ArtWedding එකක් කියන්නෙම Drama එකක්

Wedding එකක් කියන්නෙම Drama එකක්

-

spot_img

Wedding එකක් කියන්නෙම Drama එකක් – The Drama

පෙම්වතුන්ගෙ ලොකුම හීනය තමයි කවදහරි දවසක විවාහ වෙන එක. විවාහය විතරක් නෙමේ සුරංගනා කතාවක් තරම් ලස්සන විවාහ උත්සවයක් ගැනත් ගොඩක් අය හීන දකිනවා. wedding එක කිට්ටු වෙනකොට කසාද බඳිනව කියන්නෙ සෑහෙන අමාරු වැඩක් කියල හිතෙන්නත් පුළුවන්. වෙඩින් එකක් කියන්නෙ ෆ්‍රී ෂූට් වල ඉඳලා ඇඳුම්, සැරසිලි, අමුත්තො, ෆොටෝස් වගේ සෑහෙන කතන්දර ගොඩක්. විවාහ වෙන ජෝඩුවට විතරක් නෙමේ එයාලගෙ පවුලෙ අය, යාළුවො මේ හැමෝටම එදාට පොඩි පොඩි රඟපෑම් කරන්න වෙනව. wedding එකක් කියන්නෙ drama එකක්. ඔය drama එක ඇතුලෙ සුන්දරත්වය, රැවටීම, ආදරේ, බොරුව, ඊර්ෂ්‍යාව වගේ ගොඩක් දේවල් තියෙනව. සුරංගනා කතාවක් වගේ ගන්න හිතාගෙන හිටිය වෙඩින් එකක් රෑක දකින බය හිතෙන හීනයක් වගෙ වුණොත් කසාදෙ සදහටම ඉවර වෙයිද? 

The Drama

චාලි සහ එමා මුණගැහෙන්නෙ කොෆී ෂොප් එකකදි. ඇය හිටියේ පොතක් කියවමින්. ඔහු ඒ පොතට කැමති බව (බොරුවට) පෙන්වමින් ඇය හා කතාව ඇරඹුණා. ඔවුන් පෙම්වතුන් වෙන්නෙ බොහොම ඉක්මන්ට. දෙන්නටම ඕනෙ වුණේ ඉක්මන්ට විවාහ වෙන්න. ගොඩක් ආදරණීය විදිහට ගෙවුණ ඒ දවස් බලාපොරොත්තු වුණේ නැති විදිහට වෙනස් වෙන්නෙ මේ දෙන්නා යාළුවොත් එක්ක කරන කතාබහක් නිසා. එතනදි හැමෝම තම තමන්ගෙ අතීතයෙ රහස් කියා ගන්නෙ විනෝදෙට වගේ. එමාගෙ රහස මොකක් වෙන්න පුළුවන්ද?

The Drama

පෙම්වතා පෙම්වතිය ඉස්සරහ ගොඩක් අය තමන් ළඟ නැති හොඳත් මවාපානවා. හොඳම කෙනා තමන් බව පෙන්නන්න ලොකු උත්සාහයක් දරනවා. නමුත් මේක තමන් පිළිබඳව සැබෑව නෙමෙයි. මේ ලෝකෙ හැම මනුස්සයෙක්ටම දුර්වලතා තියෙනවා. කාටවත් නොකියන රහස් තියෙනවා. සමහරවිට රහස් කිහිපයක්ම. රහස් හෙළිකරන්න අපි බයයි. එහෙම වුණාම අනිත් අය අපි ගැන ඇත්ත දැන ගනියි, වැරදියට තේරුම් ගනියි වගේ විවිධ කාරණා නිසා. ආදරේ කරන අය, සමීපතමයන් ගැන අපි විසින්ම හිතේ හදා ගත්ත ප්‍රතිරූප තියෙනවා. අපි ඒ ප්‍රතිරූප නඩත්තු කරනවා, විශ්වාස කරනවා. ඒ ඔස්සේ සිහින මවනවා. මේ හැමදේම තත්පර කිහිපයකදි බිඳලා දාන්න රහසකට පුළුවන්.

