InterviewsKim Kardashian බිකිණිය කියන්නේ හරිම සුවපහසු ඇඳුමක්

Kim Kardashian බිකිණිය කියන්නේ හරිම සුවපහසු ඇඳුමක්

-

spot_img
Kim Kardashian ඇය ලොව සරාගීම සිරුරු හිමි කාන්තාවන්ගෙන් කෙනෙක් මෙන්ම නිරූපිකාවක්,ව්‍යාපාරික කාන්තාවක්,රංගන ශිල්පිනියක් සහ මවක්. සමාජ මාධ්‍යයන්හි අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ඇය 2015 වසරේ ලොව බලගතුම පුද්ගලයන් සියදෙනා අතරටද එක්වූවා. මේ ඇය සමගින් Interview Magazine සිදුකළ කතාබහක්.
• ඔබේ සුරූපීබවේ රහස කුමක්ද?

ස්තුතියි. මම පරිපූර්ණ අයෙක් නෙමේ. මගේ ජීවන රටාව යහපත්. මම ව්‍යායාම කරනවා. මස් මාංශ භාවිතයෙන් පුළුවන් තරම් වැළකෙනවා. මේ දේවල් මගේ සමෙන් පේනව කියලා මම හිතනවා.

Kim

• ඔබේ උදෑසන ආහාර වේල කොහොමද?

ස්මූති එකක්. අඹ,පීච්,කෙසෙල්,පොල් වගේ පලතුරු. මම ඒවට ප්‍රෝටීන් සහ ග්‍රැනෝලා එකතු කරනවා. ඊළගට Almond milk with tea.

• අපි නිකමට හිතමු ඔබ ප්‍රසිද්ධ නැහැ කියලා. එහෙමනම් නිවාඩුවක් ලැබුනම ඔබ මොනව කරයිද?

මගේ සහෝදරියන් සමග Dinner එකකට යනවා. ඒ දේ මම දැනුත් කරනවා.

• ඔබ නීතිය හදාරනවා?

ඔව්. මම සිවිල් ක්‍රියාපටිපාටිය සහ අපරාධ ක්‍රියා පටිපාටිය අධ්‍යනය කරමින් ඉන්නවා. ඒක සිත්ගන්නා සුළු සහ බියජනක ක්ෂේත්‍රයක්.

Kim

• ගෝලීය උණුසුම වැලැක්වීමට ඔබෙන් දායකත්වයක් ලැබෙනවා කියලා ඔබ හිතනවද?

පෘථිවියේ කරදර ගොඩක් තියෙනවා. එය බියජනකයි. දේශගුණික විපර්යාස ගැන දැනුවත් මිතුරු මිතුරියන් මට ඉන්නවා. අවශ්‍ය නම් මට ඔවුන්ගෙන් ඒ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. මට කරන්න පුළුවන් දේවල් මම කරනවා. අපි කවුරුත් පරිපූර්ණ නැහැ. අපිට හැමදෙයක්ම කරන්න බැහැ. අපි අපිට කරන්න පුළුවන් ගැළපෙන දේවල් තෝරාගන්න ඕනේ.

• ඔබ දක්ෂ මොනවටද?

අලෙවිකරණයට. ව්‍යාපාරික දැනුම මට තිබෙනවා. මට හොඳට උයන්න පුළුවන්.

• විකිපීඩියාවල ඔබ පිළිබඳව සඳහන් වෙන්නේ නිරූපිකාවක්,සමාජ ක්‍රියාකාරිනියක් සහ මවක් වශයෙන්. එය ඔබට වෙනස් කරන්න ලැබුණොත් ඔබ මොනවද එහි සඳහන් කරන්නෙ?

ව්‍යාපාරික කාන්තාවක් කියනවට කැමතියි. අම්මා කෙනෙක් සහ දවසක එය නීතීඥවරියක් වෙයි. ඇත්තටම මිනිස්සු හිතන දේවල් මම ගණන් ගන්නෙ නෑ. විකිපීඩියා එකේ මං ගැන මොනවද තියෙන්නෙ කියලා හොයන්න මම උනන්දු වෙන්නෙ නැහැ.

Kim

• ඔබට නොමැති ඔබට අවශ්‍ය දේ මොනවද?

තව ටිකක් නිදාගන්න ආසයි. ම්ම්..මම දන්නෙ නෑ ඒ මොනවද කියලා.සමහරවිට “කාලය” වෙන්න පුළුවන්.

 

• මම ඔබෙන් තවත් ප්‍රශ්න අහන්නද?

මං ගැන තව තව මෝඩ දේවල් දැනගන්න ඔයාට ඕනනම් ඔයාට අවශ්‍ය ඕන දෙයක් අහන්න.

• ඔබ ප්‍රදර්ශන භාණ්ඩයක් වගේද?

ඇත්තටම නැහැ.

 

 

• ඔබව ආතතියට පත් කරන්නේ මොනවද?

ප්‍රමාද වීම. පරක්කුවෙලා වැඩ කරන්න මම අකමැතියි.

• සරාගී Kim Kardashian ගේ ප්‍රියතම ඇඳුම?

බිකිණි එක. වර්ගය මොකක්ද කියන්න නං දන්නෙ නැහැ. නමුත් බිකිණි එක කියන්නේ හරිම සුවපහසු ඇඳුමක්.

 

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you