හිටපු ප්‍රංශ ජනපති ගඩාෆිගෙන්ය යුරෝ මිලියන පහක් අරන්
හිටපු ප්‍රංශ ජනපති නිකලස් සාකෝසි (Nicolas Sarkozy) සහ ඔහුගේ බිරිඳ සුප්‍රකට නිරූපිකා (Carla Bruni) යළිත් වතාවක් දැවැන්ත නීතිමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ 2007 වසරේදී ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ (Muammar Gaddafi) පාලනයෙන් නීති විරෝධී මුදල් ලැබුණු බවට එල්ල වූ පැරණි චෝදනාව එල්ල කෙරූ ප්‍රධාන සාක්ෂිකරුගෙන් එම ප්‍රකාශය ඉල්ලා අස් කරගැනීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්.
වසර පහකට අධික කාලයක් පැවති විමර්ශන වලින් අනතුරුව 2026 නොවැම්බර් 24 වනදා ප්‍රංශ අධිකරණ බලධාරීන් සාකෝසි සහ කාලා බෲනි ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයකට යොමු කිරීමට තීරණය කළා. නිකලස් සාකෝසි 2007 වසරේ ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අතර ඔහු 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා. පසුව චෝදනා එල්ල වූයේ මැතිවරණ කටයුතු සඳහා ඔහුට එවකට ලිබියානු නායක ගඩාෆිගෙන් විශාල මුදලක් ලැබී ඇති බවයි. චෝදනාවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූයේ ප්‍රංශ-ලෙබනන් ව්‍යාපාරිකයෙකු වන Ziad Takieddine ය. ඔහුගේ ප්‍රකාශයට අනුව 2006 සහ 2007 වසරවලදී ගඩාෆි පාලනයෙන් ලැබුණු මුදල් සූට්කේස්වල දමා ලිබියාවේ සිට ප්‍රංශයට ප්‍රවාහනය කිරීමට ඔහුද මැදිහත් වී තිබෙන අතර එම මුදල යුරෝ මිලියන පහකට අධික බවයි ඔහු පැවසුවේ. නමුත් හිටපු ප්‍රංශ ජනපතිවරයා මේ චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කළා.

සාකෝසි ධුරයට පත්ව මාස පහකට පසු ලිබියානු නායකයා පැරිසියේ ජනපති මන්දිරය අසල Bedouin ආකාරයේ කූඩාරමක් ඉදිකර නවාතැන් ගැනීම ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය දිනාගත්තා. ඉන්පසුව සාකෝසි ලිබියානු පාලනයට එරෙහි NATO හමුදා මැදිහත්වීමේ ප්‍රබල ආධාරකරුවෙකු බවට පත්වුණ අතර 2011 වසරේදී බලයෙන් පහකෙරුණු ලිබියානු නායක මුවම්මර් ගඩාෆි කැරලිකරුවන් විසින් ඝාතනය කළා.
ඔවුන්ගේ සම්බන්ධතාවයේ ආරම්භය සහ අවසානය අදටත් ප්‍රංශ දේශපාලනයේ නොවිසඳුණු ගැටළුවක්. මෙම නඩුවේ වඩාත්ම සැක සහිත සිදුවීම සිදුවන්නේ 2020 නොවැම්බර් මාසයේදී. ඒ වසර ගණනාවක් සාකෝසිට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ Ziad Takieddine හදිසියේම තම ප්‍රකාශය වෙනස් කිරීමත් සමගින්. 2020 නොවැම්බර් 11 වනදා ඔහු ප්‍රංශයේ ජනප්‍රිය සඟරාවක් වන Paris Match වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සාකෝසිගේ 2007 මැතිවරණ ව්‍යාපාරයට ගඩාෆි මුදල් දුන් බවට තමන් සිදුකළ චෝදනා ඉල්ලා අස් කර ගත්තා. මෙය සාකෝසිට විශාල දේශපාලන වාසියක් අත්කර දුන් සිදුවීමක් වුණා. ඔහු එම අවස්ථාවේ පැවසුවේ තම නිර්දෝෂීභාවය තහවුරු වූ බවයි.
