Travelසුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද

-

spot_img

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද

නැගෙනහිර පළාතේ සුවිශේෂීතා බොහොමයක් සහිතයි. බෞද්ධ ජනතාවට වන්දනීය වූ බෞද්ධ සිද්ධස්ථාන රැසකි. අන්‍යාගමික ජනතාවටද ඉතා වැදගත්කම් බොහොමයකි. නැගෙනහිර පළාත බොහෝ දෙනාගේ අවධානය යොමුවන ස්ථාන අතර ආරුගම්බේ හා පාසිකුඩා ප්‍රමුඛයි. විශේෂයෙන්ම විනෝද චාරිකා හා පවුලේ නිවාඩුව ගත කිරීමට තෝරාගන්නා ස්ථාන අතර නැගෙනහිර පළාත් ඉහත සඳහන් කළ ස්ථාන වෙත කාගෙත් අවධානය යොමුවෙයි. 

Sangaman Kanda

එසේම විදේශීය සංචාරකයන්ද වැඩි වශයෙන් එකී ප්‍රදේශවලට පැමිණෙති. පාසිකුඩා මුහුදු තීරයත් ආරුගම්බේ මුහුදු තීරයත් ලොව ප්‍රචලිත රළ මත ලිස්සා යෑම ක්‍රීඩාව (surfing) සඳහා ප්‍රසිද්ධ වෙයි. ජාත්‍යන්තර surfing තරග සඳහා ද මෙකී ස්ථාන ප්‍රචලිතය. මෙම සුන්දර මුහුදු තීරයන් මෙන්ම තවත් බොහෝ වැදගත් ප්‍රසිද්ධ හා බොහෝ දෙනා නොදකින වැදගත් ස්ථාන රාශියක් නැගෙනහිර පළාතේදී හමුවෙනවා. නැගෙනහිර පළාත් කුමන ජාතික උද්‍යානය, කුඩුම්බිගල, පානම දීඝවාපිය, මුහුදු මහා විහාරය ඇතුළු ප්‍රසිද්ධ බොහෝ ස්ථාන පවතිනවා. මේ අතර තරමක නුහුරු හෝ නොදන්නා ඉතා වැදගත් ස්ථානද ඇති බව සඳහන් කළ යුතුයි.

Sangaman Kandaඒ අතරින් පාසිකුඩා සිට වාකරේ යන අතරතුර හමුවන කායන්කාලී පාලම, පනිච්චන්කර්ති කලපුව, සල්ලනිම් මුහුදු වෙරළ, වාකරේ මුහුදු තීරය එසේම ආරුගම්බේ පානම මුහුදු තීරය, පානම වැලි කඳු වගේම පානම කිඹුලන් ගහන වූ වැව බොහෝ දෙනා නොදන්නවා විය හැකියි. දිවයිනේ දිගම ලෙස හමුවන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව මෙන්ම පළල ලෙස සැලකෙන කොළඹ හා නැගෙනහිරින් සංගමන් කන්දයි.

Sangaman Kanda

මෙවන් බොහෝ ස්ථාන දැකබලා ගැනීමට නැගෙනහිර යන ඔබට හැකියි. ඔබ පාසිකුඩා සංචාරය කිරීමේදී වාකරේ ප්‍රදේශය දැක බලා ගැනීම ඉතා වැදගත් වේවි. වඩාත් වැදගත් වන්නේ නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ෂණය ඇති රමණීය මුහුදු තීරණයක් පැවතීමයි. ඒ අතරින් සල්ලනිච් හා වාකරේ මුහුදු තීරය අති සුන්දර මුහුදු තීරයක් ලෙස හඳුන්වාදීමට පුළුවන.

Sangaman Kandaපාසිකුඩා මුහුදු තීරය ද මනස්කාන්ත මුහුදු තීරයකි. සංචාරක ආකර්ෂණය ලද මෙරට විදේශිකයන් පැමිණීමට මෙම මුහුදු තීරය ඉතා වැදගත් වී තිබෙනවා. කොරල්පර තීරයක් සහිත ස්වභාවධර්මයේ අපූරු දායාදයක් ලෙස පාසිකුඩා මුහුදු තීරය හැඳින්විය හැක. ආරුගම්බේ සංචාරය කරන ඔබ පානම යා යුතුම ස්ථානයක් ලෙස හඳුන්වා දීමට පුළුවන. නැගෙනහිර පළාතේ වැඩිම සිංහල ජනතාව ජීවත් වන ගම පානම යි.

Sangaman Kandaපානම මුහුදු තීරය වර්තමානයේ ඉතාම ජනප්‍රියව තිබෙන අයුරු දැක ගත හැකියි . රමණීය මුහුදු තීරයකි. දිය නෑමට ආරක්ෂිත කලාපයක් සහිතයි. පානම යන ඔබට කුමන කුඩුම්බිගල (කුඩා කැබලිත්ත) දැකබලා ගැනීමට හැකියි. මෙම සංචාරක ප්‍රදේශ මෙන්ම සුවිශේෂිත වූ ස්ථාන බොහොමයකි. ඉහත සඳහන් කළ සංගමන්කන්ද මෙය ආරුගම්බේ සිට කිලෝමීටර් දහඅටක් පමණ සංචාරය කළ පසුව හමු වෙනවා. උතුරෙහි නාන්ඩියම් මුහුදු වෙරළ හා කෝමාරි කලපුව එහිදී හමුවෙයි. මෙම ස්ථාන ද ඉතා ආකර්ශනීයයි.

Sangaman Kanda

සංගමන් කන් ද හමුවන්නේ මනල්ඩිවේන ග්‍රාමයේදී යි. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් තුනක් හතරක් පමණ සංචාරය කළ යුතුයි. මෙම ගම්මානය ජනශුන්‍ය වගා ප්‍රදේශයකි. එළවළු, රට කජු, පොල් වැඩි වශයෙන් දැකගත හැකියි. මාළු වාඩිද බහුලව ඇත. ප්‍රධාන ජීවන උපාය මාර්ගය මාළු ඇල්ලීම හා ගොවිතැනයි. සංගමන් කන්ද මුහුදු තීරය පළලින් වැඩිම ස්ථානය වන අතර එහි පැරැණි ප්‍රතිපාගාරයක නටබුන්ද දැකගත හැකියි.

සටහන
ශාන් බන්දු වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...
- Advertisement -spot_img

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න - Alia Bhatt බොලිවුඩ් සිනමාවේ නව පරපුර නියෝජනය කරන නිළියන් අතර ආලියා භාට්ට හිමිවන්නේ සුවිශේෂී...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you