Featuresරනිල් 'ලාෆ්' කියන හැටි අනුරගෙන් අහගන්න

රනිල් ‘ලාෆ්’ කියන හැටි අනුරගෙන් අහගන්න

-

spot_img

රනිල් ‘ලාෆ්’ කියන හැටි අනුරගෙන් අහගන්න

හඳුන්නෙත්තිගේ ‘බොරු බිල්ලා’ සහ ධම්මිකගේ ව්‍යාපාරික මෙහෙයුම

එදා විපක්ෂයේ සිටියදී රනිල් වික්‍රමසිංහ පාලනයේ ගෑස් මිල වැඩිවීම් සහ පෝලිම් දෙස බලා උපහාසයෙන් සිනාසුණු පිරිසට, අද තමන්ගේම ආණ්ඩුව යටතේ ‘කහ සිලින්ඩරය’ කට උල්කරගෙන මුහුණටම දමා ගසන තත්ත්වයක් උදා වී තිබේ. 2026 නොවැම්බර් 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් (LAUGFS) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා එහි නව මිල රුපියල් 6,740ක් දක්වාත්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රුපියල් 732කින් ඉහළ දමා රුපියල් 2,720ක් දක්වාත් ඉහළ නැංවීමට සමාගම පියවර ගත්තේය. මෙම අසාමාන්‍ය මිල වැඩිවීමත් සමඟ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයත්, එහි ඇති දේශපාලන පරස්පරතාවයත් හරහා ආණ්ඩුවේ සහ ධනකුවේර ව්‍යාපාරිකයන්ගේ සැබෑ ගනුදෙනුව කරළියට පැමිණ ඇත. 

The Laugfs Gas issue

හඳුන් බබා

ලාෆ්ස් සමාගමේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කියනුයේ, රජයේ අයවැය හරහා ජනතාවට ලබාදුන් සහන පිළිබඳ සමාජ කතිකාව වෙනතකට හැරවීමට සහ විපක්ෂයට සටන් පාඨයක් නිර්මාණය කර දීමට ගත් දේශපාලන උත්සාහයක් ලෙස මෙම මිල වැඩිවීම පෙනී යන බවයි. අමාත්‍ය හඳුන්නෙත්ති මෙහිදී ජනතාව නොමඟ යවන සුළු, වංචාකාරී දේශපාලන තර්කයක් ඉදිරිපත් කරන බව පෙනෙයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ලාෆ්ස් සමාගමේ වත්මන් 50%ක කොටස් හිමිකරු වන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ වත්මන් ආණ්ඩුව අතර ඇති අතිශය සමීප සබඳතාවය නිසාය.

ධම්මික පෙරේරා යනු වත්මන් රජයේ ප්‍රබලයන්ට ඉතාම කිට්ටුම හිතවතෙකු මෙන්ම ආණ්ඩුවට සමීපතම ව්‍යාපාරිකයෙකු බව ප්‍රසිද්ධ රහසකි. එවැනි පසුබිමක, ධම්මික පෙරේරා කිසිසේත්ම වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට හෝ ආණ්ඩුව වට්ටන්නට කිසිදු පියවරක් නොගන්නා බව ඉතා පැහැදිලිය. එක් පසෙකින් ධම්මික පෙරේරා සමඟ සමීපව ගනුදෙනු කරමින්, අනෙක් පසින් ඔහුගේම සමාගමක් සිදු කළ මිල වැඩි කිරීම “ආණ්ඩුවට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක්” ලෙස හඳුන්නෙත්ති අමාත්‍යවරයා අර්ථකථනය කිරීම හුදෙක් ජනතාවගේ ඇස් වසා ආණ්ඩුවේ අසමත්භාවය වසන් කිරීමට ගත් තක්කඩිම උත්සාහයකි.

The Laugfs Gas issue

බිලියන 10ක පාඩුව පියවා ගැනීමේ ධම්මිකගේ ව්‍යාපාරික මෙහෙයුම

මෙම මිල වැඩිවීම පිටුපස ඇති සැබෑ කතාව දේශපාලන කුමන්ත්‍රණයක් නොව, සම්පූර්ණයෙන්ම ධම්මික පෙරේරාගේ ආයෝජන උපායමාර්ගයක් බව හදුන්ට නොතේරුනා යැයි සිතීම විහිළුවකි. අමාත්‍ය හඳුන්නෙත්ති පවා පිළිගන්නා පරිදි, ලාෆ්ස් සමාගම මේ වන විට රුපියල් බිලියන 10ක දැවැන්ත පාඩුවක් ලබා ඇති අතර 2019 සිට බදු පවා පැහැර හැර තිබේ. ණය බරින් මිරිකී තිබූ මෙම සමාගමේ සම නිර්මාතෘ තිලක් ද සිල්වාගේ කොටස් මිලදී ගනිමින් ධම්මික පෙරේරා එහි 50: 50 සම හිමිකාරිත්වයට පැමිණියේ එය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමේ අරමුණිනි. හම්බන්තොට ගෑස් පර්යන්තය ඇතුළු සමාගමේ දැවැන්ත අලාභයන් සහ සැපයුම් බාධා කඩිනමින් පියවා ගැනීමට නම්, පාරිභෝගිකයා මත දැඩි මිල බරක් පැටවීම ධම්මික පෙරේරා වැනි ශුද්ධ ව්‍යාපාරිකයෙකු ගන්නා සාමාන්‍ය තීරණයක් බව නොදන්නට හදුන් චුටි බබෙක්ද යන පැනය ඉතිරිය.

