Artහොඳ සැමියා කවුද ?

හොඳ සැමියා කවුද ?

-

spot_img

හොඳ සැමියා කවුද ? – Husbands in Action 

බොහෝවිට දකුණු කොරියානු සිනමාව තුළ සංවේදී කතා, ත්‍රාසජනක කතා, අපරාධ පිළිබඳ කතා හෝ ක්‍රියාදාම කතා වැඩිපුර දකින්න පුළුවන්. කොරියානු සිනමාවේ විශේෂම දෙයක් නම් හාස්‍යය මුසු කෙරූ ක්‍රියාදාම චිත්‍රපටයි. මෙම වසරේ ජුනි මාසයේ තිරගත වූ Husbands in Action එවැනි චිත්‍රපටියක්. තමන්ගේ පෙර බිරිඳ බේරා ගැනීමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය විමර්ශන නිලධාරියෙකුට ඒ වෙනුවෙන් ඇයගේ වත්මන් සැමියා සමඟ එක්ව වැඩ කිරීමට සිදුවීම කතාවේ තේමාවයි.

මත්ද්‍රව්‍ය විමර්ශන අංශයේ පළපුරුදු නිලධාරියෙකු වන හ්වාන්ග් චූං-සික්ට උත්සවයකදී ඔහුගේ පෙර බිරිඳගේ වත්මන් සැමියා වන ලී මින්-සොක් මුණගැහෙනවා. ඔහු සත්ව වෛද්‍යවරයෙක්. මේ දෙදෙනා හමුවුණ වෙලාවෙ ඉඳලම එකිනෙකාව නුරුස්සන විදිහටයි හිටියේ. ඒ වගේම මේ දෙන්නම යොන්-ජූ කියන දියණියට තාත්තා වුණ නිසාම මේ දෙන්න අතර නිරතුරුවම තිබුණෙ තරඟකාරීත්වයක්. අහංකාරකම ඉහවහා ගිය ස්වභාවයක්. වඩාත්ම හොඳ කෙනා තමන් බව පෙන්වන්න මේ සැමියො දෙන්නම සෑහෙන වෙහෙසක් ගත්තා.

Husbands in Action

නමුත් මේ ඔක්කොම කණපිට පෙරලෙන්නෙ කවුරුහරි කෙනෙක් බිරිඳවයි දියණියවයි පැහැරගෙන ගියාම. ඊට පස්සෙ මේ පෙර සැමියයි, වත්මන් සැමියයි තීරණය කරනව කණ්ඩායමක් විදිහට එකතුවෙලා ඔවුන්ව සොයා ගන්න. එකිනෙකට හාත්පසින්ම වෙනස්, අනෙකව නුරුස්සන මේ දෙන්නට එකට වැඩ කිරීම ලෙහෙසි පහසු වුණේ නෑ. පෙර සැමියා චූං-සික් සැර පරුෂ, ආවේගශීලී,හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ජාතියේ කෙනෙක්. රැකියාවට ජීවිතේම කැප කෙරුව ඔහුට නීතිය ගැන අවබෝධයත් තිබුණා. වත්මන් සැමියා මින්-සොක් බොහොම සාමකාමී, සංවේදී සහ තාර්කිකව සිතන කෙනෙක්. මේ හින්දා දෙන්නා ඔවුන්ගෙ මිෂන් එකත් අමතක කරලා රණ්ඩු පටලගත්තත් දෙන්නටම තිබුණෙ එකම අරමුණක්. මේ පැහැරගැනීම පිටිපස්සෙ මත්ද්‍රව්‍ය ලෝකයේ නැගී එන බලවත් අපරාධ නායකයෙක් ඉන්න බව ඔවුන්ට දැනගන්න ලැබෙනව.මේක සාමාන්‍ය පැහැර ගැනීමකට එහා ගිය අපරාධ ලෝකයේ බලය සඳහා වන සටනක කොටසක් බවට පත්වෙන්නෙ බොහොම ඉක්මන්ට. ඉතින් ඇයවත් දියණියවත් බේරා ගන්න මේ හස්බන්ඩ්ලා දෙන්නට පුළුවන් වෙයිද?

