Interviewsමම මගේ වේදනාව සාමාන්‍ය කොට සැළකුවා

මම මගේ වේදනාව සාමාන්‍ය කොට සැළකුවා

-

spot_img

මම මගේ වේදනාව සාමාන්‍ය කොට සැළකුවා – Lupita Nyong’o

කෙන්යානු – මෙක්සිකන් සම්භවය සහිත නිළියක වන ලුපිටා නියොන්ගෝ සිය රංගන හැකියාව නිසාම කීර්තිය අත්පත් කරගත් අයෙක්. 2013 වසරේ තිරගත වූ 12 Years a Slave චිත්‍රපටයේ පැට්සි නම් වහල් තරුණිය ලෙසින් සිදු කළ රඟපෑම උදෙසා ලුපිටා හොඳම සහය නිළිය සඳහා වන ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවේ වෘත්තීය ජීවිතයේ මුල් අවධියකදී ඇකඩමි සම්මාන දිනා ගත් අප්‍රිකානු නිළියන් කිහිප දෙනාගෙන් කෙනෙකු බවට පත් වෙමින්. ඇය හැඳින්වෙන්නේ සුන්දරත්වයට සීමා තිබෙන හොලිවුඩයට අභියෝග කළ අයෙක් ලෙසින්. සම්මුඛ සාකච්ඡා වලදී වර්ණභේදවාදය වැනි කරුණු පිළිබඳව ඇය විවෘතව අදහස් පළ කරනවා. රංගනයට අමතරව ඇය කලාත්මක විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සිය වේදිකාව භාවිතා කරන කතුවරියක්, නිෂ්පාදකවරියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වෙනවා. 

Lupita Nyong'o

මේ වෙනවිට ලුපිටා නියොන්ගෝ ගැන ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. ඒ ඇය සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කරන ලද The Odyssey චිත්‍රපටයට සම්බන්ධ වීමත් සමගින්. හෝමර්ගේ වීර කාව්‍යය පාදක කරගත් මෙම චිත්‍රපටයේ හෙලන් ලෙසින් රඟපාන්නේ ලුපිටායි. මෙය ලොවපුරා මතභේදයට දුන් කාරණාවක් වුණා.

Odyssey චිත්‍රපටය එළඹෙන ජූලි 17 වැනිදා තිරගත වීමට නියමිතයි. Matt Damon, Anne Hathaway, Zendaya, Charlize Theron, Tom Holland, Robert Pattinson, Mia Goth වැනි විශිෂ්ට නළු නිළියන් රැසක් සමගින් වැඩ කරන්නට ලැබීම අපූරු අත්දැකීමක් බවයි ඇය පවසන්නේ. ක්‍රිස්ටෝපර් නෝලන්ට චරිතයක් සඳහා තමාව අවශ්‍ය වී ඇත යන ආරංචිය ලුපිටාට අදහා ගැනීමට නොහැකි විය. ඔවුන් හමුවූ විට, ඔහු ඇයට පිටපත ලබා දුන් අතර, ඇය එය එක හුස්මට කියවූවාය. ඇය වහාම ඒ සඳහා කැමති වුණි.

Lupita Nyong'o

“ඔහු මගෙ චරිතෙ මොකක්ද කියන්නත් කලින් මම ඔහුට ඔව් කියලා ඉවරයි… ඔඩිසි කියන්නේ මොකක්ද කියලා මට ඇත්තටම අදහසක් තිබුණේ නැහැ. ඉතින් මම වහාම ඒ ගැන පොත් හොයාගෙන කියෙව්වා. පොත් හොයාගත්තා කියන්නේ ඔඩිසි කියෙව්වා සහ ඉලියඩ් ඕඩියෝ බුක් එක ඇහුවා. ඕඩ්‍රා මැක්ඩොනල්ඩ් කියවන ඒ audiobook එක තමයි මම අහලා තියෙන හොඳම audiobook එක.”

ලුපිටා Zeus සහ Leda ගේ දියණිය වන Helen ගේ චරිතය සේම ඇගේ සහෝදරිය Clytemnestra ලෙසින්ද රඟපායි. ඉතිහාසය හෙලන්ව විස්තර කර තිබෙන්නේ මනුලොව සුන්දරතම ස්ත්‍රීන්ගෙන් කෙනෙකු ලෙසයි.

