NovelsRath Dothaluරත් දෝතළු - 90

රත් දෝතළු – 90

-

spot_img

රත් දෝතළු – 90

මෙහි පැමිණි දා පටන් මම වැඩිහිටි නිවාසයේ සියළු දෙනා සමඟ ඉරුදින දිව්‍ය පූජාවට සහභාගී වූයෙමි. එහි සිදුකරන වත් පිළිවෙත් දැන් මට හුරුය. පූජාව අතරේ ගැයෙන හීතිකා ඉතා මිහිරිය. එම ඉරුදින පූජාව පැවැත්වෙන අතරේ සුපුරුදු රුවක් නෙත ගැටුණෙන් මා සිතේ ඇතිවූයේ තිගැස්මකි. තේජාන් මෙදින පූජාවට පැමිණ සිටියි. ඔහු මීට පෙරත් මෙහි පැමිණ ඇතිවා වියහැකි මුත් මේ මොහොතේ අහම්බෙන් වුවද ඔහුගේ රුව දැකීමෙන් මා සිතේ තිගැස්මක් ඇතිවූයේ මන්ද කියා මම නොදනිමි.

“එයා ආවේ මං හින්දද…?”

එම සිතුවිල්ල මා සිතේ ඇතිකළේ සියුම් ලැජ්ජා මුසු වූ හැඟීමකි. එය කෙතරම් මෝඩ සිතුවිල්ලක්ද.! දෙව්මැදුර කාටත් පොදුය. ඔහුට වුවමනා නම් මේ අවට තිබෙන ඕනෑම දේවස්ථානයක පූජාවට සහභාගී විය හැකිය. මා වුවමනාවටත් වඩා සිතන බව මටම වැටහීගියේය. තේජාන්ද මා දැක් තිබූ අතර ඔහු අනෙක් පස හිඳගෙන මා හා සිනහසුණේය. මම එය නොදුටුවා සේ ඉවත බලාගතිමි. පූජාව අවසානයේ ඔහු අප සිටි දෙසට පැමිණියේ සිනහපිරි මුවෙනි.

“ජේසු පිහිටයි සිස්ටර්…”

ඔහු දෙඅත් එක්කරමින් ආසිරි පැතීය.

“ජේසු පිහිටයි පුතේ… ඔයා අද මොකද මෙහෙ… වෙනදත් ආවද මෙහේ පූජාවට…? මං කලින් දැකලා තිබුණේ නැති නිසයි ඇහුවේ…”

නිලුපා සොයුරිය විමසුවේ මා සිතාසිටි පැනයමයි. තේජාන් දඟකාර සිනහවක්ද සමඟ මා දෙස බැලීය.

“කලින් සැරයක් දෙකක් ඇවිත් තියනවා සිස්ටර්… ඒත් මං හිතුවා දිගටම මෙහෙ පූජාවට එන්න ඕන කියලා…”

“ඒ මොකද විශේෂයෙන්…?”

ඔහු එයට කුමක් පවසනු ඇතිදැයි කියා උනන්දුවක් මා සිතේද ඇතිවිය.

“නැහැ… සිස්ටර්… නිකන්…”

“හ්ම්ම්… පූජාවට නම් කොහේ සහභාගි වුණත් කමක් නැහැ පුතේ… හැබැයි ඉතින් මූලික අරමුණ වෙන්න ඕන දිව්‍ය පූජාව… නැතුව වෙන දෙයක් නෙවේ…”

නිලූපා සොයුරිය ඒ එල්ල කළේ ඇනුම්පදයක්ද කියා මට නොසිතුණා නොවේ. නමුත් ඈ එවන් ඇනුම්පද කියන අයෙකු නොවන බව මම දැන සිටියෙමි.

“අනේ නැහැ සිස්ටර්… අපේ පල්ලියේ පූජාව අටහමාරට… මෙහේ උදෙන්ම පූජාව තියන නිසා… දවසේ අනික් වැඩකරගන්නත් වෙලාව ඉතුරුයිනේ…”

“දවසේ අනික් දවස් හයම තියනවා නේද… එහෙම එකේ ඉරිදා දවස දෙවියන් වහන්සේට වෙන්කළාට මොකද වෙන්නේ… පූජාව කීයට තිබුණත් මොකද පුතේ…?”

තේජාන් හිස සළමින් එය පිළිගත්තේ සිනහවකිනි.

“ඒකත් ඇත්ත නේද සිස්ටර්… මං අද විශේෂයෙන් ආවේ හෙට දානේ මතක් කරන්නත් එක්ක…”

“අපිට නම් මතකයි… හැබැයි ඉතින් මං හිතුවේ ඔයාලට මතක් කරන්න වෙයිද දන්නැහැ කියලා…”

තේජාන්ගේ මුවේ සිනහවක් නංවමින් නිලූපා සොයුරිය යළිත් කීවාය.

