළ බවට කාන්තාවන් හතර දෙනෙකු ඔහුට එරෙහිව චෝදනා කරයි. එක් කාන්තාවක පවසන්නේ බ්‍රෑන්ඩ් ඔහුගේ ලොස් ඇන්ජලීස් නිවසේදී ඇයව දූෂණයට කළ බවයි. එදිනම ඇය ප්‍රතිකාර ලැබු බව සනාථ කරන වෛද්‍ය වාර්තා ඇති බව . ටයිම්ස් පුවත්පත පවසයි. තවත් කාන්තාවක් පවසන්නේ ඔහු තමන්ව වයස අවුරුදු 16 දී අපයෝජනයට ලක්කළ බවත් එවකට ඇය පාසල් වියේ පසුවූ බවත්ය. එම සම්බන්ධතාවයේදී ඔහු තමාව “දරුවා” ලෙස හැඳින්වූ බව ඇය පවසා සිටි. ලොස් ඇන්ජලීස්හි ඔහු සමඟ වැඩ කරන අතරතුර බ්‍රෑන්ඩ් තමාට ලිංගික අතවර කළ බවත්, එය වෙනත් කෙනෙකුට පැවසුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔහු තමාට තර්ජනය කළ බව තවත් කාන්තාවක් කියා සිටී. ඔහු විසින් ලිංගික අතවර කළ බව කියන හතරවැනි කාන්තාව පවසන්නේ ඔහු ඇයට ශාරීරිකව හා චිත්තවේගීයව හිංසනය කළ බවයි.

Russell Brand

චෝදනා ප්‍රකාශයට පත්වී පැය කිහිපයක් ඇතුළත, රංගන ශිල්පියා වයඹ ලන්ඩනයේ Wembley Park Theatre හි ප්‍රසංගයක් ඉදිරිපත් කර තිබු අතර පැයක පමණ කාලයක් පැවති මෙම ප්‍රසංගයේදී ඔහුට නැඟෙන චෝදනා ගැන සඳහන් කර ඇති නමුත් ඔහුට කතා කළ නොහැකි දේවල් ඇති බව ඔහු ප්‍රේක්ෂකයන්ට පවසා තිබිණි. වීඩියෝවක් නිකුත් කරමින් ඔහු තමාට එරෙහිව එල්ල කරන “බරපතල අපරාධ චෝදනා” ප්‍රතික්ෂේප කළ අතර තමාට තිබු සියළු සබඳතා “සෑම විටම සම්මුතිවාදී” බව පැවසු ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමාට එරෙහිව රූපවාහිනී සමාගමකින් සහ පුවත්පතකින් “ආක්‍රමණශීලී ප්‍රහාර” එල්ල කරන බවයි.

-CNN News ඇසුරෙන් by Steven McIntosh

Photo Credit: www.famouspeople.com / www.pamedia.com

Latest news

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...
- Advertisement -spot_img

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you