NovelsShort StoriesA Love Story ආදර කතාවක්

A Love Story ආදර කතාවක්

-

spot_img

A Love Story – මෙය කාන්තාරයක් අසල පිහිටි කුඩා නගරයකි. ඇඳුම් පිරිසිඳුව තබාගන්න යැයි අම්මා මට නිතර පැවසුවද වැලි පිරුණු මේ නගරය තුළ එය කළ නොහැකි දෙයක් සේ පෙනුණි. මම වැලි අප්‍රිය කළෙමි. ඒවා අපේ ඇඟිලි තුඩු,හිසකෙස් සහ ඇඳුම් අපවිත්‍ර කරයි. ඇඩම් සහ මම මග දිගේ ඇවිදිමින් සිටියෙමු. පා ඇඟිලි අතරේ රැඳුණු වැලි ඉවත්කිරීමට අපි මදකට නතර වුණෙමු. එලෙසින් නැවතී නෙත් යොමද්දී කුඩා නගරය සුන්දරව පෙනෙයි.

මේ කුඩා නගරයෙන් එහා ලෝකය දැකීමට ඇඩම්ට වුවමනා විය. ඔහු යමක් කමක් තිබූ පවුලක කොල්ලෙකි. ඔහු හමුවීමට පෙර මා පවුලටම පමණක් සීමා වූ කෙල්ලක් වීමි. මගේ මව රැකියාවට ගිය අතර මම අසනීපයෙන් සිටින නැගණියව රැකබලා ගත්තෙමි. නවාතැන හිමිකරු විසින් කෑමට අර්තාපල් සහ ඔහුගේ නවාතැන පිටුපස රාත්‍රිය ගත කිරීමට අපිට අවස්ථාව ලබා දී තිබුණි.

ඇඩම් නතර වී ඈතට නෙත් යොමාගෙන සිටියේය.

“ඇයි?” මම ඇසුවෙමි.

“මුකුත් නෑ..ලස්සන කුරුල්ලෙක් දැක්කා.”

ඔහු තම දෙනෙත් සිහින් කරමින් හිස පැළඳි කව්බෝයි හිස්වැස්ම ගලවා නලළේ දහඩිය පිස දමමින් පැවසීය.

“මට ඕන ඔය කූඩයෙ මොනවද තියෙන්නෙ කියලා දැනගන්න..” ඔහු හිනැහෙමින් පවසයි.

“තව ටිකකින් පෙන්නන්නම්..”

“එහෙනම් ඉක්මනට යමු.”

ඔහු දිව යමින් පවසයි. සුළඟේ වේගයට ඔහුගේ හිස්වැස්ම ඉවත යෑමට උත්සාහ දරයි. මම ඔහු හා දුවන්නට උත්සාහ කළෙමි.

“ඇඩම්..මේ ඇඳුම් එක්ක මට දුවන්න බෑ අනේ”

අපි දෙදෙනාම විවාහ වෙන වයසේ පසුවූයෙමු. මගේ අම්මා මා විවාහ කරදීම ගැන උනන්දුවක් දැක්වූයේ නැත. ඇඩම්ට අවශ්‍ය වූයේ ලෝකය වටා සංචාරය කිරීමටයි. අපි එකිනෙකාට බොහෝ සේ ආදරය කළද අපිට එක්විය නොහැකි වග අපි හොඳින් දැන සිටියෙමු. අපේ අනාගතය අවිනිශ්චිතය. කෙසේවෙතත් හාස්කමකින් හෝ අපිට එක් වෙන්නට ලැබේවායි පතමින් මම සෑම රැයකම යාඥා කළෙමි.

අපි කඳුමුදුනට ළඟා වූයෙමු. මම අපිට ඉඳගැනීමට ඇතිරිල්ලක් දැමූවෙමි. ඈතින් පෙනෙන දසුන සොඳුරුය. කඳු මුදුන් සමීපයේ පුළුන් වලාකුළු දැවටේ. හිරු කඳුමුදුන සිප ගැනීමට සැරසේ. කුරුළු කිචි බිචිය අපූරුය.

A Love Story

“ඔයා මොනවද ගෙනාවේ…?” ඔහු හිනැහෙමින් විමසයි.

“ඔයාගෙ පිටත්වීමේ පික්නික් එකනෙ මේ..” මම පිළිතුරු දුන්නෙමි.

මම ඇඳුම සකසාගනිමින් ඇතිරිල්ල මත ඉඳගත්තෙමි. නිවසේ තිබී සොයාගත් ටෝස්ට් සහ Taffy දෙක ඔහුට පිළිගැන්වූයෙමි.

“සොරි..මීට වඩා දෙයක් ගේන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ..”

“සොරි කියන්න එපා පැටියෝ.මේ හොඳටම ඇති” ඔහු පැවසුවේය. ඔහු තම හිස්වැස්ම මට පැළඳුවේය. මා වටා ලෝකය අඳුරු වූ අතර මම හිනැහුණෙමි.

