Newsප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

-

spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ පහළ මට්ටමක් දක්වා බැස ඇතැයි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර පවසයි. එසේම පසුගිය පැය 24 සහ 48 ක කාලය තුළ මාතර, ගාල්ල, බස්නාහිර, වයඹ, සබරගමුව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, අම්පාර, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනයේ යම් වැඩිවීමක් දක්නට ලැබුණු අතර, ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 40ක පමණ අගයක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මීට අමතරව අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට මිලිමීටර් 25ත් 30ත් අතර වර්ෂාපතනයක් ලැබී තිබේ. වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශවලටද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, විශේෂයෙන් මාදුරුඔය සහ ඒ් අවට තෙත් කලාපීය ප්‍රදේශවලට පසුගිය දිනවල මිලිමීටර් 100ක පමණ තද වැසි ලැබී ඇත.

වර්ෂාපතන තත්වය සමඟ ප්‍රධාන ගංගාවල ජල මට්ටම්වල සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී නොමැති අතර ජලාශවල ජල මට්ටම්වලද විශාල වර්ධනයක් සිදු වී නොමැත. එසේම ඉදිරි මහ කන්නය සඳහා ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...

අධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක්

අධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක්  පවතින අධික උණුසුම නිසාවෙන් සතුන්ට මෙන්ම වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්,...

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් ලබන 08 වැනිදා අදාළ අංශ සමග සාකච්ඡා කරන...

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද්

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියකු මෙන්ම ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් ඊයේ (03) අභාවප්‍රාප්ත විය.  මොරටුව...
- Advertisement -spot_img

අධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක්

අධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක්  පවතින අධික උණුසුම නිසාවෙන් සතුන්ට මෙන්ම වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්,...

මතක ඇටකටු

මතක ඇටකටු - An Empty Plate Is Never Empty මම එදින උදෑසන අවදි වුනේ මට වයස අවුරුදු දහඅටක් බව දැනගෙනයි....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you