Foodඅසනීප සනීප කරන චිකන් නූඩ්ල්ස් සුප්

අසනීප සනීප කරන චිකන් නූඩ්ල්ස් සුප්

-

spot_img

අසනීප සනීප කරන චිකන් නූඩ්ල්ස් සුප් – Chicken Noodle Soup

චිකන් නූඩ්ලස් සුප් කියන්නෙ කවුරුත් කැමති, රස වෑහෙන කෑමක්. ඒ වගේම පෝෂණ ගුණයෙනුත් ඉහළයි. ඩිනර් එකට, වැස්සක් තියෙන වෙලාවක වගේම අසනීප ගතියක් දැනෙන වෙලාවටත් උණු උණුවේ හැදුව චිකන් නූඩ්ල්ස් සුප් එකක් කියන්නෙ අපූරුම දෙයක්. ලේසියෙන්ම චිකන් නූඩ්ලස් සුප් එකක් හදාගන්නෙ කොහොමද කියලා බලමු. 

Chicken Noodle Soup

• අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් 100–150 g

නූඩ්ල්ස් පැකට් 1ක්

ලොකු ළුණු ගෙඩියක්

සුදු ළුණු බික් 3–4ක්

කැරට් 1 – 2 ක්

ලීක්ස් ගහක්

බටර් හෝ තෙල් මේස හැඳි 1–2ක්

චිකන් ස්ටොක් හෝ වතුර කෝප්ප 4ක් පමණ

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු

කැමති එළවළු වර්ග (ගෝවා, බෝංචි)

Chicken Noodle Soup

• සාදන ක්‍රමය

ඉස්සෙල්ලම භාජනයකට වතුර ටිකක් දාලා ඒකට චිකන් එක සහ ලුණු ටිකක් එකතු කරගන්න. චිකන් එක මද ගින්නේ හොඳට තම්බ ගන්න. චිකන් තැම්බුණාට පස්සේ ටිකක් නිවෙන්න තියලා පොඩි කෑලිවලට කපාගන්න. ඊළඟට ළුණු, සුදු ළුණු සහ කැරට්, ලීක්ස් හීනියට කපාගන්න. භාජනයක් ලිපේ තියලා ඒකට බටර් හරි තෙල් ටිකක් හරි දාන්න. බටර් ටික රත් වුණාට පස්සෙ ළුණු සහ සුදු ළුණු එකතු කර මද ගින්දරේ තෙම්පරාදු කරගන්න. ළූණු ටික මෘදු වෙලා සුවඳ එනකොට කැරට් සහ ලීක්ස් එකතු කර තවත් විනාඩි කිහිපයක් තෙම්පරාදු කරගන්න. එළවළු ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ චිකන් ස්ටොක් එක එකතු කරන්න. චිකන් ස්ටොක් ප්‍රමාණය මදි වගේ නම් වතුර ටිකක් එකතු කරගන්නත් පුළුවන්.

Chicken Noodle Soup

දැන් මිශ්‍රණය හොඳට උතුරනකං මද ගින්දරේ තියාගෙන එළවළු ටික මෘදු වෙනතුරු ටික වේලාවක් තම්බගන්න. ඊළඟට කපාගත් චිකන් එකතු කරන්න. චිකන් එක එකතු කරලා ටික වේලාවකට පස්සේ නූඩ්ල්ස් ටික එකතු කරගන්න. (නූඩ්ල්ස් වර්ගය අනුව තැම්බෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 3 – 5 ක් පමණ ගත වෙනවා. නූඩ්ල්ස් වැඩිපුර තම්බන්න එපා.) නූඩ්ල්ස් සහ එළවළු හොඳට තැම්බුණාට පස්සේ ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කරලා ලිපෙන් බාගන්න. උණු උණුවේ පිළිගන්වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you