NovelsShort StoriesThe Grandma ආත්තම්මා

The Grandma ආත්තම්මා

-

spot_img

The Grandma – ඉන්දියාවෙන් සමුගැනීමට නියමිත දිනයේ උදෑසනම සර්ලාබෙන් ඇගේ සුපුරුදු රාධා ක්‍රිෂ්ණා කෝවිල වෙත ගියාය. එය පසුගිය අවුරුදු හතලිස් තුන පුරාවටම ඈ යන්නට පුරුදුව සිටි කෝවිලයි. තම රියදුරු සමග ඇයට ඒ ගමන යා හැකි වුවත් සර්ලාබෙන්ට අවැසි වූයේ මුම්බායි නගරයේ සොඳුරු බව විඳිමින් වීදි දිගේ තනිවම ඇවිද යාමටය. වංගු සහිත ඩික්සිත් පාරේ ගමන් කරන්නද,සෘජු දුම්රිය මග ඇවිද යන්නද,පාර දෙපස ඇති නුග ගස් දෙස බලා සිටින්නද,ක්වීන්ස් සිනමා ශාලාවේ දර්ශනය වන චිත්‍රපට මොනවාදැයි බැලීමට නතර විය යුතුද යන්න තීරණය කිරීම ඇයටම අයත් දෙයක් වී තිබූ අතර රථයේ ගමන් කරන අවස්ථාවලදී රියැදුරු සන්තෝෂ් ඇගේ සෑම ඉල්ලීමකටම ඉඩ දුන්නේය.

මග දෙපස කුණු ගොඩවල් මත කපුටන් ලැගුම්ගෙන සිටියෝය. උදෑසනම ටෝස්ට්,ඉට්ලි,සාම්බාර්,බිත්තර,කෝපි සහ චායි සැකසෙන සුවඳ මහල් නිවාස කවුළුවලින් මාර්ගය දක්වා විහිදී ගියේය. මුම්බායි නගරය අවදිවෙමින් තිබුණි. ඇයට දැණුනේ සතුටකි. මව්වරු නිවාස පිරිසිඳු කරමින්,බඳුන්වලට දිය පුරවමින්,දරුවන් පාසල් යැවීමට ළහි ළහියේ සූදානම් කරවමින් කාර්යබහුලව සිටියෝය. බඩු බාහිරාදිය මිළට ගැනීමට මිනිසුන් රැස්ව සිටි අතර වෙළෙන්දන්ගේ කෑ ගැසීම දසත සිසාරා පැතිරුණි. එක්තරා නිවාස පේළියක් පසුකර යද්දී කාලය කොතරම් වේගයෙන් ගතව ඇත්දැයි සිතමින් ඈ පුදුම වූවාය.

Past Lust of Grandma

“නමස්තේ සර්ලාබෙන්! ඔබ අද අම්රිකා ළඟට යනවා නේද? ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.”

මේ නිවාස වලින් එකක විසූ පාර්වතී පැවසුවාය.මීට වසර විස්සකට පෙර මෙම නිවාස පේළියෙන් ඇසුණු වේදනාත්මක කෑගැසීමක් නිසා සර්ලාබෙන් ඒ තුළට පිවිසුණාය. මුල්ලක ගැබිණි කාන්තාවක් සිටි අතර ඇගේ බීමත් සැමියා ඇයට පහර දී තිබුණි. ගැහැණිය වේදනාවෙන් කඳුළු සලමින් සිටියාය. සර්ලාබෙන් ඇයව රෝහලට ගෙන ගියේ ඇගේ සැමියා හමුවුවහොත් තමාට දන්වන ලෙස රියැදුරුට පවසමිනි. සන්තෝෂ් ගැහැණියගේ සැමියාව සොයා ගත්තේය. ඒ ගැහැණිය පාර්වතීය. සර්ලාබෙන් ඇය හා කතා කිරීමට නැවතුණාය.

“ඔව්. අද මම හූස්ටන් යනවා. මට එහෙ යන්න ඕන නැහැ. ඒත් මොනව කරන්නද? මම පුතාට කිව්වා මම ඉන්දියාවේ ඉන්න කැමතියි කියලා. ඒත් ඔහු ඒකට ඉඩ දෙන්නෙම නැහැ. ඔහු සූදානම් වෙන්නෙ මගේ බංගලාව විකුණලා දාන්න..”

පාර්වතීගේ මෙන්ම සර්ලාබෙන්ගේද දෑස් කඳුලින් තෙත්ව තිබුණි. නිහඬවම එකිනෙකා දෙස බලා උන් කාන්තාවන් දෙදෙනා අවසානයේදී ඔවුනොවුන්ගෙන් සමුගත්හ.

