Interviewsජනප්‍රිය වුණාම අතරමං වෙනව

ජනප්‍රිය වුණාම අතරමං වෙනව

-

spot_img

ජනප්‍රිය වුණාම අතරමං වෙනව – Mrunal Thakur

මෘනාල් තාකූර් යනු සමකාලීන ඉන්දියානු සිනමාවේ වඩාත් බලාපොරොත්තු සහගත ලෙස සැළකෙන තරුවක්. රූපවාහිනී සහ චිත්‍රපට ක්ෂේත්‍ර දෙකෙහිම සිය දක්ෂතා සනිටුහන් කළ ඇය රූපවාහිනී වැඩසටහන් තුළින් සිය ගමන ආරම්භ කළා. ඉන්පසුව මරාති චිත්‍රපටවල රඟපෑ ඇය බොලිවුඩයට සංක්‍රමණය වූ අතර Super 30 සහ Batla House වැනි චිත්‍රපටවලින් ප්‍රසිද්ධියට පත් වුණා. Sita Ramam (2022) හි Hi Nanna, Gumraah සහ Lust stories 2 වැනි චිත්‍රපට හේතුවෙන් බොලිවුඩයේ ජනප්‍රියම නිළියක් වීමට මෘනාල්ට හැකි වුණා. ඇය රඟපෑ Do Deewane Seher Mein (2026) බොහෝ සේ කතාබහට ලක් වූ චිත්‍රපටයක්. ඇගේ ස්වාභාවික රංගන විලාසය බොහෝ අය අගය කරනවා. මෘනාල් තාකූර් පවසන්නේ තරුවක් වුවද තමන් කැමැති සරල, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට බවයි.

• Deewane Seher Mein චිත්‍රපටයේ නමේ “සෙහර්” කියන වචනයේ තේරුම මොකක්ද?

සෙහර් කියන්නෙ අඳුර නැති කරලා දාන පළමු ආලෝක කිරණ. ඒක මේ කතාවේ තේමාවට හොඳටම ගැළපෙනවා. සංජේ ලීලා බන්සාලි තමයි මේ නම යෝජනා කළේ. චිත්‍රපටයේ, ශෂාන්ක් කියන චරිතයට “ෂ්” හරි විදිහට උච්චාරණය කරන්න බෑ. එයා “ෂහර්” වෙනුවට “සෙහෙර්” කියනවා. ඒක හරි ලස්සන දෙයක්. නැවුම් ආරම්භයක් වගේම ආදරේ ජීවිතේට එන වග ඉඟිකරන.

Mrunal Thakur

• ඔයා ඔයාගෙ ජීවිතයේ මුල් කාලෙදි ඔයා තුළම තිබුණ අනාරක්ෂිතභාවයන් එක්ක අරගල කළාද?

ඔව්. ඉස්කෝලේදි උත්තර දැනගෙන උන්නත් මම කතා කරන්න බය වුණා. මගේ මරාති උච්චාරණය නිසා සමහරු මට ඉස්කෝලෙදි විහිළු කළා. මම ඉන්ඩස්ට්‍රි එකට එනකොට තේරුම් ගත්තා බය නැතිව කතා කරන එක සහ ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය බව. අපි දේවල් ගැන ඕනෙවට වඩා සීරියස් හිතුවම තමයි ඒ දේවල්වලට තියෙන බය වැඩිවෙන්නෙ. මට දැන් මාත් එක්කම හරි පහසුවක් දැනෙනවා. මේ චිත්‍රපටයෙ රොෂ්නි කියන්නෙ මගෙ පර්සනැලිටි එකෙන් 60% ක් විතරම තියෙන කෙනෙක්. ඉතිරිය මගෙ දක්ෂකමෙන් සහ ඇයගේ වෙනස්වීම් එක්ක ආව දේවල්. මේක තමන්ගෙ ජීවිතේ තියෙන අඩුපාඩු පිළිගැනීම සහ ඒවා ශක්තීන් බවට පත් කිරීම ගැන හරිම ශුභවාදීව බැලුව ආදර කතාවක්. සෝෂල් මීඩියා පිරුණ ලෝකයක අපි අපිටම අවංක වෙන විදිහ ගැන ඒක කතා කරනවා.

• චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර සිද්ධාන්ත් චතුර්වේදි ඔයාගෙ යාළුවෙක් වුණාද?

ඔව්. අපේ බැඳීම හරිම friendly, caring, playful එකක්. සමහර වෙලාවට වාද විවාදත් තියේ. ඒත් අපි අතරෙ හොඳ බැඳීමක් තියෙනවා. ඔහුගෙ මම කැමති දේ තමයි ඔහු වැඩක් කරනකොට ඒකට හදවතින්ම කැප වෙනවා. ගොඩක් නළු නිළියො ජනප්‍රිය වුණාම අතරමං වෙනවා. නමුත් සිද්ධාන්ත් හරිම සරල කෙනෙක්. ඔහු හැම විටම උත්සාහ කරන්නේ මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට වැඩ කරන්න. ෂූටිං අතරතුර අපි එකට මුම්බායිවල ඇවිද්දා. මම එයාව ස්කූටර් එකේ දාගෙන මගේ ඉස්කෝලෙ පැත්තට එක්කරගෙන ගියා. අපි ප්‍රසිද්ධ තැන්වල ෂූටිං කරා. මුම්බායි කියන්නෙ මට නගරයක් විතරක්ම නෙමෙයි. ඒක මගේ අනන්‍යතාවයේ කොටසක්. මම එහේ යන හැම වෙලාවෙම මට ආයෙමත් එහෙට යන්න හිතෙන හේතු හැදෙනවා.

Mrunal Thakur

• ඔයා හිතාමතාම බර අඩු කර ගන්නවාද?

කොහෙත්ම නැහැ. මම මෑතකදී අසනීප වුණා, ඒක නිසා කෙට්ටු වුණා. ඉතින් මම හොඳ වෙන ගමන් පෝෂණය ගැන හොඳ අවධානයක් දීලයි ඉන්නෙ. මගේ ඉලක්කය හොඳ සෞඛ්‍යයක්. ශරීර හැඩය නෙමෙයි. මම ක්‍රමයෙන් මගේ සාමාන්‍ය චර්යාවට එමින් සිටිනවා.

• ඔයාගෙ පෙනුම නිසා යම් යම් විනිශ්චයන්ට මුහුණ දීලා තියෙනවද?

ඔව්. මගේ පළමු චිත්‍රපටය වන ලව් සෝනියා එකේ නළු නිළියන් තෝරා ගැනීමේදී, මගේ audition එක “Do Not Open” විදිහට ලේබල් කෙරුව ෆෝල්ඩරයක තියල තිබුණෙ. මම තවමත් දන්නේ නැහැ ඇයි කියලා. අධ්‍යක්ෂක ටබ්‍රෙස් නූරානි ඒක විවෘත කළා. ඒක බලලා මාව මුණගැහුණා. මාත් එක්ක කතා කරාට පස්සෙ මට සෝනියා විදිහට රඟපාන්න පුළුවන් කියලා ඔහු විශ්වාස කළා. ඒ චරිතයට ඇහිබැමේ ඉඳලා ස්වාභාවික පෙනුමක් ඕනෙ වුණා. නිෂ්පාදක ඩේවිඩ් වෝමාර්ක් සහ කණ්ඩායමට වේශ නිරූපණය සහ මෝස්තරයෙන් ඒක කරන්න පුළුවන් වගත් ඔහු මට ඒත්තු ගැන්වුවා. සුන්දරත්වය සහ සාර්ථකත්වය ජීවිතය පහසු කරනව කියලා මිනිස්සු හිතනවා. ඒක කොහෙත්ම ඇත්තක් නෙමෙයි. අපි හැමෝම අරගල කරනවා. සමහර වෙලාවට මම හිතනවා සාමාන්‍ය ගැහැණු ළමයෙකු වගේ ජීවත්වීම කොහොම වෙන්න ඇතිද කියලා. ජනප්‍රියත්වයට ජීවිතේ සරල දෛනික දේවල් පවා කැප කරන්න වෙනවා. සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ජීවත්වෙන්න තියෙන ආසාව කොයිම වෙලාවකවත් නැතිවෙලා යන්නෙ නෑ.

