NovelsShort StoriesChildhood of Love ප්‍රේමයේ ළමාවිය

Childhood of Love ප්‍රේමයේ ළමාවිය

-

spot_img

Childhood of Love – සුසාන් සහ නැට් බාලවියේ සිටම මිතුරන් ය. මේ දෙදෙනාගේ දෙමව්පියන් ඥාති සහෝදරයන් වූ අතර සුසාන්ගේ මාමා සහ නැට් අසල්වාසීන්‍ ය. ගිම්හාන නිවාඩුව ඇරඹෙන විටම සුසාන් මාමාගේ නිවස වෙත ගිය අතර මාසයම එහි ගත කළාය. ඇය තම ඥාති සහෝදරියන් හා ගම්මානයේ ඇවිදමින්,අඹ කඩමින්,මී වද වලින් මී පැණි රැස් කරමින් උදේ සිට රෑ බෝවන තුරුම සෙල්ලමින් කාලය ගත කළාය. සඳ එළියෙන් නැහැවෙමින් ඔවුන් හා රාත්‍රී ආහාර ගන්නට ගම්මානයේ ළමුන්ද එක්විය. පොත පතට ලැදි නැට් ඔවුන් සමගින් එක්වූයේ නැත. ඔහුගේ ඥාති ළමයෙකු වතාවක් ඔහු බැලීමට පැමිණි අතර ඔවුන් දෙදෙනා එක්ව වීදියේ ඇවිදීමට ගියෝය. සුසාන් නැට් බැලීමට ඔහුගේ නිවසට ගිය අතර ඔවුන් සමගින් රූපවාහිනී බැලීම හෝ චෙස් වැනි ක්‍රීඩාවක් කිරීමට පුරුදු විය. අනාරාධිතවම ඇය ඔහු සමගින් රාත්‍රී ආහාර ගත් දිනද තිබුණි. සුසාන්ගේ ඥාති සහෝදරියන් ඉඳහිට ඔවුන් හා එක්විය.

කාලය වේගයෙන් ගතව යමින් තිබූ අතර ඔවුන් ළමාවියෙන් යොවුන් වියට එළඹෙමින් තිබිණි. හැම දෙයක්ම වෙනස් වෙමින් පැවතිණි. සුසාන් සෑම ගිම්හානයකම මාමාගේ ගෙදර ගිය නමුත් ඥාති සහෝදරියන්ගෙන් සමහරෙක් එහි වූයේ නැත. ඇවිදීම,කෑමබීම සහ ක්‍රීඩා පෙර මෙන්ම ප්‍රීතිමත් වූ අතර මේ වන විට වැඩිදුර අධ්‍යාපනය සඳහා නැට් ගමෙන් බැහැරව සිටියේය.

Childhood of Love

එක් ගිම්හානයකදී නොසිතූ දෙයක් සිදුවිය. මේ,සුසාන් සිය පාසල් අධ්‍යාපනය හමාර කර විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටි අවධියයි. ඈ මාමාගේ නිවසට ගොස් සිටි අතර නැට් ගමට පැමිණ සිටියේය. ඔහු බොහෝ වෙනස් අයෙකු වී තිබිණි. දැන් ඔහු උස මහත යෞවනයෙකි. දිනක් ඔහු ඇයට කතා කර ලිපියක් ඈ අතට පත්කළේ එය රහසේ කියවන ලෙස පවසමිනි. සුසාන්ට ඇගේ පළමු පෙම්හසුන ලැබී තිබුණ අතර පහදා දිය නොහැකි හැඟුමකින් ඈ වෙව්ලා ගියාය. ලැජ්ජාශීලී හැඟීමක් මෙන්ම චකිතයක් ඇයට දැනුණි. ඇගේ ඥාති සොහොයුරියක් ලිපිය සොරකම් කර නැන්දාට පෙන්වූ අතර නැට් සහ තමා අතර සබඳකමක් නොමැති වග සුසාන් ඇයට පැවසුවාය. නැට්,සූසන් හා කෑමක් බෙදාගන්න සැරසෙත්ම නිවස තුළ සිටි ඔහුගේ පියා ඔහුට කතා කළේය. නැන්දා ඔහු හා මේ බව කියන්නට ඇති වගට සුසාන් අනුමාන කළාය.

නැට් සහ සුසාන් එකටම කාලය ගත කළෝය. ඔහුගේ ආදරය පිළිගන්නා ලෙස ඥාති සහෝදරියන් සුසාන්ට ඇවිටිලි කර සිටියෝය. දෙදෙනා එක්ව අළුයම උදාවනතුරු එළිමහනට වී කතා බස් කරමින් හා කෝපි බොමින් කල් ගත කළ අතර තම හැඟීම් ගැන විශ්වාසයක් නොතිබුණද ඔහු හා මෙලෙස ගත කරන්නට ඇය කැමති වුවාය. පිළිතුරක් සිතා ගැනීමටත් පළමුව නිවාඩුව අවසන්ව තිබූ අතර හැඟුම්බර වූ නැට් ඇයට තිළිණයක් දුන්නේය. ඇය එය පිළිගැනීමට අදි මදි කළාය. සමුගැනීමට වෙලාව පැමිණ තිබිණි.