Husbands in Action

ජීවිතේ සමහර සිදුවීම් අපිව වෙනස් කරනව. සමහරවිට අපිව පෙරට වඩා ශක්තිමත් කරන්නත්, පෙරට වඩා සංවේදී කරන්නත් එවැනි සිදුවීම්වලට පුළුවන්. සමහර අත්දැකීම් අපි ජීවිතේ දිහා බලන විදිහ වෙනස් කරන්න සමත් වෙනවා. දැඩි හා අකාරුණික පුද්ගලයෙකු ලෙස චූං සික් කතාව ඉදිරියට යන විට ඔහුගේ චරිතය තුළ සැඟවුණු සංවේදීබව ඉස්මතු වෙනවා. තම පෙර බිරිඳ පිළිබඳව ඔහු තුළ තවම පවතින සැලකිල්ල සහ වගකීම පෙනෙන්නට ගන්නවා. එමෙන්ම සංවේදී හා මෘදු ස්වභාවය නිසා මුලදී දුර්වල චරිතයක් ලෙස පෙනුන මින් සොක් මුහුණ දෙන්නට වූ සිදුවීම් හමුවේ ධෛර්යය සම්පන්න වන අන්දම දැක බලා ගත හැකියි.

Husbands in Action

මේ දෙදෙනාගේ ගැටුම සංවාද සහ වාද විවාද චිත්‍රපටයේ වඩාත්ම රසවත් කොටසයි. හාස්‍යය අතින් ගත් කළ මෙය අතිශයින්ම සාර්ථක චිත්‍රපටයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. මෙහි බලෙන් ඇතුළත් කළ විහිළු දක්නට නැහැ. ප්‍රේක්ෂකයාට සිනහවක් ගෙන එන්නේ ප්‍රධාන චරිත දෙක අතර ඇති ස්වභාවික ගැටුමයි. එමෙන්ම මෙය එක් සිදුවීමකින් තවත් සිදුවීමකට මාරු වෙමින් ගමන් කරන ආකාරය නිසා කම්මැලි කමකින් තොරව රස විඳිය හැකි නිර්මාණයක්. මෙම චිත්‍රපටයේ ප්‍රධාන අරමුණ ගැඹුරු දාර්ශනික අදහස් ඉදිරිපත් කිරීම නොව විනෝදය සැපයීම වීමයි. එය ප්‍රේක්ෂකයාව පැය දෙකකට ආසන්න කාලයක් සිනහවෙන් සහ උද්යෝගයෙන් පුරවා තබා ගැනීමට උත්සාහ කරන අතර එම අරමුණ සාර්ථකව ඉටු කර තිබෙන අයුරු දක්නට පුලුවන්. චූං-සික් සහ මින්-සොක් දෙදෙනාම එකම කාන්තාවට ආදරය කළ පුද්ගලයන් වුවද, ඔවුන් ඇය ගැන සිතන ආකාරය සහ ඇය වෙනුවෙන් කරන කැපකිරීම් වෙනස්. “හොඳ සැමියා කවුද?” යන ප්‍රශ්නයට වඩා “ආදරය සහ වගකීම යනු කුමක්ද?” යන දේ තේරුම් කරවීමට මේ කතාව සමත්ව තිබෙනවා.

Husbands in Action

මිනිත්තු 107 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Park Gyu-tae විසින්. Jin Seon-kyu, Gong Myung,Kim Ji-seok, Yoon Kyung-ho, Kang Han-na, Lee Da-hee ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මෙය හාස්‍යය රසයට කැමති ප්‍රේක්ෂකයින් නැරඹිය යුතුම නිර්මාණයක්.

Latest news

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට අගෝස්තු පාසල් නිවාඩුවත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව...
- Advertisement -spot_img

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක්

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක් අපි දැන් ඉන්නෙ AI ලෝකයේ වුවද තාමත් හිතා ගන්න වත් බැරි මිත්‍යා විශ්වාස අපි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you