NewsCalifornia සිය බිරිඳ වෙඩි තබා මැරූ විනිසුරුවරයා?

California සිය බිරිඳ වෙඩි තබා මැරූ විනිසුරුවරයා?

-

spot_img

California – දකුණු කැලිෆෝනියාවේ විනිසුරුවරයෙකුට තම බිරිදට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වී තිබේ. Orange ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු Jeffery Ferguson (72) ඔහුගේ බිරිඳ වන Sheryl Ferguson (65) අගොස්තු 3 වනදා ඝාතනය කර ඇත්තේ එදිනම අවන්හලක ඇති වු ආරවුලකින් පසුව Anaheim Hills හි පිහිටි තම නිවසේදීය. නඩු පවරන්නන් උසාවි ලේඛනවල සදහන් තර ඇත්තේ රාත්‍රි භෝජනය අතරතුර ඔහු තම බිරිදට “ගිනි අවියක් අනුකරණය කරන ආකාරයට” ඇඟිලි පෙන්වා තර්ජනය කළ බවයි.

යුවල ආපසු නිවසට පැමිණි පසු විනිසුරුවරයාගේ බිරිඳ “ඇයි ඔබ මට සැබෑ තුවක්කුවක් එල්ල නොකරන්නේ” යැයි සිය සැමියාගෙන් ඇසු බවත්, එවිට ඔහු තම වළලුකරයේ තිබූ පිස්තෝලයක් ගෙන ඇයට වෙඩි තැබු බවත් නඩු පවරන්නන් පවසයි. මිනිත්තු කීපයකින් විනිසුරුවරයා තම උසාවි ලිපිකරුට කෙටි පණිවිඩයක් යවා පවසා ඇත්තේ, “මට ඇය නැති වූණා,මම මගේ බිරිඳට වෙඩි තිබ්බා. මම හෙට නැති වේවි. මම අත්අඩංගුවේ හිදීවි. මට කණගාටුයි” යනුවෙනි. ප්‍රාන්ත නීතිපති කාර්යාලය පවසන පරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ වැඩිමහල් පුතු 911 හදිසි ඇමතුම් අංකය ඔස්සේ තම පියා මවට වෙඩි තැබූ බව දැනුම් දීමෙන් පසුව බවයි.

California

 

ඔහුගේ නිවසින් රයිෆල්,වෙඩි බෙහෙත් සහ පිස්තෝල ඇතුළු ආයුධ 47ක් හා පතොරම් 26000 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත. සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් වන Paul Meyer සහ John Barnett පවසන්නේ, “මෙය සමස්ථ Ferguson පවුලටම ඛේදවාචකයක් බවත්, එය හදිසි අනතුරක් මිස ඊට එහා දෙයක් නොවේ” යන්නයි.

-CNN ඇසුරෙනි-

Photo Credit: CNN News

Latest news

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...
- Advertisement -spot_img

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you