SportsICC Men's Cricket World Cup Qualifier: ශ්‍රී ලංකාව සුපර්...

ICC Men’s Cricket World Cup Qualifier: ශ්‍රී ලංකාව සුපර් සික්ස් ලකුණු සටහනේ පෙරමුණට

-

spot_img

ICC Men’s Cricket World Cup Qualifier සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය අදියරේ පළමු තරඟය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තරඟය පැවැත්වුනේ නෙදර්ලන්ත කණ්ඩායම සමග බුලවායෝහිදියි.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරඟ සියල්ලම ජයග්‍රහණය කරමින් සුපිරි හය අතරට පිවිසීම විශේෂත්වයක්. සුපිරි හය වටය පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 213ක් ලබා ගැනීමට සමත්වුණා.

ධනංජය ද සිල්වා පන්දු 111කදී ලකුණු 93ක් ලබා ගත් අතර දිමුත් කරුණාරත්න පන්දු 51කදී ලකුණු 33ක් රැස් කළා. ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනුවෙන් මහේෂ් තීක්ෂණ ලකුණු 28, වනිඳු හසරංග ලකුණු 20 සහ කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් ලබා ගත්තා.

නෙදර්ලන්තය වෙනුවෙන් Logan van Beek සහ Bas de Leede කඩුලු 03 බැගින් දවාගත් අතර Saqib Zulfiqar කඩුලු 02ක් දවා ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකාව රැස්කරගත් ලකුණු 213 හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 40 අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 192ක් පමණයි.

නෙදර්ලන්තය වෙනුවෙන් නායක ස්කොට් එඩ්වර්ඩ් ලකුණු 67*ක් ද, බාස් ඩි ලීඩ් ලකුණු 41ක් ද, වෙස්ලි බැරේසි ලකුණු 52 ක් ලබාගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහේෂ් තීක්ෂණ කඩුලු 03ක් ද, වනිඳු හසරංග 02ක් ද, දසුන් ශානක, ඩිල්ෂාන් මධුශංක සහ ළහිරු කුමාර කඩුලු 1 බැගින් ද ලබාගත්තා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

වාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

වාහන මිල  ලක්ෂ ගණනින් ඉහළට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (sscl) සියයට...

හර්ෂණ ගෙදර යවන්නේ නෑ – ජාතික ජන බලවේගයේ මහ ලේකම්

හර්ෂණ ගෙදර යවන්නේ නෑ - ජාතික ජන බලවේගයේ මහ ලේකම් මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...
- Advertisement -spot_img

ආලෝකයෙන් අඳුරට යෑම

ආලෝකයෙන් අඳුරට යෑම - Walk for World Peace ආලෝකය යනු යමක පෙනීම තහවුරු කිරීමට උත්තේජනය ලබාදෙන පරිසර තත්වය ලෙස අපට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you