ArtPenguin ලෝකෙ අමාරුම දේ වෙන කෙනෙක් වගේ ජීවත්වෙන එක

Penguin ලෝකෙ අමාරුම දේ වෙන කෙනෙක් වගේ ජීවත්වෙන එක

-

spot_img

Penguin – එකමත් එක කාලෙක පෙන්ගුයින් අම්මෙකුයි පෙන්ගුයින් පැටියෙකුයි ජීවත්වුණා. පෙන්ගුයින් අම්මගෙ පණ වුණේ එයාගෙ පැටියා. දෙන්නට දෙන්නා හරිම ආදරයෙන් ජීවත්වුණා. ඒත් එක දවසක් පෙන්ගුයින් පැටියා අතුරුදහන් වුණා. අම්මා හැම තැනම එයාව සොයන්න ගත්තා.

“ලෝකය පවතින්නේ හිරුගේ රැස් වලින් සහ මවගේ කිරිවලින්” යැයි කියමනක් තිබේ. ලෝකයට ජීවය පොවන්නේ මව්වරුන්ය. දරු සෙනෙහස වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට තරම් මව්වරු ධෛර්යවන්තයි. ඕනෑම බලසම්පන්න දෙයක් මාතෘත්වයට දෙවැනි වෙනවා. Penguin (2020) මේ කතාව අම්මෙක්ගෙ ආදරේ ගැන ත්‍රිලර් වර්ගයේ සිනමා නිර්මාණයක්.

Penguin

අඳුරු,මිහිදුමෙන් බර කැලෑ ප්‍රදේශයක්. කළු ඇඳුමින් සැරසුණු,චාලි චැප්ලින් වෙස් මුහුණක් පැළඳි බිහිසුණු පෙනුමැති ආගන්තුකයෙක්. මොහු අපරාධකරුවෙක්. ඔහු සමගින් සිටින කුඩා පිරිමි ළමයෙක් සහ කාල වර්ණ සුනඛයෙක්. චිත්‍රපටය ඇරඹෙන්නේ එලෙසින්. ඔබ Thriller ගණයේ කතාවලට කැමති අයෙක්නම් මේ දර්ශනයෙන්ම ඔබ මේ කතාවට කැමතිවෙනවා නිසැකයි. මිහිදුමෙන් වැසුණු මේ සොඳුරු ප්‍රදේශයේ තමයි රිදම් ජීවත්වුණෙත්. රිදම් සත්මස් ගැබිණියක්. ඇගේ සැමියා ගෞතම් ඇයට ගොඩක් ආදරෙයි. නිරතුරුවම ඈ අසල රැඳෙන්නට නොහැකි වූවද ඔහු දුරකථනයෙන් ඈ ගැන සොයා බැලුවා. සමීප යෙහෙළියන් දෙදෙනෙකුත් රිදම්ට සිටියා. ඒ අභී සහ භාවනා. සයිරස් කියන්නෙ රිදම්ගෙ සුරතල් සුනඛයා. එයා කළුපාට ලොකු බව්වෙක්. රිදම් එදා රෝහලට ගියේ තනිවම. එහිදී ඇයට තම අතීතය මතක් වෙනවා. වසර හයකට පෙර අතීතය.

එවකට ඈ විවාහ වී සිටියේ රඝු සමගින්. ඔවුන් දෙදෙනාගේ පුතා අජේ. රඝු තරමක් සැරපරුෂ අයෙක්. එක අවාසනාවන්ත දවසක රිදම්‍ට ඇගේ පුතාව අහිමි වෙනවා. කුඩා අජේගේ යෙහෙළිය රිදම්ට පවසන්නේ අජේ කැලයේ සිට ආව චාලි චැප්ලින් අංකල් සමගින් යන්නට ගිය බවයි. රිදම්,රඝු,ඔවුන්ගේ යහළුවන් ,පොලිසිය මේ හැමෝම දරුවාව සොයනවා. ඇගේ නොසැලකිළිමත්කම නිසා දරුවා අහිමි වූ බැව් පවසමින් රඝු ඇයට දොස් පවරනවා. ටික කාලයකට පසු කැලයේ තිබී කුඩා අජේගේ ඇඳුම් හමුවෙන අතර දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසනවා. එහෙත් රිදම් තම දරුවා ජීවතුන් අතර බැව් තරයේ විශ්වාස කරනවා. ඒ අතීතය..අතීතය අමතක කරන්න යැයි වෛද්‍යවරුන් ඇයට පවසනවා. නමුත් අම්මෙක්‍ට පුළුවන්ද දරුවෙක්ව අමතක කර දමන්න?