කෝවිලෙන් පිටත මල් වෙළෙන්දියන් අසල ඇය නතර වුණාය. උදෑසන හිරු එළියේ නැහැවෙමින් සිටි ගැහැණුන් ළඟ රෝස,දාස්පෙති,සමන්පිච්ච සහ ලිලී මල් පිරී තිබුණි. සර්ලාබෙන් ඔවුන් සියල්ලන්ගෙන්ම මල් මිළට ගත්තාය. කිරිගරුඬ පැහැ කෝවිලට ඇය පියනගන විට බැතිමතුන් පෝලිමක් සෑදී සිටියේ ආශිර්වාද ලබා ගැනීම උදෙසාය. ප්‍රධාන බ්‍රාහ්මණ පූජකයා ඉදිරියට එන ලෙස සර්ලාබෙන්ට සංඥා කළේය.

“නමස්තේ සර්ලාබෙන්..ජායි රාධා ක්‍රිෂ්ණා..! අද ඔබ හූස්ටන් යනවා නේද? එන්න එන්න..අපි ඔබේ අලුත් ජීවිතය වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වමු.”

Past Lust of Grandmaඔහු ඇගේ අතින් මල්මාලා රැගෙන ඒවා දේව පිළිමවලට පැලඳුවේය. ඉන් අනතුරුව යාඥා පවත්වමින් සීනු නාද කළේය. ඔහු සර්ලාබෙන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා වෙනුවෙන් නොගිණිය හැකි තරම් පූජා පවත්වා ඇත. දරු උපතක් සිදු වූ විට,විභාගයකදී,විවාහයකදී,ව්‍යාපාරයක් ඇරඹීමේදී,අලුත් මෝටර් රථයක් මිළට ගැනීමේදී,අසනීප තත්වයන්ට,ග්‍රීන් කාඩ් එක ලබාගැනීමට සහ මියගිය අය වෙනුවෙන් පූජකතුමා සර්ලාබෙන් වෙනුවෙන් යාඥා කර තිබුණි. එක් අවස්ථාවකදී හැර අනිත් සියළුම අවස්ථාවලදී ඇගේ පූජාවන්ට හේතු ඔහු දැන සිටියේය. ඔහු නොදැන සිටි සිදුවීම රියැදුරු සන්තෝෂ් හා සම්බන්ධ දෙයකි. කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබා නොදුන් අවධියක සර්ලාබෙන් සන්තෝෂ් හා එක්ව රිය පැදවීමට උගත්තාය. අකමැත්තෙන් වුවද සන්තෝෂ් ඇයට රිය පැදවීම පුහුණු කළේය. යාඥාව අවසන් කළ පූජකයා ඇයට රසකැවිලි පිළිගැන්වුයේය.

“ඔබ බ්‍රිටිෂ් එයාර්වේස් එකේ නේද යන්නෙ? ඔවුන් පිළිගන්වන්නෙ හරිම මෘදු කිසිම රසක් නැති කෑම. ඒ නිසා ඔබ ගුවන් ගමනට රසකැවිලි ටිකක් අරගෙන යන්න. එතකොට අඩු තරමේ ඔයාට කන්න වටින යමක් තියේවි..”

සර්ලාබෙන් හිනැහුණාය. සති කිහිපයකට පෙර මෙම ගුවන් ගමනට ආශිර්වාද ලබා ගැනීම සඳහා ඇය ටිකට්පත මෙහි රැගෙන ආවාය. ඔහු එය මතක තබාගන්නට ඇත. සර්ලාබෙන් යනු මතකයේ රැඳෙන ගැහැණියකි.

“එළියට එන්න ආත්තම්මා.පරක්කු වෙනවා.කෝ ඔයා තවමත් ඇඳුම් මාරුකරගෙන නැහැ”

සර්ලාබෙන්ගේ මිණිපිරිය කාමරයට එබෙමින් පැවසුවාය. හූස්ටන්හි දී ඇය “ආත්තම්මා” මිස සර්ලාබෙන් නොවේ. ඇය මහළු කාන්තාවක් පමණි. පුතා සහ ලේලිය විසින් පවත්වන සාදයකට සහභාගී වන මහළු කාන්තාවක් පමණි.

“කොහොමද ආත්තම්මා? හොඳින් ඉන්නව නේද?”

සේවිකාව සර්ලාබෙන්ගෙන් ඇසුවාය. ඇය තම පුතු සහ ලේලිය සමගින් විසිත්ත කාමරය වෙත ගියාය. විසිත්ත කාමරය අමුත්තන්ගෙන් පිරී පැවතුණි. රවුමක ආකාරයට ආසන තබා තිබූ අතර අමුත්තෝ සර්ලාබෙන්ට ආචාර කෙරුවෝය.

“කොහොමද සැප සනීප?”

අත් රහිත සාරි බ්ලවුස් එකක් ඇඳ සිටි කාන්තාවක් විමසුවාය.

“මෙහේ හොඳයිද අත්තම්මා?”

පැහැපත් සමක් ඇති කාන්තාවක් ප්‍රශ්න කළාය. සර්ලාබෙන් අනිත් හැම අත්තම්මා කෙනෙකු මෙන්ම වයස අවුරුදු පහළොවේදී යෝජිත විවාහයක් සිදු කරගත්,මුළු දවසම චපාති සකසමින්,සහෝදරියන්,මස්සිනාවරුන් සමගින් විශාල නිවසක එකට ජීවත්වූ අතීතයට අයත් ගැහැණියකි. ගැහැණුන්ට කොණ්ඩය කොටට කැපීමට,කොට කලිසම් ඇඳීමට,ශීත කළ චපාති කඩයෙන් මිලට ගැනීමට ඇති අයිතිය ගැන ඇය දන්නේ කොහොමද? එවන් ලෝකයකට ඇය එක්වන්නේ කෙලෙසද?

