Artශිවාජි මහ රජුගේ කතාව

ශිවාජි මහ රජුගේ කතාව

-

spot_img

ශිවාජි මහ රජුගේ කතාව – Raja Shivaji

නායකත්වය හෝ බලය උදුරාගත හැකි නමුත්, ජනතාවගේ සිතේ ලැගුම්ගන්නට, ජනතාවගේ නායකයෙකු වන්නට හැමෝටම බැහැ. ඒ උදෙසා සිය නායකත්වය යටතේ ජීවත්වෙන ජනතාවගේ ජීවිතවල වගකීම දෝතට ගත යුතුමයි. කලාතුරකින් දක්නට ලැබෙන එවැනි ශ්‍රේෂ්ඨ නායකයින් ඉතිහාසය සදාකාලිකව මතක තබා ගනු ඇත. මෙම වසරේ මැයි මස තිරගත වූ Raja Shivaji චිත්‍රපටියෙන් දිග හැරෙන්නේ ඉන්දීය ඉතිහාසයේ නොමැකෙන සළකුණක් ලෙසින් හැඳින්වෙන Chhatrapati Shivaji මහ රජුගේ ආරම්භක අවධිය සහ නායකයෙකු වශයෙන් ඔහු බලවත් රාජ්‍යයන්ට එරෙහිව නැගී සිටින අන්දමයි. 

Raja Shivaji

චිත්‍රපටය ඇරඹෙන්නේ කුඩා ශිවාජිගේ ළමා කාලයෙන්. රජෙකු තැනුන ආකාරය, ඔහු මුහුණදුන් අභියෝග, ඔහුගේ අරගල, පාලනය පිළිබඳ ඔහු තුළ වූ අදහස් වටා. ශිවාජිගේ මව ජිජාබායි නායකත්වය යනු ආත්මාර්ථකාමී වීම නොව පරාර්ථයම බව කියාදෙමින් තම කුඩා පුතුට සාධාරණ පාලනය, ජනතාව වෙනුවෙන් සටන් කිරීමේ වගකීම සහ තමන්ගේම රාජ්‍යයක් පිළිබඳ සිහින උරුම කර දෙනවා.

Raja Shivaji

බොහෝ නායකයින් විශ්වාස කරන්නේ පිරිස් බලය, දේශ සීමා, හමුදා බලය රාජ්‍යයක් ගොඩනැගීමට ප්‍රමාණවත් බවයි. ජනතාව පීඩවට පත් කරමින් හෝ රැස්කිරීමම බලයට හේතු වන බව ඔවුන් විශ්වාස කරත් ශිවාජි රජු ටිකෙන් ටික වටහා ගන්නේ රාජ්‍යයක් ගොඩ නැගීමට බුද්ධිමත් සැලසුම් සහ ජනතා විශ්වාසයෙන් සමන්විත නිවැරදි නායකත්වයක් අවශ්‍ය බව‍යි. දුර දක්නා නුවණෙනුත්, සූක්ෂම උපක්‍රම සමගින් ඔහු බිජාපූර් සුල්තාන් සහ මෝගල් ආක්‍රමණවලට මුහුණ දෙන අන්දම, ඔහුගේ හමුදාව ගොඩ නැගෙන අන්දම සහ ගරිල්ලා යුධ උපක්‍රම භාවිතයෙන් ඒවාට මුහුණ දුන් ආකාරය පෙන්වයි. ශිවාජි රජු යනු ශක්තිය සේම බුද්ධියද එක සේ භාවිතා කෙරූ උපායශීලී නායකයෙක්.