“ඇයි සිස්ටර් එහෙම කියන්නේ… දානේ දවස අමතකවෙනවද එහෙම…?”

“හැමෝම මිනිස්සුනේ පුතේ… අමතකවීම් සිද්දවෙන්න පුළුවන්… එහෙම වතාවක් සිද්ධවුණා…”

“ඒ මොකක්ද සිස්ටර්…?”

තේජාන්ට මෙන්ම මා සිතේද කුහුළක් ඉපදිණි.

“වැඩි දවසක් නෙවේ… මං මෙහෙට ආව මුල් දවස්වල… ඔය විදියටම දානයක් දෙන්න දිනයක් වෙන්කරගෙන ගියා… එදා ඉතින් අපි දවල්ට ඉව්වේ නැහැ… මොකද දානේ ගේනවා කිව්ව නිසා… අපි හවස තුන වෙනකලුත් බලන් ඉන්නවා… කවුරුවත් ආවේ නැහැ… මෙතන ඉන්නේ හුඟක් වයසක අයනේ… ඉතින් එයාලට වෙලාවට කෑම දෙන්න ඕන නේ…”

“ඉතින් එයාලා ආවේ නැත්ද…?”

“නැහැ… එයාලට දිනේ අමතකවෙලා… අපි ඉක්මනට උයලා ඉතින් කෑම දුන්නා…”

“හරි වැඩේනේ… එහෙමත් කරනවද…!”

“මං ඒකනේ කිව්වේ පුතේ… අපි හැමෝම මිනිස්සු… අමතකවීම්, අතපසුවීම් වැරදි අඩුපාඩු කා අතිනුත් වෙන්න පුළුවන්… හැබැයි ඒවා පුරුද්දට ගියොත් හොඳ නැහැ…”

“ඒක හරි සිස්ටර්… අපේ ඉවසීම, සමාවදීම ඒ අය වරදවා වටහාගෙන එකම වරද නිතර නිතර කරනවා නම්… ඒකට සමාව දෙන්න බැහැ…”

“සමාව දෙන්න… සත්වාර සත්තෑවක් සමාව දෙන්න කියලා සමිඳාණන් වහන්සේ කියලා තියනවා… ඒත් එක පාරක් දෙපාරක් වරදක් කරපු කෙනෙක්ව නැවත වතාවක් විශ්වාසකරන්න තරම් මෝඩවෙන්න හොඳ නැහැ… එහෙම විශ්වාස කරනවා කියන්නේ ඒක තමුන්ගේ වරද…”

“ඒක ඇත්ත සිස්ටර්… අපි හෙට දවල් අනිවාර්යයෙන් එනවා… හෙට දොළහවෙනකොට මෙතන…”

“හරි පුතේ… අපි හෙට හමුවෙමු එහෙනම්… ජේසු පිහිටයි…!”

ඔහු අපෙන් සමගෙන ගියේය.

“අරවින්දි…”

නිලූපා සොයුරිය මා ඇමතුවේ අපි කුමක් හෝ පවසන්නට බව මට වැටහිණි.

“මං හිතන්නේ… ඒ ළමයා ආවේ අරවින්දි බලන්න…”

මා සිත අලුතින් තිගස්වමින් එතුමිය කීවාය.

“ඇයි සිස්ටර් එහෙම කියන්නේ…?”

“ඒක වුවමනාවෙන් බැලුවා නම් ඕන කෙනෙක්ට තේරෙනවා… ඒ ළමයා කතා කළේ මා එක්ක වුණාට ඇස් තිබුණේ ඔයා ළඟ…”

එය මුසාවක් නොවන බව මමද දුටිමි.

“ඒක එහෙම වුණත්… මං ඒ කිසිදෙයකට අනුබල නොදෙන බවත් සිස්ටර් දන්නවානේ…”

“ඒක මං අනිවාර්යයෙන් දන්නවා අරවින්දි… ඇත්ත තත්වේ දැනගත්තාම ඒ ළමයා මඟාරියි… දැන් දුවගෙන පූජාවටත් මෙහෙට ආවාට…”

අවසන් වදන් ඈ කීවේ මඳහසක් පාමිනි.

“එකාතකින් පව් සිස්ටර්… ඇරත් අපි හරියටම දන්නේ නැහැ තේජාන්ගේ හිතේ එහෙම අදහසක් තියනවා කියලා…”

“ඔව්… ඇත්ත… ඒත් ඉතින්…මනුස්සයෙක් හැරණකොට දැන අඳුනගන්නත් ඔයාගේ ඔය වයසත් හොඳටම ඇති… ඒකට වයසට යන්න ඕනත් නැහැ… අවුරුදු ගානක් ගොඩාක් දෙනෙක් ආශ්‍රය කරලා තියෙන්න ඕනත් නැහැ… හැම තැනම අහස්ලා ඉඳියි කියලා හිතන්නවත් බලාපොරොත්තු වෙන්නවත් එපා…”