The Laugfs Gas issue

ආණ්ඩුවේ දෙබිඩි බව

මෙරට ගෑස් වෙළෙඳපොළෙන් 90%ක් හිමි ලිට්‍රෝ සමාගම සිලින්ඩර ලක්ෂ 20ක් නිකුත් කරමින් මිල ස්ථාවරව තබා ගනිද්දී, 10%ක වෙළෙඳපොළ කොටසක් (සිලින්ඩර ලක්ෂ 3ක්) හිමි ලාෆ්ස් සමාගමට රුපියල් 1,775කින් මිල වැඩි කිරීමට ඉඩ දී බලා සිටීමෙන් පෙනී යන්නේ, ආණ්ඩුව සිය හිතවත් ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරය ගොඩදැමීමට සූක්ෂමව ඉඩ හසර ලබා දී ඇති බවයි.

The Laugfs Gas issue

නිදහසට කරුණු සහ අසරණ වූ පාරිභෝගිකයා

ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, නැව් ගාස්තු සහ විනිමය අනුපාත මත සිලින්ඩරයක මිල රුපියල් 1,912කින් වැඩි විය යුතු වුවත්, පිරිවැය පමණක් පියවා ගැනීමට රුපියල් 1,775කින් මිල වැඩි කළ බවයි. කෙසේ වෙතත්, සත්‍යය ඉතා පැහැදිලිය. එක් පසෙකින් ධම්මික පෙරේරා සිය ව්‍යාපාරික අලාභයන් පියවා ගැනීමට පාරිභෝගිකයාගේ සාක්කුවට අත දමා ඇත. අනෙක් පසින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එම මිල වැඩිවීම “ආණ්ඩුව වට්ටන්නට කරන කුමන්ත්‍රණයක්” ලෙස හුවා දක්වමින්, තමන්ගේම හිතවත් ව්‍යාපාරිකයාගේ තීරණය ආරක්ෂා කරන්නට වෙහෙසේ. ඒ අතර ජනතාව කට උල්කර කියන වංචාකාරී දේශපාලන සුරංගනා කතා වලට තවමත් හසුවෙති. අවසානයේදී, දේශපාලනඥයන්ගේ සහ ධනකුවේරයන්ගේ මෙම ඒකාබද්ධ නාටකයේ වන්දිය රුපියල් 6,740 බැගින් ගෙවීමට සිදුව ඇත්තේ මෝඩ පාරිභෝගික ජනතාවටමය. අනුර රනිල් කොහොමද ලාෆ් කියන්නෙ..? ඒක ආයෙමත් කියන්න ජනතාවට හිනා වෙන්න.

✍️ තරංග හර්ෂණ ආතාවුද විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්වූ "Bing Chun"...

අධ්‍යපනයට වැඩිම මුදලක් කියා හරිනි කියූ කෙප්පය

අධ්‍යපනයට ඉතිහාසයේ වැඩිම මුදලක් කියා හරිනි කියූ කෙප්පය 2027 අයවැය විවාදයේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිදු කළ...

අයවැයෙන් බදු කැපුණු මිරිස් කන්ටේනර් 60

අයවැයෙන් බදු කැපුණු මිරිස් කන්ටේනර් 60 කොළඹ වරායේ රේගු භාරයේ සිරවී ඇති වියළි මිරිස් බහාලුම් (කන්ටේනර්) තොගය සහ 2027 අයවැය...

කම්කරු නීති මළගම් යැවූ “මව්බිම” අර්බුදය

කම්කරු නීති මළගම් යැවූ "මව්බිම" අර්බුදය රටේ දූෂණ, වංචා සහ අසාධාරණයන් ගැන පෑන මෙහෙයවමින් ජනතාවගේ හඬ බවට පත්වූ මාධ්‍යවේදීන්ට, අද...
- Advertisement -spot_img

පාරම්පරික මිනිසුන් ජීවත් වූ පුරාණ ගම – අංගම්මැඩිල්ල

පාරම්පරික මිනිසුන් ජීවත් වූ පුරාණ ගම - අංගම්මැඩිල්ල පොළොන්නරුව සෑම අතින්ම සංචාරකයන්ට වැදගත් ප්‍රදේශයකි. දෙස් විදෙස් හැමෝටම හිතේ හැටියට සංචාරය...

කම්කරු නීති මළගම් යැවූ “මව්බිම” අර්බුදය

කම්කරු නීති මළගම් යැවූ "මව්බිම" අර්බුදය රටේ දූෂණ, වංචා සහ අසාධාරණයන් ගැන පෑන මෙහෙයවමින් ජනතාවගේ හඬ බවට පත්වූ මාධ්‍යවේදීන්ට, අද...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you