The Drama

විශ්වාසය බිඳුනට පස්සෙ එකට ජීවත්වෙන එක අසීරුයි. මොනතරම් උත්සාහ කරත් වතුරෙ එබුව රබර් බෝලයක් වගේ අමතක කරන්න හැදුව දේවල් ආයෙ ආයෙ එළියට මතු වෙන්න ගන්නව. නොදැනීම. මොනතරම් ප්‍රේමණීය ජීවිතයක් ගත කරලා තිබුණද කියලා අදාළ නෑ, ගතවෙන හැම තත්පරේම හිත්වල හොල්මන් කරන්නෙ විශ්වාසය බිඳවැටෙන්න හේතුව. රහස. දෙන්නෙක් අතර විශ්වාසෙ බිඳ වැටුණට පස්සෙ ඒ සම්බන්ධකමට ඉන් එහා පැවැත්මක් තියෙන්නම බැරිද? රහසක් හෙළිදරව් වුණාම සම්බන්ධෙක තිබුණ සුන්දරත්වය, romantic බව නැතිවෙලා යන්න පුළුවන්. ෆිල්ම් එකක් තරම් romantic බැඳීමක තිබුණ drama ගතිය නැති කරලා දාන්න රහසකට පුළුවන්. රහසකට පස්සෙ අපි එකිනෙකාට නිරාවරණය වෙනව. මින් පෙර නොදුටු පැත්තක්, නොදුටු කෙනෙක් හෙළිදරව් වෙනවා. කෙනෙකුගෙ ජීවිතේ එක මොහොතක සිදුවුන සිදුවීමක්, වැරැද්දක් ඒ කෙනාගෙ ජීවිතේම තීරණය කරන්නෙ නැහැ. රහස් දැන ගත්තම, ඇත්ත මොකක්ද කියලා දැන ගත්තම, මිනිස්සු විදිහට අපි කවුරුත් 100% perfect නැහැ, කවුරු ළඟත් අඩුපාඩු තියෙන්න පුළුවන් කියලා තේරුම් ගත්තම අපි ගැන සැබෑව සොයා ගත්තම බැඳීමක් කොච්චර නිදහස්ද? එතකොට පුළුවන් නිදහසේ ආදරේ කරන්න. wedding එක කියන drama එකෙන් පස්සෙ උදාවෙන්නෙ අලුත් ජීවිතයක්. සැබෑ ලෝකයේ ජීවිතයක්. එතනදිත් drama පෙන්නන්න ගියොත් වැඩි කාලයක් එකට ජීවත් වෙන්න බැරි වෙනව නිසැකයි.

The Drama

මෙම වසරේ මාර්තු මස තිරගත වූ The Drama චිත්‍රපටය Romantic Black Comedy වර්ගයේ කතාවක්. අධ්‍යක්ෂණය Kristoffer Borgli විසින්. Robert Pattinson, Zendaya ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. Robert Pattinson සහ Zendaya මුසුව නිසාම The Drama නිකුත් වීමට පෙරම බොහෝ අය නැරඹීමට මග බලාගෙන සිටි චිත්‍රපටයක්. මිනිත්තු 105 ක් පුරා දිවෙන මෙම කතාව ඉහළ විචාරක, ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ලොව පුරා ඩොලර් මිලියන 123 ක ආදායමක් ඉපැයීමට සමත්වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ත්‍රස්ත පනත අහෝසි කිරීමට යයි

ත්‍රස්ත පනත අහෝසි කිරීමට යයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ කටයුතු මේ වනවිට  අවසන් අදියරේ ඇතැයි අධිකරණ සහ...

ඩෙංගු මරණ 15ක් වෙයි. අධි අවදානම් කලාප 39ක්!

ඊයේ දිනය වන විට වසරේ ගෙවුණු කාලය පුරා ඩෙංගු රෝගීන් 29589ක් වාර්තා වී තිබෙන අතර ඉන් 15ක් මිය ගොස්...

ආනයන වාහනවලට සියයට  පනහක අධිභාරයක්

ආනයන වාහනවලට සියයට  පනහක අධිභාරයක් විදේශයෙන් මෙරටට ගෙන්වන වාහනවලට නියම කෙරෙන රේගු ආනයන තීරු බදු මත සියයට පනහක අධිභාරයක් අය...

ඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක

ඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා  මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය...
- Advertisement -spot_img

රෙස්ටුරන්ට් රසට ගෙදරදීම පෝක් ඩෙවල්

රෙස්ටුරන්ට් රසට ගෙදරදීම පෝක් ඩෙවල් - Devilled Pork කටට රසට කන්න කැමති අයට ගැළපෙනම කෑමක් තමයි පෝක් ඩෙවල්. රෙස්ටුරන්ට් රසට...

රත් දෝතළු – 91

රත් දෝතළු - 91 මම දවස් ගතකළේ තෝන්තු වූ බවකින් මෙනි. මා ද නොදැනුවත්දම මා මුදින් බොහෝවිට සුසුම් ගිළිහී යන්නට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you