FeaturesNina ඇෆ්ගනිස්ථානයෙන් පලාගිය තරුණියකගේ කතාව

Nina ඇෆ්ගනිස්ථානයෙන් පලාගිය තරුණියකගේ කතාව

-

spot_img

Nina 19 හැවිරිදි ඇෆ්ගන් තරුණියකි. ඇය බංග්ලාදේශ සරසවියේ ඇයගේ කාමරයෙහි බොක්සිං අත්වැසුම් පැළඳ කණ්නාඩිය දෙස බලා සිටී. ඇය තමාව ආරක්ෂා කර ගැනීමට ඉගෙන ගනී. ඇය පවසන්නේ ඒ හැර තමාට වෙන විකල්පයක් නොමැති බවයි. ඇය අධ්‍යාපන සදහා සිය රටින් පිටවීමට වරම් ලද අතලොස්සක් ඇෆ්ගන් කාන්තාවන්ගෙන් කෙනෙකි. කිසිදා නැවත තම නිවසට යාමට නොහැකි බව දැන දැනම එරටින් පිටවු කෙනෙකි. මාස 12කට පමණ පෙර Kabul ගුවන්තොටුපළ හරහා ඇවිද ඇගේ ශක්තිය හීන වූ බවක් ඇයට මතකය. ඇගේ දෑත් වෙව්ලනවා ඇයට මතකය. ඇෆ්ගනිස්ථානයෙන් පලා යෑම භයානක බව ඇය දැන සිටියාය. ගුවන්තොටුපළ බලධාරීන් ඇගෙන් ප්‍රශ්න කරන විට ඇය පැවසුවේ “තමාගේ මව පාකිස්ථානයේ අසනීපයෙන් පසුවන” බවයි. ඇය ඔවුන්ට බොරු කීවේ තලෙයිබාන්වරු තනිවම කාන්තාවන්ට ගමන් කිරීමට ඉඩ නොදෙන නිසයි. නිලධාරීන් බොරු කියා රැවටුවද සැබෑ අභියෝගයට මුහුණ දීමට ඇත්තේ ඉදිරියේදී බව ඇය දනියි. ඇය ගුවන් යානයට ගොඩ වනවාත් සමගම සිය නිවසින් සදහටම පියවර එළියට තැබුවාය. “ඒ දවසේ මම ගොඩාක් ඇඩුවා..ඒ ආයෙ කවදාවත් මට මගේ අම්මාගේ මූණ බලන්න වෙන්නේ නැති බව දැනගෙන..ඒක මට දරාගන්න ගොඩාක් අමාරු වුණා..මම මගේ නංගිගේ හිත බින්දා..ඒවා ගැන හිතද්දීත් මට හරි වේදනයි” ඇය පැවසුවාය.

Nina

2021 අගෝස්තු මාසයේ තලෙයිබාන්වරු ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කර ගත් දා පටන් එරට කාන්තාවන්ගේ ජීවිත විශාල ලෙස වෙනස් විය. අවුරුදු 12ට පසු අධ්‍යාපනය ලැබීම,තමන්ට කැමති ඇදුමක් ඇදීම හෝ කිලෝමීටර් 72කට වඩා වැඩි දුරක් තනිව ගමන් කිරීමට ඹවුන්ට දැන් අවසර ලැබුණේ නැත. Nina ද කාන්තාවන් සදහා වන ආසියානු විශ්වවිද්‍යාලය [AUW] විසින් සංවිධානය කරන ලද වැඩසටහන් හරහා අධ්‍යාපනය සදහා එරටින් පිටවු කෙනෙකි. තලෙයිබාන්වරු බලයට පත් වු වහාම මෙම විශ්ව විද්‍යාලය වෙත ඇෆ්ගන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් උදව් ඉල්ලා ඇමතුම් ලැබීමට පටන් ගත්තේය. තමා ඔවුන් එරටින් ඉවත් කළ යුතුය යන අවබෝධයෙන් සිටි බව එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ Kamal Ahmad මහතා පවසයි.

Nina

බටහිර හමුදාවන් එරට හැර යද්දී AUW මැදිහත්ව කාන්තාවන් 148 දෙනෙකු කාබුල් නුවරින් ඉවත්කරගැනීමට සමත්විය. මේ සදහා පුහුණුකරුවන් 7 දෙනෙක් තුන් වතාවක් ගුවන්තොටුපළ වෙත ගමන් කළේ තමාට ඇති බිහිසුණු අවධානමද නොතකමිනි. අගොස්තු 26 වෙනිදා කාන්තාවන් පිටවීමේ පර්යන්තයට පැමිණෙන විටම ගුවන්තොටුපොළේ එක් ගේට්ටුවක් පිටත සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්පුද්ගලයන් 150 කට වැඩි පිරිසක් මිය ගියහ. “අතිශයින්ම බිහිසුණු ගමනකින් පසුව ගුවන්තොටුපොළ වෙත ගිය පිරිස එක්සත් ජනපද හමුදාව සමග ගුවන් යානයට ගොඩ වී සෞදි අරාබියට නිරුපද්‍රිතව පැමිණි බව” Ahmad මහතා පැවසීය. කාන්තාවන් 148 දෙනාම දැන් සිටින්නේ එක්සත් ජනපදය පුරා පිහිටා ඇති විශ්ව විද්‍යාල වලයි, එය නරක ප්‍රතිථලයක් නෙවෙන බව තමාට හැගෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය. එතැන් සිට මේ දක්වා ඇෆ්ගන් කාන්තාවන් 450 දෙනෙකු පමණ එරටින්ඉවත් කරගෙන ඇත. මෙම සිසුවියන් බංග්ලාදේශයේ විශ්ව විද්‍යාලයේ හෝ එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්ව විද්‍යාලය සහ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සහ මැන්චෙස්ටර් වැනි හවුල්කාර විශ්ව විද්‍යාල වෙත යවා ඇත. AUW තවත් කාන්තාවන්ට උපකාර කිරීමට බලාපොරොත්තු වන අතර ඔවුන්ගේ ඉලක්කය ඇෆ්ගන් කාන්තාවන් 1000 ක් වත් එරටින් සුරක්ෂිතව ඉවත්කරගෙන අධ්‍යාපනය ලැබීමට ඔවුන්ට ශිෂ්‍යත්ව ලබා දීමයි.

-BBC News ඇසුරෙනි-

Photo Credit: www.grounsounds.com /www.bbcnews.com

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you