More
    spot_img
    SportsICC Men's Cricket World Cup Qualifier: ශ්‍රී ලංකාව සුපර්...

    ICC Men’s Cricket World Cup Qualifier: ශ්‍රී ලංකාව සුපර් සික්ස් ලකුණු සටහනේ පෙරමුණට

    -

    spot_img

    ICC Men’s Cricket World Cup Qualifier සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය අදියරේ පළමු තරඟය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තරඟය පැවැත්වුනේ නෙදර්ලන්ත කණ්ඩායම සමග බුලවායෝහිදියි.

    ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරඟ සියල්ලම ජයග්‍රහණය කරමින් සුපිරි හය අතරට පිවිසීම විශේෂත්වයක්. සුපිරි හය වටය පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 213ක් ලබා ගැනීමට සමත්වුණා.

    ධනංජය ද සිල්වා පන්දු 111කදී ලකුණු 93ක් ලබා ගත් අතර දිමුත් කරුණාරත්න පන්දු 51කදී ලකුණු 33ක් රැස් කළා. ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනුවෙන් මහේෂ් තීක්ෂණ ලකුණු 28, වනිඳු හසරංග ලකුණු 20 සහ කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් ලබා ගත්තා.

    නෙදර්ලන්තය වෙනුවෙන් Logan van Beek සහ Bas de Leede කඩුලු 03 බැගින් දවාගත් අතර Saqib Zulfiqar කඩුලු 02ක් දවා ගැනීමට සමත්වුණා.

    ශ්‍රී ලංකාව රැස්කරගත් ලකුණු 213 හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 40 අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 192ක් පමණයි.

    නෙදර්ලන්තය වෙනුවෙන් නායක ස්කොට් එඩ්වර්ඩ් ලකුණු 67*ක් ද, බාස් ඩි ලීඩ් ලකුණු 41ක් ද, වෙස්ලි බැරේසි ලකුණු 52 ක් ලබාගත්තා.

    විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහේෂ් තීක්ෂණ කඩුලු 03ක් ද, වනිඳු හසරංග 02ක් ද, දසුන් ශානක, ඩිල්ෂාන් මධුශංක සහ ළහිරු කුමාර කඩුලු 1 බැගින් ද ලබාගත්තා.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Mahindananda Aluthgamage මහින්දානන්දට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්

    Mahindananda Aluthgamage - කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට පිළිවෙලින් වසර...

    A shooting පානදුර වෙඩි තැබීමක්

    A shooting - අද (29) උදෑසන දහයට පමණ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි යතුරුපැදි කොටස් අලෙවි ස්ථානයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

    On strike තැපෑලත් ඊයේ රෑ 12 සිටම වැඩවර්ජනයේ

    On strike -  තැපැල් වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එය හෙට දිනය...

    Artificial intelligence කෘතීම බුද්ධිය මිනිස් අණට අකීකරු වෙයි

    Artificial intelligence - ChatGPT හි නවතම කෘතිම බුද්ධි ආකෘතිය වන o3 මිනිස් උපදෙස්වලට අකීකරු වීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා...
    - Advertisement -spot_img

    A big explosion චීනයම හෙල්ලූ රසායනික කම්හලේ දැවැන්ත පිපිරීම

    A big explosion  - නැගෙනහිර චීනයේ රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව...

    Garlic Noodles පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රී ආහාරයක්

    Garlic Noodles - ආසියානු ක්‍රමයට සැකසූ මෙම නුඩ්ල්ස් එක පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රී ආහාරයකි. ස්පැගටි, රාමෙන්, සහල් නූඩ්ල්ස්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page