Newsවැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති

-

spot_img

වැඩිහිටි නිවාස නියාමන නීති

ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇත. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැඩිහිටි මහ සභාවේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් මෙම නියෝග හා මාර්ගෝපදේශ සකස් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල‍ෙ සඳහන් කළේ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 දත්ත අනුව ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය සියයට 18 ඉක්මවා ඇති අතර එම ප්‍රතිශතය ඉදිරියේදී සියයට 24 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කළ හැකි බවය. රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය නොවන සහ ස්වේච්ඡා සංවිධාන මගින් පවත්වාගෙන යන සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතු බවද හෙතෙම පැවසීය.

MP Upali Pannile
විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල‍ෙ

තවද එම මධ්‍යස්ථානවල සේවා ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා හඳුන්වා දී ඇති නව නියෝග හා මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමද අනිවාර්ය ය. මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආධාර යටතේ ඉදිරි වසර තුන තුළ මෙරට වැඩිහිටි ආයතනගත රැකවරණ පද්ධතිය පුළුල් කර ශක්තිමත් කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවද අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය. දීර්ඝ කාලයක් අබලන්ව පැවති පන්නල නෙදර්ලන්ත – වෙල්කම් විලේජ් පරිශ්‍රය ගැසට් පත්‍රයක් මගින් රජයට පවරාගෙන ඇති අතර, ලබන වසරේදී රුපියල් මිලියන 400ක් වැය කර එය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you