Newsඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

-

spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයකුට මාස තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා සිටි සරනීස් සිවකුමාර් නමැති මෙම ශ්‍රී ලාංකික දමිළ තරුණයා රැකියාවක් සොයමින් මෙල්බර්න් සිට බ්‍රිස්බේන් වෙත සංක්‍රමණය වූ අයකු බව පැවසේ. නමුත් නවාතැන් සහ රැකියා විරහිතව සිටි ඔහු, ළමා වියේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති වයස අවුරුදු 22 ක තරුණයකු බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මස 25 වන දින සරනීස් සිවකුමාර් ඔහුගේ මිතුරකු වූ බැඩ්ලි මව්හිනි සමඟ ක්වින්ලන්ඩ් හිදී මෙම ප්‍රහාරය එල්ල කරන ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබුණි. මෙම මිතුරන් දෙදෙනා තනිවම ගමන් කරමින් සිටි දුම්රිය මඟියා වෙත ගොස්, ඔහු සමඟ කතා කිරීමට පටන්ගෙන ඇති අතර පසුව එය ගැටුමක් බවට පත්ව ඔවුන් එම පුද්ගලයාගේ හිසට සහ මුහුණට කිහිප වතාවක් පහර දී, දුම්රිය දොරවල් හරහා ඔහුව ඇදගෙන ගොස් තිබේ. පසුව, සිවකුමාර් වීදුරු බෝතලයක් එම පුද්ගලයාගේ හිසට පහර දී ඇත. සිවකුමාර් උසාවියේදී පවසා ඇත්තේ ඒ සියල්ල තමා ආත්මාරක්ෂාව සඳහා කළ බවයි. නමුත් මහේස්ත්‍රාත්වරයා “යමෙකුගේ හිසට බෝතලයකින් පහර දීම ආත්මාරක්ෂාව නොවන බවත්, එය අහිංසක මිනිසෙකුට එල්ල කළ ඉතා දරුණු ප්‍රහාරයක් බවත් පවසා දඬුවම් නියම කොට තිබේ.

-විදෙස් පුවත් ඇසුරෙනි-

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you