“ඒ චරිතය මට භාර දීම ගැන මගෙ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා”

ක්‍රිස්ටෝපර් නෝලන් යනු සිය චිත්‍රපට වටා අභිරහසක් පවත්වා ගැනීමට කැමති අයෙක් ලෙස ප්‍රකට නිසාමදෝ ලුපිටා ඒ ගැන හෙලිදරව් කරන්නේ අඩුවෙනි.

“මම ඒකට කැමතියි…. කරන්න තියෙන්නෙ මුකුත් නොකිය ඉන්න එක විතරයි. කවුරුත් දැන ගන්න කැමති රහසක හිමිකාරි වෙන්න මම ආසයි.”

නෝලන් වැනි අධ්‍යක්ෂවරයෙකු සමඟ වැඩ කිරීමේ අමතක නොවෙන අත්දැකීමකි.

Lupita Nyong'o

“ඔහු එක විදිහක ප්‍රහේලිකාවක්. නමුත් ඔහු එක්ක වැඩ කරන්න අමාරු නෑ. නළු නිළියන්ට ලොකු සහයෝගයක් දෙනවා. ඔහු ගැන මම වැඩියෙන්ම කැමති දේ තමයි නළු නිළියන්ගෙ අදහස්වලටත් ඉඩ දෙන එක. මේක මට ලොකු අභියෝගයක් වුණත් ඔහු අපට අපේ චරිත වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ කරන විශ්වාසය වගකීම ඇති කෙරෙව්වා.”

හෙලන් ලෙස ඇයව තේරුවේ නෝලන්ය. එය බාහිර පෙනුමට අමතරව රංගන කුසලතාවද අත්‍යවශ්‍ය වූ චරිතයකි. ශක්තිය සහ සමබරතාවය හෙලන්ගේ චරිතයට ඉතා වැදගත් විය. ලුපිටා එය වෙහෙසකින් තොරව කරනු පෙනේ. ඒ සඳහා විශාල විනයක් සහ පුහුණුවක් අවශ්‍යය. “නැව් දහසක් දියත් කෙරූ මුහුණ” (The face that launched a thousand ships) නිරූපණය කිරීම කෙබඳුදැයි ඇසූවිට ඈ පවසන්නේ සුන්දරත්වය යනු රඟපෑමට හැකි දෙයක් නොවන බවයි.

Lupita Nyong'o

“මට චරිතයක් හැබෑවටම කවුද කියලා දැනගන්න ඕන. සුන්දරත්වයෙන් ඔබ්බට, පෙනුමෙන් ඔබ්බට තියෙන්නේ මොකක්ද?”

ලොව සුන්දරම ස්ත්‍රියකගේ චරිතය රඟපෑමට තෝරා ගනු ලැබීම නිසා ලුපිටා ඇති තරම් විවේචනවලට, අපහාසාත්මක කතාවලට මුහුණ දුන්නාය. හෙලන්ගේ සුන්දරත්වය මෙතරම් යැයි පවසන අයට ඈ මතක් කර දෙන්නේ “මෙය මිථ්‍යා කතාවක්” බවයි.

“අපේ නළු නිළියන් ලෝකය නියෝජනය කරනවා. මම විවේචන ගැන වදවෙන්න කාලෙ නාස්ති කරන්නෙ නැහැ. මම ඒකට සම්බන්ධ වුණත් නැතත් මිනිස්සුන්ගෙ විවේචන කියන දේ නතර වෙන්නෙ නැහැ. ඔඩිසි හා සම්බන්ධ වෙන්න ලැබීම ශ්‍රේෂ්ඨයි.”

දශකයකට පමණ පෙර ලුපිටා ’12 Years a Slave’ චිත්‍රපටයේ පැට්සි චරිතය නිරූපණය කරන විට ඇයට වයස අවුරුදු 29 කි.

“මම ඇගේ වේදනාව මා සමඟ රැගෙන යන්නේ බරකට වඩා සුන්දර ආකාරයකට. මම මෙතැන ඉන්නෙ ඒ අතීතය නිසා.”

ඔස්කාර් ජයග්‍රහණයෙන් පසු ඇයට නිරතුරුම වහල් කාන්තාවන්ගේ චරිත ලැබුණි. එය පුදුමයට කරුණක් නොවන බව ඇය පවසයි.