Mrunal Thakur

• මේ චිත්‍රපටය විවාහය අවශ්‍යතාවයක් ලෙස ප්‍රවර්ධනය කරනවාද? ඒ ගැන ඔයාගෙ පෞද්ගලික අදහස් මොනවාද?

විවාහය වැදගත්. නමුත් නිවැරදි සහකරු තෝරා ගැනීම හරිම වැදගත්. මීට පෙර, සමාජය පරමාදර්ශී විවාහ යුගයන් පැනෙව්වා. හරි වයස ආව නිසාම විතරක් විවාහ වීමනං තේරුමක් නැති වැඩක්. චිත්‍රපටයේ කියන්නේ ඒ සඳහා විවාහ නොවන්න. ඔබ විශ්වාස කරන කෙනෙකු, ඔබට සහාය දෙන සහ ඔබේ අඩුපාඩු පිළිගන්නා කෙනෙකු සමඟ විවාහ වන්න. හොඳ සහකරුවෙකු ඔබේ පෞද්ගලිකත්වය තුළ සතුට සොයා ගන්නවා. මට අනුව නම්, නිවැරදි කෙනා කියන්නෙ මගේ වැඩවලට ගරු කරන, පවුල අගය කරන සහ බැඳීම ඇතුලෙ සාමය සහ විශ්වාසය සුරකින කෙනෙක්ව. වැරදි විවාහයකට ඉක්මන් වෙනවට වඩා නිවැරදි සහකරු එනකං බලාගෙන ඉන්න එක නුවණට හුරුයි.

• හින්දි සහ දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්ත අතර ඔයා දකින වෙනස්කම් මොනවාද?

භාෂාව ප්‍රධාන වෙනසයි. කැපවීම සහ වෘත්තීයභාවය හැම තැනකම එක හා සමානයි. ඒක හරියට වෙනස් කෑම ජාති වගේ. මෙහෙ වඩ පාව්, එහෙ ඉඩ්ලි-සාම්බාර්. නමුත් වැඩ සඳහා අපට ඇති ආශාව එක වගේ. මුම්බායි කාලසටහන් ගොඩක් වෙලාවට තදයි. අපි මේ චිත්‍රපටිය දින 38 කින් ඉවර කළා, ඒත් අනිත් ඒවට නම් දවස් 75 ක් 120 ක් වගේ ගත වුණා. හැම නිෂ්පාදනයකටම තමන්ගේම රිද්මයක් තිබෙනවා. මේ කර්මාන්ත දෙකම සැබවින්ම සම්බන්ධ කරන්නේ ප්‍රේක්ෂකයින්. මට මේ හැම තැනකින්ම ලොකු ආදරයක් ලැබිලා තියෙනවා. භාෂා වෙනස්, නමුත් හැඟීම් වෙනස් නැහැ. ඒක තමයි මට ලැබුණ ලොකුම ආශිර්වාදය.

ETV Bharat ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
- Advertisement -spot_img

ලූ සහ ලින්

ලූ සහ ලින් - Sorry “ලූ, හොඳ ආරංචියක් !” දුරකථනයෙන් ඔහුව ඇමතූ වෛද්‍යවරයා උද්‍යෝගයෙන් පැවසුවේය. “ඔයාගෙ මල්ලිගෙ මතකෙ ආයෙම ලැබුණා. ඔහු බොහොම...

සකස්කඩ නොකිව් හුඹස් කටවල්

සකස්කඩ නොකිව් හුඹස් කටවල් පන්සල මූලික කරගත් අධ්‍යපන ක්‍රමයක් පැවති ඈත අතීතයේ දරුවන්ගේ අකුරුකරණය වෙනුවෙන් නම් දැරූ පොත් කිහිපයක් පැවතුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you