NovelsShort StoriesMothers Love මවකගේ ප්‍රේමය

Mothers Love මවකගේ ප්‍රේමය

-

spot_img

Mothers Love – තම පුතු මෙලොව එලිය දකින විටම එලියස් මේ බැව් දැන සිටියාය. ඈ පුතුගේ ඇඳ අසලින් ඉඳගත්තේ ඔහුගේ ඇඳ ඇතිරිල්ල සකසමිනි. ඔහුගේ වටිනාම වස්තුව එම ඇතිරිල්ල විය. එය රෙදි කැබලි මූට්ටු කර මැසූ,කුඩා දරුවෙකු සැපවත්ව තැබිය හැකි සාමාන්‍ය ඇතිරිල්ලකි. එය මැසූ තැනැත්තා ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙන්නට ඇත. එලියස් මේ ඇතිරිල්ල පරිස්සමින් රැක බලාගත්තාය. ඉරුණු තැන් යළි සකස් කළාය. එය තම යුතුකමක් යැයි ඈ සිතුවාය.

“මං මේ බ්ලැන්කට් එකට කැමතියි” ඇගේ පුතා එය අතටගත් පළමු දිනයේ පැවසුවේය.

“කොහෙන්ද අම්මා ඔයා ඒක හොයාගත්තේ?”

Mothers Love

“මං ඒක සංචාරකයන්ගෙන් මිලට ගත්තා…මේක හදලා තියෙන්නෙ යුරෝපයේ හැම තැනින්ම ගෙන ආව රෙදි එකට මූට්ටු කරලා.” ඈ පැවසුවේ සතුටෙනි.

“යුද්ධෙ කාලෙදි මේ බ්ලැන්කට් එක අයිතිවෙලා තිබුණෙ ජෙනරාල් කෝන්වැලින්ට…මේ බ්ලැන්කට් එක තමා එයාගෙ දෙපා උණුසුම් කලේ…යෝක් ටවුන් එනකංම එයා කාටවත්ම මේක දුන්නෙ නෑ..”

“යෝක් ටවුන්?”

“ඔව්..යෝක් ටවුන්” ඈ හිනැහුණාය.

“ජෝර්ජ් වොෂින්ටන් එය ඔහුගෙන් අරගත්තා…ඊළඟ අවුරුදු අටේම එයා ජනාධිපති වෙලා ඉන්න කාලේ මේක පාවිච්චි කළා..”

“ඔයා කියන්නෙ මේක ධවල මන්දිරයෙත් තිබුන එකක් කියලද අම්මා..?”

“ඔව් පැටියෝ”

“කවුද එතකොට මේක ධවල මන්දිරයට අරන් ගියේ..?”

“ඒ ගැන මං ඔයාට හෙට කියන්නම්…දැන් ඔයා නිදියන්න ඕනේ..” එලියස් තම පුතු සිපගනිමින් පැවසුවාය.

ඇගේ දරුවා ඉරුවාරදයට ගොදුරු වී තිබුණි. හැම රාත්‍රියකම බ්ලැන්කට් එක පිළිබඳ කතා ඈ ඔහු හා පැවසුවාය. දරුවාගේ තත්වය නරක අතට හැරෙමින් තිබුණි. වේදනාව අසීරුවෙන් දරාගනිමින් ඔහු හිනැහුණේය. අම්මා කියාදෙන කතාවලින්,අයිස් වතුර තැවරූ රෙදි කැබැල්ලකින්,අම්මාගේ මුදු වදනින් ඔහු සැනසුණේය. ඇතැම් රාත්‍රීන්වල ඈ නිදි නොමැතිවම සිටියාය. ඇඳ ඇතිරිල්ල ඇගේ කඳුළු උරාගත්තේය. පුතුට සුවවේවා යැයි පතමින් තනිව මිමිණුවාය.

“පෙනෙන විදිහට ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති වුණාම තමයි මේ බ්ලැන්කට් එක ධවල මන්දිරයට යන්න ඇත්තෙ..”

