විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි
ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ. ආණ්ඩුව ගෙන එන මෙම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරිම නිතීඥ සංගමයේ අරමුණ බව නිතීඥයෝ පෙන්වා දෙති. එහෙත් ආණ්ඩු ආරංචි මාර්ග පවසනුයේ කවුරු විරුද්ධ වුවද 22 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවය. සම්මත කරගැනීමට නියමිත නව ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කර, ඉන්පසු එය ගැසට් කිරීමට නියමිත බව පැවසේ.
කෙටුම්පත සතියක් තැබිමෙන් පසු පාර්ලිමේන්තුවේ සභාගත කිරිමට නියමිත අතර අධිකරණයේ දී විරෝධතා දැක්විමේ නියමිත කාලය අවසන් වු විගස එය සම්මත කර ගැනිමට නියමිතය. කෙසේ හෝ මෙවර අයවැයට පෙර මෙය සම්මත කර ගැනිම ආණ්ඩුවේ අරමුණය. අයවැය සම්මත කිරිම නොවැම්බර් මාසයේ සිදුවේ. මෙම සංශෝධනය කෙටුම්පත් කිරීම සදහා වන කැබිනට් මණ්ඩල පත්‍රිකාව පසුගිය ජුලි 27 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. ආණ්ඩුව පවසනුයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ අරමුණ ගොඩගැසී ඇති නඩු ඉක්මනින් විභාග කර අවසන් කිරිමට බවය. එහෙත් විපක්ෂය පවසනුයේ ආණ්ඩුව මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේම දේශපාලන වංචනිකත්වත්වය පෙරමුණු කොටගෙන බවය.