More
    spot_img
    NewsCalifornia සිය බිරිඳ වෙඩි තබා මැරූ විනිසුරුවරයා?

    California සිය බිරිඳ වෙඩි තබා මැරූ විනිසුරුවරයා?

    -

    spot_img

    California – දකුණු කැලිෆෝනියාවේ විනිසුරුවරයෙකුට තම බිරිදට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වී තිබේ. Orange ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු Jeffery Ferguson (72) ඔහුගේ බිරිඳ වන Sheryl Ferguson (65) අගොස්තු 3 වනදා ඝාතනය කර ඇත්තේ එදිනම අවන්හලක ඇති වු ආරවුලකින් පසුව Anaheim Hills හි පිහිටි තම නිවසේදීය. නඩු පවරන්නන් උසාවි ලේඛනවල සදහන් තර ඇත්තේ රාත්‍රි භෝජනය අතරතුර ඔහු තම බිරිදට “ගිනි අවියක් අනුකරණය කරන ආකාරයට” ඇඟිලි පෙන්වා තර්ජනය කළ බවයි.

    යුවල ආපසු නිවසට පැමිණි පසු විනිසුරුවරයාගේ බිරිඳ “ඇයි ඔබ මට සැබෑ තුවක්කුවක් එල්ල නොකරන්නේ” යැයි සිය සැමියාගෙන් ඇසු බවත්, එවිට ඔහු තම වළලුකරයේ තිබූ පිස්තෝලයක් ගෙන ඇයට වෙඩි තැබු බවත් නඩු පවරන්නන් පවසයි. මිනිත්තු කීපයකින් විනිසුරුවරයා තම උසාවි ලිපිකරුට කෙටි පණිවිඩයක් යවා පවසා ඇත්තේ, “මට ඇය නැති වූණා,මම මගේ බිරිඳට වෙඩි තිබ්බා. මම හෙට නැති වේවි. මම අත්අඩංගුවේ හිදීවි. මට කණගාටුයි” යනුවෙනි. ප්‍රාන්ත නීතිපති කාර්යාලය පවසන පරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ වැඩිමහල් පුතු 911 හදිසි ඇමතුම් අංකය ඔස්සේ තම පියා මවට වෙඩි තැබූ බව දැනුම් දීමෙන් පසුව බවයි.

    California

     

    ඔහුගේ නිවසින් රයිෆල්,වෙඩි බෙහෙත් සහ පිස්තෝල ඇතුළු ආයුධ 47ක් හා පතොරම් 26000 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත. සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් වන Paul Meyer සහ John Barnett පවසන්නේ, “මෙය සමස්ථ Ferguson පවුලටම ඛේදවාචකයක් බවත්, එය හදිසි අනතුරක් මිස ඊට එහා දෙයක් නොවේ” යන්නයි.

    -CNN ඇසුරෙනි-

    Photo Credit: CNN News

    Latest news

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...

    of murder ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    of murder - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා....

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...
    - Advertisement -spot_img

    of murder ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    of murder - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා....

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page