“මම ඔයාට හැමදාම ලියන්නං පැටියෝ..” මගේ හිසෙන් හිස්වැස්ම ඉවත් කෙරූ ඔහු මගේ දෑස් දෙස බලමින් පැවසුවේය.

” මාත් ඔයාට ලියන්නං..ඔයාට ගැළපෙන ලස්සන,ලෝකෙ වටේ ඇවිදින්න ආස නෝනා කෙනෙක් ලැබුණම ඔයාලගෙ වෙඩින් කාඩ් එක මටත් එවන්න.මට පුළුවන් එතකොට තෑග්ගක් එවන්න ඔයාලට.”

ඇඩම් මා දෙස බලා මගේ හිසකේ පිරිමැද්දේය.

“එහෙම වෙන්නෙ නෑ..මම ආයෙම එනවා..අපි ඔයාටයි අම්මටයි නංගිටයි ඉන්න ගෙයක් අරගනිමු..මම ආයෙම එනවා..ඔයා වෙනුවෙන්..මගේ කාන්තාර කුසුම..”

ඔහු මා සිපගනිමින් පැවසුවේය. ඔහුගේ රැලි හිසකෙස් ලා පැහැතිය. ඒ මුහුදු නිල් පැහැ දෙනෙත්වලට මම වශී වූයෙමි.

A Love Story

අපි නිහඬවම ආහාර ගත්තෙමු. අප අතර පැවති ඒ නිහඬතාවට මම කැමති වූයෙමි. එය සුවපහසු,සාමකාමී ජීවිත කාලයටම අපි පතන ආකාරයේ අපූරු නිස්කලංක බවකි. ඔහු මගේ උකුල මත තම හිස තබාගත්තේය. මම ඒ හිසකෙස් පිරිමැද්දෙමි. ඔහුගේ කෙහෙරැලි මුදු මෙන් මගේ ඇඟිලි අතරේ දවටාගතිමි. අපේ සුසුම් එකට මුසුවෙමින් වාතලය හා එක් විය. අපි හිරු බැස යන අයුරු බලා සිටියෙමු.

“තරු මොනව කතාකරනවද දන්නෙ නෑ නේද” ඔහු මගෙන් විමසීය.

“ඔයාට හිතෙන්නෙ නැද්ද තරු කතාකරනව කියලා..?”

“අපේ පෘථිවිය මොනතරම් හිනා යන තැනක්ද කියලා කතාවෙනව ඇති සමහරවිට..”

ඔහු හිනැහෙයි. මම ද ඒ සිනාවට හවුල් වූයෙමි.

“හෙට ඔයාගෙ කෝච්චිය කීයටද තියෙන්නෙ?”

“දහයට කාලක් තියෙද්දි”

හෙට දහවල් උදා වෙද්දී ඔහු මා අසල නොමැති බව දැනී මගේ හදවත කඩා වැටුණි.

“හැම දේම සූදානම් කරගත්තාද?”

“මම හිතනවා” ඇඩම් පැවසීය.

“ඔයාට මේ පුංචි නගරය අමතක වේවි” මම පැවසුවෙමි.

A Love Story

“ඔව්..ඒත් ඔයාව අමතක වෙන්නෙ නැහැ ලිසබෙල්”

මම ඔහුගේ උරහිසේ හිස තබා දෙනෙත් පියාගත්තෙමි. රෑ බෝවී තිබූ අතර අපි ආපසු එන්නට සැරසුණෙමු. ඔහු මගේ කූඩය ඔහු අතට ගත්තේය.

අපි නැවත නගරයට පියමනින විට නගරය දෙසින් කලබලයක් ඇසිණි. මිනිසුන් උස් හඬින් කතා කරන ශබ්දය. හඬ නගමින් දොරවල් ඇරෙන වැසෙන ශබ්දය. ඇඩම් මගේ දෝතින්ම අල්ලා ගත්තේය.

“මම ගිහින් එන්නම්..ඔයාට හැමදාම ලියන්නම්..පුළුවන් වුන ගමන්ම ආයෙම එන්නම්”

ඔහු මගේ නළල සිප ගත්තේය. ඉන්පසු තම නිවස දෙසට ගමන් කළේය.

හදිසියේම අවට තිබූ කලබලය පහව ගියේය. මා වටා පරිසරය පුදුමාකාර නිහැඬියාවක් තුළ ගිලුණි. නමුත් එම නිහැඬියාව කඳු මුදුනේදී අප දෙදෙනා අතර ඇතිවූ නිහැඬියාව මෙන් සුවපහසු වූයේවත් සාමකාමී වූයේවත් නැත.

– Madelyn Fried විසින් රචිත Mountain Picnic කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි –

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you