More
    NovelsShort StoriesA Love Story ආදර කතාවක්

    A Love Story ආදර කතාවක්

    -

    spot_img

    A Love Story – මෙය කාන්තාරයක් අසල පිහිටි කුඩා නගරයකි. ඇඳුම් පිරිසිඳුව තබාගන්න යැයි අම්මා මට නිතර පැවසුවද වැලි පිරුණු මේ නගරය තුළ එය කළ නොහැකි දෙයක් සේ පෙනුණි. මම වැලි අප්‍රිය කළෙමි. ඒවා අපේ ඇඟිලි තුඩු,හිසකෙස් සහ ඇඳුම් අපවිත්‍ර කරයි. ඇඩම් සහ මම මග දිගේ ඇවිදිමින් සිටියෙමු. පා ඇඟිලි අතරේ රැඳුණු වැලි ඉවත්කිරීමට අපි මදකට නතර වුණෙමු. එලෙසින් නැවතී නෙත් යොමද්දී කුඩා නගරය සුන්දරව පෙනෙයි.

    මේ කුඩා නගරයෙන් එහා ලෝකය දැකීමට ඇඩම්ට වුවමනා විය. ඔහු යමක් කමක් තිබූ පවුලක කොල්ලෙකි. ඔහු හමුවීමට පෙර මා පවුලටම පමණක් සීමා වූ කෙල්ලක් වීමි. මගේ මව රැකියාවට ගිය අතර මම අසනීපයෙන් සිටින නැගණියව රැකබලා ගත්තෙමි. නවාතැන හිමිකරු විසින් කෑමට අර්තාපල් සහ ඔහුගේ නවාතැන පිටුපස රාත්‍රිය ගත කිරීමට අපිට අවස්ථාව ලබා දී තිබුණි.

    ඇඩම් නතර වී ඈතට නෙත් යොමාගෙන සිටියේය.

    “ඇයි?” මම ඇසුවෙමි.

    “මුකුත් නෑ..ලස්සන කුරුල්ලෙක් දැක්කා.”

    ඔහු තම දෙනෙත් සිහින් කරමින් හිස පැළඳි කව්බෝයි හිස්වැස්ම ගලවා නලළේ දහඩිය පිස දමමින් පැවසීය.

    “මට ඕන ඔය කූඩයෙ මොනවද තියෙන්නෙ කියලා දැනගන්න..” ඔහු හිනැහෙමින් පවසයි.

    “තව ටිකකින් පෙන්නන්නම්..”

    “එහෙනම් ඉක්මනට යමු.”

    ඔහු දිව යමින් පවසයි. සුළඟේ වේගයට ඔහුගේ හිස්වැස්ම ඉවත යෑමට උත්සාහ දරයි. මම ඔහු හා දුවන්නට උත්සාහ කළෙමි.

    “ඇඩම්..මේ ඇඳුම් එක්ක මට දුවන්න බෑ අනේ”

    අපි දෙදෙනාම විවාහ වෙන වයසේ පසුවූයෙමු. මගේ අම්මා මා විවාහ කරදීම ගැන උනන්දුවක් දැක්වූයේ නැත. ඇඩම්ට අවශ්‍ය වූයේ ලෝකය වටා සංචාරය කිරීමටයි. අපි එකිනෙකාට බොහෝ සේ ආදරය කළද අපිට එක්විය නොහැකි වග අපි හොඳින් දැන සිටියෙමු. අපේ අනාගතය අවිනිශ්චිතය. කෙසේවෙතත් හාස්කමකින් හෝ අපිට එක් වෙන්නට ලැබේවායි පතමින් මම සෑම රැයකම යාඥා කළෙමි.

    අපි කඳුමුදුනට ළඟා වූයෙමු. මම අපිට ඉඳගැනීමට ඇතිරිල්ලක් දැමූවෙමි. ඈතින් පෙනෙන දසුන සොඳුරුය. කඳු මුදුන් සමීපයේ පුළුන් වලාකුළු දැවටේ. හිරු කඳුමුදුන සිප ගැනීමට සැරසේ. කුරුළු කිචි බිචිය අපූරුය.

    A Love Story

    “ඔයා මොනවද ගෙනාවේ…?” ඔහු හිනැහෙමින් විමසයි.

    “ඔයාගෙ පිටත්වීමේ පික්නික් එකනෙ මේ..” මම පිළිතුරු දුන්නෙමි.

    මම ඇඳුම සකසාගනිමින් ඇතිරිල්ල මත ඉඳගත්තෙමි. නිවසේ තිබී සොයාගත් ටෝස්ට් සහ Taffy දෙක ඔහුට පිළිගැන්වූයෙමි.

    “සොරි..මීට වඩා දෙයක් ගේන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ..”

    “සොරි කියන්න එපා පැටියෝ.මේ හොඳටම ඇති” ඔහු පැවසුවේය. ඔහු තම හිස්වැස්ම මට පැළඳුවේය. මා වටා ලෝකය අඳුරු වූ අතර මම හිනැහුණෙමි.