නමුත් විමර්ශකයන්ට මෙම හදිසි වෙනස පිළිබඳ සැකයක් ඇති වූයේ එය බලපෑම් මත සිදුවූ එකක්දැයි යනුවෙන්. අනතුරුව ඒ සම්බන්ධව විමර්ශන ඇරඹුණා. මෙහිදී වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වූයේ ‘Save Sarko’ ලෙස හඳුන්වා තිබූ මෙහෙයුමයි. ප්‍රංශ විමර්ශකයන්ට අනුව Takieddineගේ ප්‍රකාශය ආපසු ලබාගැනීම සඳහා ඔහුට යුරෝ මිලියන කිහිපයක් ලබාදීමට පොරොන්දු වූ බවට සැක කෙරුණා. මෙම මෙහෙයුමට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන චරිතයක් වන්නේ ප්‍රංශයේ ප්‍රසිද්ධ මාධ්‍ය හා මහජන සම්බන්ධතා ව්‍යාපාරිකාවක වන Michèle Marchand ය. ඇය ‘Paparazzi Queen’ ලෙසද හඳුන්වනු ලබයි. විමර්ශකයන්ගේ අදහස වූයේ Marchand ඇතුළු අතරමැදියන් Takieddineගේ ප්‍රකාශය වෙනස් කරවීමේ උත්සාහයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවයි. මෙම ක්‍රියාවලියට ලිඛිත ප්‍රකාශයක් ඇතුළත් වූ බව Le Monde වාර්තාවක සඳහන්.

එම ලිඛිත ප්‍රකාශය ප්‍රංශ විමර්ශකයන්ට යොමු කිරීමෙන් Takieddine ගෙන් නැවත ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාව වළක්වා ගැනීමට උත්සාහ කළ බවට සැක කෙරෙනවා. නමුත් මෙම මෙහෙයුම සාර්ථක නොවූ අතර 2021 ජනවාරි 14 වනදා ප්‍රංශ විමර්ශන විනිසුරුවරයා ඉදිරියේ Takieddine නැවතත් තම මුල් චෝදනාව තහවුරු කළා. ඒ අනුව 2020 නොවැම්බර් මාසයේදී සිදුකළ ප්‍රකාශය ආපසු ගැනීමේ සිදුවීම නඩුවේ තවත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුණා. විමර්ශකයන් පවසන්නේ Carla Bruni, Mimi Marchand සමඟ සම්බන්ධතා පවත්වාගෙන යමින් Takieddine ගේ ප්‍රකාශය වෙනස් කිරීමේ මෙහෙයුම පිළිබඳ තොරතුරු ලබාගත් බවයි. මෙහිදී වඩාත්ම අවධානයට ලක්වූයේ රහසිගත දුරකථනයක් පිළිබඳවයි. කෙසේ වෙතත් කාලා බෲනි සියලු චෝදනා ප්‍රතික්ෂේප කළා.
මෙම විමර්ශනයේ තවත් වැදගත් කරුණක් වන්නේ ව්‍යාපාරික David Layanසමඟ සම්බන්ධ වූ යුරෝ 72,000ක ගණුදෙනුවයි. Layani යනු Onepoint නම් ඩිජිටල් සේවා සමාගමේ නිර්මාතෘවරයාය. විමර්ශකයන්ගේ මතය අනුව ‘Save Sarko’ මෙහෙයුමට මුදල් සැපයීම සඳහා ඔහුගේ සහාය ලබාගෙන තිබේ. නමුත් විමර්ශකයන් පෙන්වා දෙන්නේ එම ගිවිසුම යටතේ සිදුකළ යුතු කාර්යය ඉටු නොවූ බවත්, එම මුදල් ලෙබනනයේ සිටි පිරිසක් වෙත යොමු වූ බවත්ය. 2026 නොවැම්බර් 24 වනදා ප්‍රංශ විමර්ශන විනිසුරුවරුන් මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනෙකු නඩු විභාගයකට යොමු කිරීමට තීරණය කළා. ඒ අනුව හිටපු ජනපති සාකෝසිට සංවිධානාත්මක වංචාවක් සිදුකිරීමේ අරමුණින් අපරාධ කුමන්ත්‍රණයකට සහභාගී වීම සහ සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ල කිරීම ඇතුළු චෝදනා එල්ල වී තිබෙන අතර කාලා බෲනිටද මෙම මෙහෙයුමට සම්බන්ධ වීම සහ සාක්ෂිකරුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. Mimi Marchand ට සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීම, සංවිධානාත්මක වංචාවකට කුමන්ත්‍රණය කිරීම සහ විදෙස් අධිකරණ නිලධාරීන්ට අල්ලස් ලබාදීමේ සූදානමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.