Past Lust of Grandma

නමස්කාර,ව්‍යාජ ආචාරවලින් පසුව අමුත්තන්ට නැවත ඔවුන්ගේ විහිළු තහළු වෙතම යාමට පුළුවන. ඇය ඔවුන් පිටව යනතාක් නිහඬවම අසුන්ගෙන සිටිනු ඇත. ශීත කළ ආහාර සඳහා සේවිකාවට ස්තූති කිරීමෙන් පසුව ඔවුන් පිටත්ව යනු ඇත. ඉන්පසු සර්ලාබෙන් අමුත්තන්ගේ කාමරය ලෙසින් හැඳින්වූ කුඩා කාමරයට යනු ඇත. මේ නිවස තමන්ගේම නිවස යැයි හිතාගන්නා ලෙස පුත්‍රයා ඇයට පැවසුවත් මෙහි තමාට හිමි තැන ගැන ඇය හොඳින්ම දැන සිටියාය. ඇයට මෙහි නිදහසක් තිබුණේ නැත. ඉඳහිට කඩපොළ වෙත යාම හෝ සෙනසුරාදා සාදයකට සහභාගී වීම හැරෙන්නට ඇය වෙන කොහේවත් ගියේ නැත. නගරයේ සිරි නරඹමින් රිසිසේ ගමන් කිරීමට මෙහි රික්ෂෝ තිබුණේ නැත. ඉන්දියාවේ මෙන් වංගු සහිත කුඩා මාර්ග වෙනුවට මෙහි තිබුණේ විශාල සරල රේඛීය පාරවල් ය.

“අම්මා..මේ සෙනසුරාදා අමිතා අපිට ඩිනර් එකට එන්න කිව්වා. අම්මටත් අනිවාර්යයෙන්ම එන්න කියන්න කිව්වා..”

ලේලියගේ ඒ ප්‍රකාශය ගැන සර්ලාබෙන් මොහොතක් සිතා බැලුවාය.

“මම එහෙ ගිහින් තියෙනවා. මාස දෙකකට කලින් මම මෙහේ ආව වෙලාවෙත් එයාව මුණගැහුණනෙ. ඒ නිසා මම ගෙදර ඉන්නම්.”

ඇය ලේලියට පැවසුවාය. ඇතැම්විට ලේලියට අසන්නට වුවමනා වූ වචන ඒවා විය හැකිය.

“හොඳයි..මං එහෙනම් එයාට කියන්නම්කෝ ඔයාට විවේකයෙන් ඉන්න උවමනායි කියලා..” ලේලිය හිනැහෙමින් පැවසුවාය.

සෙනසුරාදා හවස එළඹිණි. නිවැසියන් සාදය සඳහා පිටත්ව ගිය අතර සර්ලාබෙන් පමණක් නිවසේ තනිවිය. ඇය කාමරයෙන් කාමරයට ඇවිද්දාය. අනතුරුව මුළුතැන්ගෙය වෙත ගියාය. ලේලිය ඇයට රත්කර ගැනීම සඳහා බත්,එළවළු සහ පරිප්පු තබා ගොස් තිබුණි. නමුත් ඇයට කුසගින්නක් දැනුනේ නැත. සර්ලාබෙන් ගරාජයේ යතුර කොහේදැයි පිරික්සුවාය. ගරාජයේ තව මෝටර් රථයක් තිබූ අතර යතුර සොයාගත් සර්ලාබෙන් අධිෂ්ඨානයෙන් යුතුව ගරාජයේ දොර විවර කළාය. දෙවරක් නොසිතාම රියැදුරු අසුනේ අසුන් ගත්තාය. බොහෝ කලකට පෙර රියැදුරු සන්තෝෂ් තමාට දුන් උපදෙස් සිහිව ඇගේ දෑත් වෙව්ලන්නට විය. ඇය අනුමානයෙන් මෙන් ඒ උපදෙස් ක්‍රියාත්මක කළාය.

“ජායි රාධා ක්‍රිෂ්ණා..!”

සර්ලාබෙන් සෙමෙන් මිමිණීය. ඉන්පසු ඇක්සලේටරය තද කළාය. මෝටර් රථය ඉදිරියට යනු ඇයට දැනුණි. ඇගේ ඇහිබැම දිගේ දහදිය බිඳු ගලා ගිය අතර ඇය මායිමෙන් ඉවත්ව පාර දෙසට රථය ධාවනය කළාය. සොඳුරුවූත්,නිදහස්වූත් පුළුල් මාර්ගය ඇය ඉදිරියේ විවරව තිබුණි.

Past Lust of Grandma

– ඉන්දියානු ලේඛිකා Parul Shah විසින් රචිත Party Time කතාව ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි –

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you