නිලූපා සොයුරිය දුන්නේ අවවාදයකි. මට ඒ ඔස්සේ බොහෝ දුර සිතන්නට තිබිණි.
———————————————————————————————————————————————————–
අහස්ට ඇමතුමක් ගන්නට සිතන සෑම මොහොතමක මසිත ආපසට ඇදිණි. නොඑසේ නම් මගේ සිතට මා විසින්ම වැටකඬුළු බැඳ තිබිණි. එය එසේ වුවත් මා සිත දැඩි කරගෙන සිටියේ අපහසුවෙනි. ඔහු මෙන්ම සිහින පුතුද සිහිවන මොහොතක් මොහොතක් පාසා මා හද විඳින වේදනාව දැනසිටියේ මා පමණි. නෙතින් හඬන්න නොහැකියාවෙන් මම කඳුළු සඟවාගෙන හදින් වැලපුණෙමි. සමහරවිටෙක සිතට දැනුණ වේදනාව කෙතරම්ද යත් මා පපුව සිරවන බවක්ද මට දැනිණි.

පසුදින දානය රැගෙන තේජාන් ඇතුළු නෑදෑ පිරිස පැමිණියද මම ඔවුනට මුහුණ නොදී සිටියේ නිවාසයට වීය. ඔහු මා පිළිබඳව උනන්දුවන බව මා දැන හෝ අනුමාන කර සිටියේ නිලූපා සොයුරිය පැවසීමටත් පෙර සිටමය.

“අර ළමයා ඇහුවා අරවින්දිව කීප වතාවක්ම…”

ඔවුන් පිටත්ව ගිය පසුව නිලූපා සොයුරිය මා හා පැවසුවේ නිවාසයේ අයට කෑම මේසය සූදානම්කිරීමට මම උදව් වන අතරේදීය.

“මං මඟෑරල හිටියෙත් ඒ නිසාම තමා සිස්ටර්…”

“මං කිව්වා ඔයා ඇතුළේ වැඩ වගයක් කියලා… ඔයා නොහිටපු එකත් හොඳයි… නැත්නම් ඒකත් අනුබලයක් වගේ වෙනවා…”

“මේ සිද්දවුණු දේවල් මදෑ සිස්ටර්…”

“හ්ම්ම්… එතකොට අරවින්දිට මැරි කරන්න අදහසක් ඇත්තේම නැත්ද…?”

“නැහැ සිස්ටර්… මට වෙනකෙනෙක් ගැන හිතන්න බැහැ…”

ස්ථීර හඬකින් මම කීවෙමි.

එදින රාත්‍රියේ මම සිහින පුතුවත් අහස්වත් සිහිනෙන් දුටිමි. මා තිගැස්සී අවදිවුයේ සිහිනයේ අඩකදීය. පුතු මා සොයමින් දුව යන සැටි මම දුටිමි. ඉන්පසුව මා වෙත නින්දක් නොවීය. සිත පෙළූ දුක නිසා මම නිදි වර්ජිතව යහනේ එහෙටත් මෙහෙටත් පෙරළෙමින් රාත්‍රිය ගෙවා දැමුවේ අසීරුවෙනි. පසුදින වනතුරුම මම සිටියේ නොඉවසිළිමත්වය.

සිහින පුතුට අවුරුද්දක් සපිරෙනදා මම අහස්ට දුරකථන ඇමතුමක් ගත්තේ සිතට මහත් දිරියක් ගනිමින් මුත් එය අසාර්ථක වූයේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොට ඇතිබව පැවසූ නිසාය. කීපවරක් ගත් උත්සහය නිරර්ථක විය. සමහරවිට ඔහු විදෙස්ගත වූවා වන්නට ඇතැයි කියා මට හදිසියේ සිතිණි.
අලුත් වූ ශෝකී හැඟීමක් මා සිතේ ඇතිවිය. මම සිහින පුතු මනසින් දුටිමි. මිදුල පුරා ඔහු දුවපැන දඟකරන සැටි මම මනසින් දුටිමි. ඒ කිසිත් දැන් සිතා පළක් නැත. මා සියල්ල හැරදමා පැමිණියේ මේ සිතේ වූ බැඳීම නිසා ඇති වූ බියෙනි. ඉතින් එසේනම් තව තවත් සිතා වදවෙන්නේ මන්ද .?

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය තවත් මැයි දිනයක් අහවර විය. එයත් වෙනදා මෙන්ම රතු, නිල්, කොළ පාට සන්දර්ශනයකින් අවසන්...

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා!

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව කතිකාවතක් ඇතිව තිබෙන...

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...
- Advertisement -spot_img

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

රත් දෝතළු – 89

රත් දෝතළු - 89 හඬ නඟන දුරකථනය අතට ගෙන මම එයට ඇමතුවේ දෙගිඩියාවෙන් මෙන්ම තරමක චකිතයකිනි. අනෙක් පසින් ඇසුණේ ගැඹුරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you