සුසාන් විද්‍යාලයට ගිය අතර නැට් ඔහුගේ නිවස ආසන්න විද්‍යාලයකට ඇතුළත් වුයේය. දින ගෙවෙමින් තිබිණි. එක් දිනක් සුසාන්ට නැට්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන්පසු කිහිප වතාවක්ම ඔහු ඇයට ඇමතුම් ලබා දුන් අතර මේ ඇමතුම් ගැන තම දෙමාපියන් දැනගනු ඇතැයි ඈ බිය වූවාය. සුසාන් තම මිතුරියන් හා මේ ගැන සාකච්ඡා කළාය. ඇයට නැවත කතා නොකරන ලෙස මිතුරියන් නැට් ගෙන් ඉල්ලා සිටියෝය. ඔහුගේ සිත බිඳුණි. ඇමතුම් කිහිපයකට පසුව ඔහු නිහඬ වුයේය. කුඩා වියේ සිටම පැවති ඔවුන්ගේ මිතුදම බිඳී ගියාක් මෙන් දැනුණි.

Childhood Love

වසර කිහිපයක් ගතව ගියේය. සුසාන්ට ඊමේල් පණිවිඩයක් ලැබී තිබූ අතර එය එවා තිබුණේ නැට් විසිනි. ඇයට සතුටක් සහ සැනසීමක් දැනුණි. ඔවුන් ඊමේල් හුවමාරු කරගැනීමට පටන්ගත් අතර වසර ගණනාවකට උඩදී තමා හැසිරුණු ආකාරය ගැන ඔහු සමාව ඇයද සිටියේය. ඒ ඇසුර ඇයට රස මතකයක්ම බැවින් සමාව අනවශ්‍ය බැව් ඈ පැවසුවාය. ඉක්මනින්ම ඔවුන් හැමදෙයක්ම බෙදාගන්නා මිතුරන් බවට පත්වී තිබිණි.

නැට් ඔහු ලියූ කවි සුසාන්ට එව්වේය. ඔවුන්ගේ සිත්ගත් අය පිළිබඳව,මිතුරු මිතුරියන් ගැන,විහිළු තහළු,වැදගත් සිදුවීම් පිළිබඳ එකිනෙකා හා පැවසූහ. කාලය ගතවෙනවා නොදැනුණි. ඔවුන් බොහෝ රෑ බෝ වනතුරුම පණිවිඩ හුවමාරු කර ගත්තෝය. නැට් ගැහැණු ළමයෙක් හා මිත්‍ර වී තිබූ අතර සුසාන් විවාහ වීමේ බලාපොරොත්තුවෙන් පසු වූවාය. එක් සැඳෑවක කතාබහක් අතරතුර නැට් පැවසූවේ ඇගේ විවාහයට පෙර ඔවුන් හමුවිය යුතු බවයි. සුසාන් කාර්යබහුලව සිටි අතර “උත්සාහ කරන්නම්” යනුවෙන් ඔහුට පැවසුවාය. නමුත් ඈ ඉක්මනින්ම විදෙස්ගත වූ අතර ඒ බව ඔහුට ඊමේල් කර තිබුණාය. තම වෙඩින් කාඩ් එකද ඈ ඔහුට එවා තිබිණි. පිළිතුරක් නොවූ තැන සුසාන් නැට් හට දුරකථන ඇමතුමක් ලබා දීමට සිතුවාය. එහෙත් ඔහු ඇගේ දුරකථන අංකය බ්ලොක් කර තිබිණි. ඔහු සමුගැනීමකින් තොරවම ඇය හැර ගොස් තිබුණේය.

තවත් වසර කිහිපයක් ගතවූ අතර නැට් ඇයට යළි කතා කළේ නැත. සුසාන් මාමා බැලීමට ගමට ගිය අතර නැට් එහි නොමැති බවට අනුමාන කළාය. ඔහු ගම්මානයේ සිටි බවත් තමා මගහැර ඇතිබවත් ඈ පසුව දැනගත්තාය. ඥාති සහෝදරියන් ඇයට පැවසුවේ නැට් දැන් ලේඛකයෙක් ලෙසින් රැකියාව කරන බවත් විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් ය. සුසාන් ඔහුට සුබ පතා ඊමේල් පණිවිඩයක් යැවූවද ඔහුගෙන් පිළිතුරක් නොවුණි.

“මිත්‍රත්වය” යන වදනේ තේරුමවත් නොදැන යහළුකම් ඇතිවූ අතර, එය “ප්‍රේමය” නැමති බාධකයේ ගැටී තිබේ. එම බාධකයේ ගැටුණාට පසු යළි හමුනොවන ලෙසින් මිත්‍රත්වයද නැතිවී ගොසිනි.

– Neha Gosavi විසින් රචිත Childhood Love නම් කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි –

 

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you