NewsRecord rainfall වසර 140 කට පසු විශාලතම වර්ෂාපතනය

Record rainfall වසර 140 කට පසු විශාලතම වර්ෂාපතනය

-

spot_img

Record rainfall – වාර්තාගත ලෙස ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් Hong Kong සහ දකුණු චීනයේ නගර රැසක් දැඩි ගංවතුර තත්ත්වයෙන් පීඩා විදින බවට වාර්තා වේ. හොංකොංහි වීදි සහ දුම්රිය උමං මාර්ග ජලයෙන් යටවීම නිසා පසුගිය සතියේ පාසල් සහ සේවා ස්ථාන වසා දැමීමට බලධාරීන් කටයුතු කළේය. එරට කාලගුණ කාර්යාංශය සදහන් කළේ, පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ වර්ෂාපතනය වසර 140කට පසු එරටට බලපෑ විශාලතම වර්ෂාව බවයි. හදිසි සේවා ප්‍රකාශ කරන අන්දමට පුද්ගලයන් 100කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර මුදා ගැනීමේ මෙහෙයුම් කීපයක්ද සිදු කර තිබේ. සමහර ප්‍රදේශ වල මීටර් කීපයක් උසට නැගි ජලයෙන් බේරීම සදහා මිනිසුන් උස් ස්ථාන සහ වාහන උඩ නැගී සිටි අයුරු සමාජ මාධ්‍යවල දක්නට ලැබුණු බවද සදහන් වේ. රටේ ප්‍රධාන දිවයින සහ Kowloon අර්ධද්වීපය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් වන වරාය උමං මාර්ගයද ජලයෙන් යට වූ අතර, හොංකොංහි කදුකර ප්‍රදේශවල නායයෑම්ද වාර්තා විය. සමහර අධිවේගී මාර්ගද අවහිර වු බව සදහන් විය. ඊයේ [ සැප්තැම්බර් 8] බලධාරීන් “කළු අනතුරු ඇගවීමක්” කළ අතර එය ක්‍රියාත්මක වන්නේ පැයට 70mm ඉක්මවන වර්ෂාපතනයකදීය. නමුත් එදින රාත්‍රියේ 158.1mm ක වර්ෂාපතනයක් වාර්තා වු බව හොංකොං නිරීක්ෂණාගාරය නිකුත් කළ නිවේදනයේ සදහන් විය. 1884 වර්ෂාපතන වාර්තා කිරීම ආරම්භ වුදා පටන් එරටට පතිත වු විශාලතම වර්ෂාව මෙය බවද වාර්තා වේ.

Record rainfall

මේ අතර හොංකොං දේශසීමාව හරහා ඇති Shenzhen නගරයටද දැඩි වර්ෂාපතනයක් ලැබිමට සමගාමිව දකුණු චීනයේ ඇතැම් ප්‍රදේශ වලටද දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වෙයි. Guangdong පලාතේ සිය ගණනක් ගුවන් ගමන්ද අත්හිටුවා ඇති අතර පහත් බිම් වල සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙසටද දැනුම් දී තිබේ. දකුණු චීනයේ ජනාකීර්ණ වෙරලබඩ ප්‍රදේශවල මිලියන සංඛ්‍යාත ජනතාවක් ජීවත්වෙති. එහි පාලන අධිකාරිය හොංකොං වෙත දැනුම්දී ඇත්තේ ජලාශ වලින් ජලය මුදා හරින බවයි. මෙම තත්ත්වය නිසා ගංවතුර තත්ත්වය උග්‍ර වුයේදැයි හොංකොං වැසියන් ප්‍රශ්න කරන බව සමාජ මාධ්‍යවල සදහන් වනු දක්නට ලැබිණි. නමුත් හොංකොංහි ආරක්ෂක ප්‍රධානී Chris Tang ප්‍රකාශ කළේ එම ජලය මුදා හැරීම තම රටේ ජල ගැලීම්වලට කිසිදු සම්බන්ධයක් නැති බවත් එම ක්‍රියාව දෙරටේම ආරක්ෂාව සදහා ගත් ක්‍රියාමාර්ගයක් බවයි. මේ අතර චීනයේ කාලගුණ විද්‍යා පරිපාලනය සදහන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා එරට නිිිරිතදිග කලාපයේ අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

Record rainfall

-BBC News ඇසුරෙනි-

Photo Credit: www.bbcnews.com

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you