 

Penguinවෛද්‍යවරුන් ඇයට නියම කර ඇත්තේ අජේ අතුරුදන් වූ පෙදෙසටවත් නොයන ලෙසින්. ඒත් ඇය නිරතුරුවම වාගේ එහි යනවා. එක් දිනක් රාත්‍රියේ කැලය මැදින් සිය මෝටර් රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී කුඩා පිරිමි දරුවෙකු රිදම්ගේ මෝටර් රථය ඉදිරිය පැමිණෙනවා. එම දරුවා කවුරුන්ද? ඒ වසර හයකට පෙර අතුරුදන් වූ රිදම්ගේ පුතුම ද?

 

මේ ලෝකෙ මනුස්සයෙකුට කරන්න අමාරුම දේ තමයි තව කෙනෙක් වගේ ජීවත්වෙන එක. “අරයා වගේ වෙන්න.ඒ වගේ ඇඳුම් අඳින්න. එයා වගේ ලකුණු ගන්න. එයාට ලකුණු ගන්න පුලුවන් නං ඇයි ඔයාට බැරි?” ඔබත් ඔබේ දරුවාට මෙලෙසින් පවසනවාද? එසේනම් පරිස්සමින්!

Penguin

Mystery/Thriller ගණයට අයත් Penguin (2020) අපූරු කතා තේමාවකින් යුතු වූ චිත්‍රපටයක්. Eashvar Karthic ගේ අධ්‍යක්ෂණයක්. Keerthy Suresh, Linga, Madha patty Rangaraj, Nithya Kriupa ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

 

Latest news

ගුවන් විදුලියේ ආදායම ලක්ෂ 12 යි ඒකෙන් 7ක් සභාපතිට

ගුවන් විදුලියේ ආදායම ලක්ෂ 12 යි ඒකෙන් 7ක් සභාපතිට "සිස්ටම් චේන්ජ්" සහ "පුනරුදය" යනු හුදෙක් මැතිවරණ වේදිකාවල තිබූ සුරංගනා කතා...

හිටපු ප්‍රංශ ජනපති ගඩාෆිගෙන් යුරෝ මිලියන පහක් අරන්

හිටපු ප්‍රංශ ජනපති ගඩාෆිගෙන්ය යුරෝ මිලියන පහක් අරන් හිටපු ප්‍රංශ ජනපති නිකලස් සාකෝසි (Nicolas Sarkozy) සහ ඔහුගේ බිරිඳ සුප්‍රකට නිරූපිකා...

වසන්තට වාසියට හිටිය ක්‍රිප්ටෝ ⁣

වසන්තට වාසියට හිටිය ක්‍රිප්ටෝ ⁣ පසුගිය වසරේ (2025) වත්කම් බැරකම් ප්‍රකාශ එළිදැක්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජ කරළියේ වැඩිපුරම...

ක්‍රීඩකයින්ට පදක්කමක් නැති රටේ, ඔලිම්පික් සභාපතිට හැඳුනුම්පත් දෙකක්!

ක්‍රීඩකයින්ට පදක්කමක් නෑ, සභාපතිට හැඳුනුම්පත් දෙකයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය අද වන විට පත්ව ඇත්තේ අතිශය ඛේදජනක තත්ත්වයකටය. ජාත්‍යන්තර...
- Advertisement -spot_img

දුප්පත් රටේ අවලස්සන ජීවිත

දුප්පත් රටේ අවලස්සන ජීවිත දේශපාලන වේදිකාවල සහ රූපවාහිනී තිරවලින් ඇසෙන්නේ රට ආර්ථික වශයෙන් ස්ථාවර වී, සංවර්ධනයේ මාවතට අවතීර්ණ වී ඇති...

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නාටකය නටා අවසන් ද ?

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නාටකය නටා අවසන් ද ? බම්බලපිටියේ සිට දෙහිවල දක්වා මැරීන් ඩ්‍රයිව් (Marine Drive) වෙරළ තීරයේ පවත්වාගෙන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you