මේ කතාවට නිතර ම තවත් පරිච්ඡේද වුවමනා විය. ඒ,දරුවාගේ වේදනාව දිනෙන් දිනම තීව්‍ර වූ නිසාය. ඇතිරිල්ල ගැන කතාව ඔහුගේ අවධානය වෙනතක යොමු කළේය. ඔහු වේදනාව අමතක කර හිනැහුණේය.

“ඒබ්‍රහම් ලින්කනුත් එය පාවිච්චි කළාද..?” ඔහු කුතුහලයෙන් ඇසීය.

“ඔව් වස්තුවේ..” තම පුතුව කිතිකවමින් ඈ පැවසුවාය.

“රෂ්මෝර් කන්දෙන් නිරූපනය වෙන්නෙ ඔයාගෙ බ්ලැන්කට් එක පාවිච්චි කෙරුව ජනාධිපතිවරුන්.. ”

එලියස් පුතුගේ ඇඳ අසල සීතල ජලය බේසමක් තබා තිබුණි. එයින් තෙමූ රෙදිකඩක් ඔහුගේ හිසෙහි වේදනාව නැතිකර දැම්මේය. එය ඇයට සැනසීමකි. ඔහු කතාවට සවන් දෙමින් නින්දට පිවිසුණේය.

“ඔයා දන්නවද,මේ බ්ලැන්කට් එක හඳටත් ගියානේ…නීල් ආම්ස්ට්‍රෝන් එක්ක..”

මව සහ පුතු දෙදෙනාම හිනැහුණි.

“අනන්තයට..නෑ.. එයිනුත් එහාට….!”

“ඇත්තෙන්ම පැටියෝ..” ඈ ඔහුගේ නළල මත හාදුවක් තබමින් පැවසුවාය.

Mothers Love

එලියස් තම දරුවාව වෛද්‍යවරුන් ,විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් වෙත ගෙන ගියාය. දිනෙන් දිනම ඈ උත්සාහ කළේ ඇඳ ඇතිරිල්ල ගැන කතාව දිගු කිරීමටයි. එයින් ඇයට බලාපොරොත්තුවක් දැනුණි . ඇය තම කතාව හමාර කළ රාත්‍රිය වෙන රාත්‍රීන් වාගේම විය. ඈ පුතුගේ ඇඳ අසල සිටියාය. ඇයට වෙහෙසක් සහ නොසන්සුන් බවක් දැනුණි.

“ඉතින් ඊට පස්සෙ මම කඩ පොළට ගියාම ඔයාගෙ මේ ලස්සන බ්ලැන්කට් එක එතැන තිබුණා. ඒක අයිති ඔයාට කියලා මට දැනුණා. ඊට පස්සෙ මම කඩේ ඉන්න ලස්සන ගෑණු කෙනාට මුදල් ගෙවලා මේක ඔයාට අරන් ආවා..”

එලියස්ගේ දෙනෙත් කඳුලින් පිරුණි. ඔහු එය මුලින්ම ගත දවටාගෙන එයට කැමති වූ අයුරු ඇයට මතක් විය.

“බ්ලැන්කට් එකේ කතාව ඉවරයි එහෙනම්” ඇය පැවසුවේ කඳුළු සලමිනි. ඒක අපූරු කතාවක්.

තම සියලුම ශක්තිය එක්තැන් කරගත් ඈ, තමා ඉදිරියේ වූ හිස් වූ ඇඳ මත තම ආදරණීය පුතුගේ ඇතිරිල්ල තැබුවාය.

මව් සෙනෙහස කිසිදා මිය යන්නේ නැති බව ඈ සිතුවාය.තම දරුවා වෙනුවෙන් කරන්නට තවත් කිසිම දෙයක් ඇයට ඉතිරිව තිබුණේ නැත. පුතුගේ හිස්ව ගිය ඇඳ අසලින් ඉඳගත් ඈ නිහඬවම කඳුළු සැලුවාය.

-Thom Brodkin විසින් රචිත Home of the Brave කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි –

 

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you