ArtJaws නෙත් පැහැරගන්නා බොහොමයක සැඟවුණු නපුරක් තියනවා

Jaws නෙත් පැහැරගන්නා බොහොමයක සැඟවුණු නපුරක් තියනවා

-

spot_img

Jaws – මුහුද යනු අතිශය සොඳුරු තැනක්. අති සොඳුරු ලෙසින් අපේ නෙත් පැහැරගන්නා දේවල් බොහොමයක සැඟවුණු භයංකාරත්වයක් තිබෙන්නට පුළුවන්.මුහුද කියන්නෙත් එහෙම තැනක්.

නිව්යෝක් නගරයේ ලෝන්ග් අයිලන්ඩ්හි පිහිටා ඇති “ඇමිටි” සංචාරක නගරයක්. විවේකීව ගත කිරීම සඳහා දහස් ගණනින් සංචාරකයන් ඇදී එන සංචාරක පාරාදීසයක්.

නිහඬ,නිශ්චල රාත්‍රියක්. පරිසරයේ පැවතුණේ පුදුමාකාර සන්සුන් බවක්. ක්‍රිසී සහ ඇගේ පෙම්වතා මුහුදු වෙරළේ වැතිරී සිටියා. ඔවුන් සිටියේ බීමතින්. පීනන්නට යමුයි ක්‍රිසීගේ ඇවිටිල්ල අසන්නට නොහැකි තරමට ඔහු බීමත්වී තිබුණා. ඔහුට නිදන්නට ඉඩ දුන් යුවතිය තම ඇඳුම් ඉවත්කර දමා පිහිනීමට ගියා. වතුර එතරම් සීතල වූයේ නැහැ. ක්‍රිසී තව තවත් දියඹ වෙත ගියා. එක්වරම තම කකුලේ යමක් ගැටෙනු ඇයට දැනුනා.ඉන්පසු…?

Jaws

තරුණයා අවදි වෙන විට අලුයමට ආසන්න වී තිබුණා. ඔහු ඇයව සෙව්වා.වෙරළේ තිබුණේ ඇය ගලවා දැමූ ඇඳුම් පමණයි. නවාතැන තුළත් ඇය සිටියේ නැහැ. ඇමිටියේ පොලිස් නිලධාරීන්ට හමුවූ කීතු කීතු වන්නට ඉරා දමා තිබූ අඩක් ඉතිරිවූ මළසිරුර තම පෙම්වතියගේ බවට ඔහු හඳුනාගත්තා. මරණයට හේතුව “මෝරෙකුගේ ප්‍රහාරයක්”. මෙම මරණය නිසාවෙන් වෙරළ තීරය වසා දමන්නට පොලිස් නිලධාරී මාටින් බ්රූඩි තීරණය කරනවා. නමුත් සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වුණ මෙම නගරයේ නගරාධිපති,ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන් පොලිස් නිලධාරී බ්රූඩිගේ තීරණයට එකහෙළාම විරුද්ධ වෙනවා. ළඟදීම නිවාඩුව එළඹීමට නියමිතයි. සංචාරකයන් දහස් ගණනක් ඇමිටි වෙත පැමිණේවි. මෝරෙක් ගැන පවසා වෙරළ තීරය වසා දැමුවොත් ඔවුන් මුදල් උපයා ගන්නේ කෙසේද? නගරාධිපති ලැරී වෝන් ඇතුළු පිරිස එක් වී මෙම මරණය පිළිබඳ පුවත ප්‍රසිද්ධ වීම නවතා දමනවා. ඉන්පසු තවත් කුඩා දරුවෙක් සහ වියපත් මිනිසෙක් මෝර ප්‍රහාරයට ගොදුරු වෙනවා. අනතුරක් ඇති තැනකට යන්න එපා කියද්දිත් යන ලංකාවෙ සමහර අය වගේ ඇතැම් සංචාරකයිනුත් මෝරා දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇමිටි වෙත එනවා. මේ අවස්ථාවේ නම් මාටින් බ්රූඩි හිතුවක්කාර අයුරින් වෙරළ තීරය වසා දමනවා.

Jaws

– “මේක හරියට සිහිවිකල් වුණු මිනීමරුවෙක්,පිස්සුවෙන් මිනී මර මර තැන් තැන්වල ඇවිදිනවා වගෙයි…අපට ඔහුව නවත්තන්න බෑ…ඔහුව අල්ලන්න බෑ..නරකම දේ ඌ එහෙම කරන්නෙ ඇයි කියලා අපි දන්නෙ නෑ..මිනීකන යෝධ මෝරුන් මීට කලිනුත් මුහුදෙ නාන්න ගිය අය මරාගෙන කාලා තියෙනවා..ඒත් මේ වගේ….!” –

තත්වය එන්න එන්නම බිහිසුණු වෙමින් පවතින අතර පොලිස් නිලධාරියාට සිදුවන්නේ මේ වෙනුවෙන් තනිව සටන් කිරීමටයි. මුදල් තණ්හාවෙන් පසුවන මිනිස් ජීවිතවල වටිනාකම නොදන්නා නගරාධිපති ඇතුළු පිරිස මාටින් බ්රූඩි ඔවුන්ගේ බස් නොඅසන වග තේරුම්ගෙන ඔහුට තර්ජනය කිරීමට පෙළඹෙනවා. ඉන් අනතුරුව විශාල මුදලක් ලබාදී කුලියට ගන්නා ක්වින්ට් නැමති මෝර දඩයක්කරු සහ සාගර විද්‍යාඥ මැට් හූපර් සමගින් මාටින් බ්රූඩි ජීවිතය පරදුවට තබමින් මිනීමරු මෝරාව මරා දැමීම සඳහා පිටත් වෙනවා. ඔවුන්ගේ වෑයම සාර්ථක වෙයිද?

මේ දේශපාලඥයන්ගේ,බලවතුන්ගේ අණසකට යටත් නොවී තම රාජකාරිය,යුතුකම අකුරටම ඉටුකරන්නට වෙර දරන පොලිස් නිලධාරියෙකු පිළිබඳ කතාවක්. එවැන්නනුත් කලාතුරකින් සිටිනවා ඇති. නොඑසේ නම් එවැන්නන් අපට හමුවන්නේ ප්‍රබන්ධ වලින්ම පමණක් ද?

JawsJaws

අමෙරිකානු ලේඛක Peter Benchley විසින් රචිත Jaws නවකතාව අසීමිත පාඨක ප්‍රතිචාර දිනාගත්තා.මෙම කතාව ඇසුරින් නිමවූ හොලිවුඩ් අධ්‍යක්ෂක Steven Spielberg ගේ Jaws (1975) සිනමාපටය ලොව පුරා අතිශය ජනප්‍රිය වූ නිර්මාණයක්. මෙම කෘතිය “මෝරා” යන නමින් විශිෂ්ඨ අයුරින් සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ චන්දන මෙන්ඩිස් මහතා විසින්.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you