Raja Shivaji

සාමාන්‍ය රජෙකුට වඩා වෙනස් දැක්මක් තිබූ නායකයෙක් වූ ශිවාජි රජු ජනතාවගේ ආදරය සහ විශ්වාසය දිනා ගත්තේ බොහොම පහසුවෙන්. නායකත්වයේදී සදාචාරය සහ වගකීම වැදගත් බව විශ්වාස කෙරූ ඔහු ජනතාවගේ ආරක්ෂාව, සාධාරණ පාලනය සහ සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීම වෙනුවෙන් බොහෝ සේ කැපවූ බව පැවසෙනවා. රාජ්‍යයක් යනු රජුගේ බලය පෙන්වන ස්ථානයක් නොවන බවත් නායකයෙක් සිටිනුයේ සිය ජනතාවට සේවය කිරීමට බවත් යන ඔහුගේ දැක්ම සර්වකාලීන වන්නේත්, වර්තමානය ඔහු ගැන කතා කරන්නේත් ඔහු ඉතිරිකර ගිය ආදර්ශ හේතුවෙන්. මෙම චිත්‍රපටය ජනතාවගේ ආරක්ෂාව, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සාධාරණ පාලනයක් පිළිබඳ අවධාරනය කරන අතරම ජිජාබායි දේවිය විසින් කුඩා ශිවාජිගේ චරිතය ගොඩනගන අන්දම පවුල, අධ්‍යාපනය සහ මූලික වටිනාකම් පුද්ගලයෙකුගේ අනාගතයට බලපාන අන්දම පිළිබඳව වටහා දෙනවා. එසේම විවිධ අභියෝග හමුවේ ජනතාව එකමුතුව සිටීමේ වැදගත්කම සහ නායකයෙකු සහ ජනතාව අතර ඇති විශ්වාසයේ සම්බන්ධතාවය ගැනත් ප්‍රේක්ෂකයාට අවබෝධයක් ලබා දෙනවා.

Raja Shivaji

 

හුදෙක් යුධ දර්ශන සහ රාජකීය සාටෝපය පමණක් අඩංගු චිත්‍රපටියක් නොවී එය ප්‍රේක්ෂක සිත්වලට කතා කරන්නේ එම නිසයි. එය Shivaji Maharajව සටන්කරුවෙකු ලෙස පමණක් නොව, දැක්මක් ඇති නායකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය නිසැකවම ජයගෙන තිබේ. විශාල යුධ දර්ශන, රාජකීය පසුබිම් දර්ශන, ඇඳුම් නිර්මාණය සහ සංගීතය හරහා ඉතිහාසයේ එක්තරා යුගයක් ජීවමාන කිරීමට චිත්‍රපටිය සමත්ව තිබෙන අන්දම අපූරුයි.

Raja Shivaji

මිනිත්තු එකසිය අසූහතක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ජනප්‍රිය බොලිවුඩ් නළු Riteish Deshmukh විසින්. Riteish Deshmukh, Sanjay Dutt, Abhishek Bachchan, Vidya Balan, Mahesh Manjrekar, Genelia Deshmukh, Fardeen Khan,Bhagyashree, Sachin Khedekar, Amole Gupte, Boman Irani, Jitendra Joshi, Mohit Takalkar ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. රුපියල් කෝටි 75 කට අධික පිරිවැයකින් මරාති සහ හින්දි භාෂාවෙන් එකවර නිෂ්පාදනය කරන ලද Raja Shivaji චිත්‍රපටය මෙතෙක් නිෂ්පාදනය කරන ලද ඉහළම පිරිවැයක් දැරූ මරාති චිත්‍රපටයයි. මෙය මැයි පළමුවැනිදා එනම් ජාත්‍යන්තර කම්කරු දිනය සහ මහාරාෂ්ට්‍ර දිනයදා නිකුත් කෙරුණ අතර ඉන්දීය රුපියල් කෝටි 130 කට අධික ආදායම් උපයාගත්තේ මෙතෙක් කාලයකට ඉහළම ආදායමක් උපයාගත් මරාති චිත්‍රපටය බවට පත්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

සුරසේනට දෙකක් දුන් පසු

සුරසේනට දෙකක් දුන් පසු - Extension of Tenure වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you