    “මම ඔයාට හැමදාම ලියන්නං පැටියෝ..” මගේ හිසෙන් හිස්වැස්ම ඉවත් කෙරූ ඔහු මගේ දෑස් දෙස බලමින් පැවසුවේය.

    ” මාත් ඔයාට ලියන්නං..ඔයාට ගැළපෙන ලස්සන,ලෝකෙ වටේ ඇවිදින්න ආස නෝනා කෙනෙක් ලැබුණම ඔයාලගෙ වෙඩින් කාඩ් එක මටත් එවන්න.මට පුළුවන් එතකොට තෑග්ගක් එවන්න ඔයාලට.”

    ඇඩම් මා දෙස බලා මගේ හිසකේ පිරිමැද්දේය.

    “එහෙම වෙන්නෙ නෑ..මම ආයෙම එනවා..අපි ඔයාටයි අම්මටයි නංගිටයි ඉන්න ගෙයක් අරගනිමු..මම ආයෙම එනවා..ඔයා වෙනුවෙන්..මගේ කාන්තාර කුසුම..”

    ඔහු මා සිපගනිමින් පැවසුවේය. ඔහුගේ රැලි හිසකෙස් ලා පැහැතිය. ඒ මුහුදු නිල් පැහැ දෙනෙත්වලට මම වශී වූයෙමි.

    A Love Story

    අපි නිහඬවම ආහාර ගත්තෙමු. අප අතර පැවති ඒ නිහඬතාවට මම කැමති වූයෙමි. එය සුවපහසු,සාමකාමී ජීවිත කාලයටම අපි පතන ආකාරයේ අපූරු නිස්කලංක බවකි. ඔහු මගේ උකුල මත තම හිස තබාගත්තේය. මම ඒ හිසකෙස් පිරිමැද්දෙමි. ඔහුගේ කෙහෙරැලි මුදු මෙන් මගේ ඇඟිලි අතරේ දවටාගතිමි. අපේ සුසුම් එකට මුසුවෙමින් වාතලය හා එක් විය. අපි හිරු බැස යන අයුරු බලා සිටියෙමු.

    “තරු මොනව කතාකරනවද දන්නෙ නෑ නේද” ඔහු මගෙන් විමසීය.

    “ඔයාට හිතෙන්නෙ නැද්ද තරු කතාකරනව කියලා..?”

    “අපේ පෘථිවිය මොනතරම් හිනා යන තැනක්ද කියලා කතාවෙනව ඇති සමහරවිට..”

    ඔහු හිනැහෙයි. මම ද ඒ සිනාවට හවුල් වූයෙමි.

    “හෙට ඔයාගෙ කෝච්චිය කීයටද තියෙන්නෙ?”

    “දහයට කාලක් තියෙද්දි”

    හෙට දහවල් උදා වෙද්දී ඔහු මා අසල නොමැති බව දැනී මගේ හදවත කඩා වැටුණි.

    “හැම දේම සූදානම් කරගත්තාද?”

    “මම හිතනවා” ඇඩම් පැවසීය.

    “ඔයාට මේ පුංචි නගරය අමතක වේවි” මම පැවසුවෙමි.

    A Love Story

    “ඔව්..ඒත් ඔයාව අමතක වෙන්නෙ නැහැ ලිසබෙල්”

    මම ඔහුගේ උරහිසේ හිස තබා දෙනෙත් පියාගත්තෙමි. රෑ බෝවී තිබූ අතර අපි ආපසු එන්නට සැරසුණෙමු. ඔහු මගේ කූඩය ඔහු අතට ගත්තේය.

    අපි නැවත නගරයට පියමනින විට නගරය දෙසින් කලබලයක් ඇසිණි. මිනිසුන් උස් හඬින් කතා කරන ශබ්දය. හඬ නගමින් දොරවල් ඇරෙන වැසෙන ශබ්දය. ඇඩම් මගේ දෝතින්ම අල්ලා ගත්තේය.

    “මම ගිහින් එන්නම්..ඔයාට හැමදාම ලියන්නම්..පුළුවන් වුන ගමන්ම ආයෙම එන්නම්”

    ඔහු මගේ නළල සිප ගත්තේය. ඉන්පසු තම නිවස දෙසට ගමන් කළේය.

    හදිසියේම අවට තිබූ කලබලය පහව ගියේය. මා වටා පරිසරය පුදුමාකාර නිහැඬියාවක් තුළ ගිලුණි. නමුත් එම නිහැඬියාව කඳු මුදුනේදී අප දෙදෙනා අතර ඇතිවූ නිහැඬියාව මෙන් සුවපහසු වූයේවත් සාමකාමී වූයේවත් නැත.

    – Madelyn Fried විසින් රචිත Mountain Picnic කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි –

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page