More
    spot_img
    SportsNew Zealand Women vs Sri Lanka Women: නවසීලන්ත ක්‍රීඩිකාවන්ට...

    New Zealand Women vs Sri Lanka Women: නවසීලන්ත ක්‍රීඩිකාවන්ට විශිෂ්ඨ ජයක්.

    -

    spot_img

    සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (30) ගාල්ලේදී පවතී දෙවන එක්දින තරඟය ලකුණු 111 කින් ජයගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් ඕවර 50ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 329ක් රැස් කළා. එම ලකුණු 329 ට නායිකා සොෆි ඩෙවින් ගේ ලකුණු 137ක් සහ ඇමිලියා කෙර් ගේ ලකුණු 108ක් ඇතුලත්. සොෆි ඩෙවින් එම ලකුණු 137 ලබාගැනීමට පන්දු 121 කට මුහුණ දුන් අතර එයට 6 පහර 2ක් සහ හතරේ පහර 17ක් ඇතුලත්. මේ ඇයගේ 6 වන එක්දින ශතකයයි. ඇමිලියා කෙර් ලබාගත් ලකුණු 108 සඳහා ඇය පන්දු 106 කට මුහුණ දුන් අතර එයට එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුලත්. මෙය ඇමිලියා ගේ දෙවන එක්දින ශතකයයි.

    SLC

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඕෂදී රණසිංහ ලකුණු 68 කට කඩුලු 3ක් දවා ගත්තා.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල කවීෂා දිල්හාරි පන්දු 98 කට ලකුණු 84ක් රැස්කරා. අනුශ්කා සංජීවනී පන්දු වාර 14 කින් ලකුණු 17ක් සහ කාව්‍යා කාවින්දි පන්දු වාර 31 කින් ලකුණු 15 ලබාගැනීමට සමත්වුණා. මෙහිදී පළමු එක්දින තරඟයේ අගනා ඉනිමක් ක්‍රීඩා කල නායිකා චමරි අතපත්තු මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී යාම විශේෂත්වයක්.

    නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ ලීආ තහූ ලකුණු 28කට කඩුලු 4ක් දවාගත් අතර ඊඩ්න් කාර්සන් ලකුණු 41 කට කඩුලු 2 ක් ලබාගැනීමට සමත්වුණා.

    SLC
    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    A big explosion චීනයම හෙල්ලූ රසායනික කම්හලේ දැවැන්ත පිපිරීම

    A big explosion  - නැගෙනහිර චීනයේ රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව...

    Britney Spears සුපිරි පොප් තරුව ගුවන් යානයක් තුළ සිගරට් බීලා

    Britney Spears සුප්‍රකට පොප් ගායන තරුව ගුවන් යානයක් තුළ සිගරට් එකක් පානය කළ බවට වාර්තා වෙනවා. ලොස් ඇන්ජලීස් බලා...

    Coconut පොල් මිල යළිත් ඉහළට

    Coconut - මේ වනවිට වෙළඳපොලේ ලුණු හිගයක් නිර්මාණය වී ඇති පසුබිමක පොල් ගෙඩියක මිලද යළිත් වරක් රුපියල් 250 ඉක්මවා...

    The weather වැසි තත්ත්වයේ වැඩි වීමක්

    The weather - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්...
    - Advertisement -spot_img

    The weather වැසි තත්ත්වයේ වැඩි වීමක්

    The weather - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්...

    Covid 19 කොරෝනා ඉන්දියාවේදී යළි හිස ඔසවයි

    Covid 19 - ඉන්දියාවෙන් සක්‍රීය කොරෝනා රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page