NewsRussia - Ukraine ගැටුම් සමථයකට පත්කිරීමට සෞදියේදී සාකච්ජාවක්

Russia – Ukraine ගැටුම් සමථයකට පත්කිරීමට සෞදියේදී සාකච්ජාවක්

-

spot_img

Russia – Ukraine දිනෙන් දින ඉතා උණුසුම්ව ඇවිල යන රුසියා – යුක්‍රේන ගැටුම් සමථයකට පත් කිරීම සඳහා මුලික සාකච්ජාවක් ඊයේ [අගෝස්තු 5] සෞදි අරාබියේ Jeddah හිදී පැවැත්වුණා. මෙම හමුව සඳහා ඇමරිකාව,චීනය සහ ඉන්දියාව ඇතුළු රටවල් 40 ක ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්‍රික නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටි බව REUTERS පුවත් සේවය වාර්තා කර තිබුණා.

මෙම සාකච්ජාව දෙදින නිල හමුවක් වන අතර කිසිදු පාර්ශවයක මැදිහත්කරුවන් නොවී බාහිර පාර්ශවයන් ලෙස මෙම ගැටුම සමථයකට පත් කිරීමට සහයෝගය ලබාදීම එහි අරමුණ බවත්, මෙම ගැටුමෙන් ගෝලීය ආර්ථිකයට සිදුවන පාඩුව වළක්වා ගැනීම අපේකෂාව බවත් හමුවෙහි නියෝජිතයින්ගේ අදහස වී තිබුණා.

Zelensky

සෞදියේ පැවති මෙම හමුව සඳහා රුසියාව කිසිඳු නියෝජිතයෙකු සහභාගී කර නොතිබූ අතර එම හමුව පිළිබඳව අදහස් දැක්වූ යුක්‍රේන ජනපති Volodymyr Zelenskiy පවසා සිටියේ හමුවේ ඇතැම් නියෝජිත රටවල් සම්බන්ධව තමාට ගැටළු ඇතත් ගෝලීය අර්බුදයකදී මෙවැනි ජාත්‍යන්තර මැදිහත්වීම් තමා අගය කරන බවය. ඉදිරියේදී මෙම තත්වය පිළිබඳව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම වැදගත් වන බවත් තමා මේ වෙනුවෙන් ගෝලීය නායකයින්ගේ හමුවක් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

-REUTERS ඇසුරෙනි-

Photo Credits – News Info/In-Cyprus

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you