“මේක මුදල් විසින් කලාව පාලනය කරන කර්මාන්තයක්” 

Lupita Nyong'o

ඇය පවසයි. මේ හේතුව නිසා ලුපිටා චරිතයකට එකඟ වෙන්නේ බොහෝ සේ හිතා බැලීමෙන් පසුවය. සිය වෘත්තිය පිළිබඳව සිහියෙන් සිටීමට කැමති බවයි ඈ පවසන්නේ. 2014 දී ඇයට ෆයිබ්‍රොයිඩ් රෝගය ඇති බව හඳුනා ගන්නා ලදී. ඒ අවස්ථාවේදී සැත්කමක් කළ නමුත් රෝගය යලි මතුවුණි. පසුකාලීනව ඇය සිය රෝගය ගැන ලෝකයට පැවසුවාය. ඇය මෑතකදී කාන්තා සෞඛ්‍ය පදනම සමඟ හවුල් වී ඇති අතර, මේ වසර මුලදී ඇගේ නමින් අරමුදල් සැපයීම සඳහා Make Fibroids Count ව්‍යාපාරය දියත් කළාය.

“දෙයක් හැමෝටම පොදු වීම නිසා ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්නෙ නැහැ. කාන්තාවන් විදිහට අපි අපේ වේදනාවන් අවතක්සේරු කරලා තියෙනව. මේක නතර කරන්න ඕනේ. මම මටම අනතුරු ඇඟවීමක් කරනවා, මොකද මම මගේම වේදනාව දිගු කාලයක් තිස්සෙ සාමාන්‍යකරණය කරලා තියෙන නිසා. මට දකින්න ඕනෙ වෙනසෙ කොටස්කරුවෙක් වෙන්න මට වුවමනයි. මගේ වෘත්තියට අනුව මට කරන්න පුළුවන් දේ තමයි කතන්දර කියන එක. මට මගේ කතාව කියන්න පුළුවන්. ඊට පස්සෙ මම වගේ තව අය එක්ක මුසු වෙන්න පුළුවන්. මගේ කතාව කීමේ බලය මම හඳුනා ගන්නවා. ඔබ ඔබේ කතාව පවසන විට, ඔබ සුවපත් වෙනවා. අනෙක් අය ඔබේ කතාව අසන විට, ඔබ ඔවුන්ට සුවය ලබා දෙනවා. කතා කිරීම මාව බොහෝ ආකාරවලින් නිදහස් කරා. එයින් මට ලොකු අස්වැසිල්ලක් දැනෙනවා.”

අනාගතයේදී ඇගේ වෘත්තීය වඩාත් රසවත් වනු ඇතැයි ඇය බලාපොරොත්තු වේ.

“මගේ වෘත්තීය ජීවිතය ඉතා දිගු කාලයක් පවතීවි කියලා මම බලාපොරොත්තු වෙනව. ඒමි මැඩිගන් වගේ. ඔබ ආදරය කරන තැනට යන්න. මට ආදරය නොකරන අය ගැන හිත හිත කාලෙ නාස්ති කරන්න මට බෑ. ඔබව විශ්වාස කරන උදවිය අනිවාර්යයෙන්ම දවසක හමුවේවි. ඔවුන් හා ඉදිරියට යන්න. මම ඒක කල් පවතින විදිහට ගොඩනගා ගෙන තියෙනව කියල විශ්වාස කරන්න මම කැමතියි.”

Elle ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ලයිට් බිලට තැබූ අත වතුර බිලටත්?

ලයිට් බිලට තැබූ අත වතුර බිලටත්? ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැතිද යන්න එළැඹෙන ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස,...

ඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරුයි

ඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරු වෙනවා ඉන්ධන සඳහා ඩොලර් වැඩි ප්‍රමාණයක් රටින් පිටතට යෑමෙන් ඇතිවන පීඩනයෙන් කොටසක් පාරිභෝගිකයාට ලබාදීමේ...

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටී ඇති අතර, මේ වනවිට ක්‍රියාත්මක ආර්ථික...

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...
- Advertisement -spot_img

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටී ඇති අතර, මේ වනවිට ක්‍රියාත්මක ආර්ථික...

දුවට ප්‍රින්සස් ගවුමක්

දුවට ප්‍රින්සස් ගවුමක් - Mama, Don't Go බීජිං නගරයේ මංතීරු ඇදහිය නොහැකි තරම් පුළුල්ය. පාර මාරුවීමට ආසන්න වශයෙන් මිනිත්තු දහයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you