Featuresබලනහර කැපුණු බලවේග

බලනහර කැපුණු බලවේග

-

spot_img

බලනහර කැපුණු බලවේග – Bakusuwatha

නහරයකට බලයක් තිබේද, බලයකට වේගයක් තිබේද යන්න සිතමින් පසුවද්දී “නහරකාරයෝ” යන සිංහල යෙදුම සහ, “Young blood” යන ඉංග්‍රීසි යෙදුම මතකයට නැඟිණි. භාෂා දෙකෙන්ම මේ යෙදුම් යොදනුයේ “තරුණ ජවය” අර්ථ ගැන්වීම සඳහා ය. තාරුණ්‍යය ජව සම්පන්න මෙන්ම ක්‍රියාශීලීය යන්න ඉන් හැඟවේ. එමෙන්ම එහි යටි පෙළ වනුයේ ඔවුන් ස්වහාවයෙන්ම ඉක්මන්කාරී සහ ආවේගශීලී බවය. “නහර රත්වෙලා”, “ලේ කෝප වෙලා” යන ප්‍රකාශ හඟවන්නේ ප්‍රකෝපකාරී බවයි. මේ සියල්ල සම්පිණ්ඩනය කළවිට විද්‍යත්මකව පැහැදිය යුතු නැතත්, නහර තුළ ලේ ගමනාමනය සිදුවන බව හා ඒ ගමනාගමනය හරහා යමෙකු තුළ බලයක් ගොඩනැගෙන බවත් පැහැදිළි ය. එමෙන්ම නහරයක් කැපීම තුළින් ලේ පිටවීම හරහා ඒ බලය බිඳී යා හැකි බවත් ලේ සහ බලය අතර ඇත්තේ නොබිඳෙන බැඳීමක් බවත් ප්‍රත්‍යක්ෂ වේ.

මේ දිනවල අටුවා,ටීකා, ටිප්පනි ලියවෙන්නේ “බල නහරය” ගැනය. ඊට නිමිත්ත වන්නේ මුදල් අමාත්‍යාංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂකවරයකු වූ රංග නිශාන්ත රාජපක්ෂ බල නහර කැපීමක් හේතුවෙන් මරණයට පත්වීමයි. මරණ පරීක්ෂකටත් කළින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එය සියදිවි නසාගැනීමක් බව කී අතර එතැන් පටන් ෆේස්බුක් හෑලි ලියන්නන් රංග රාජපක්ෂ වැඩ තහනම නිසා කෙතරම් පිඩනයක සිටින්නට ඇත්දැයි යන්න ගැන පශ්චාත් භාගය පොළොවේ ගසන්නට පටන් ගත්තෝය. ශරීරයේ නහර පිහිටා ඇති සැටිත්, කැපුණු අඟල් ගණනත්, කකුලේ දෙකම කපාගෙන දකුණෙන් වම් අතේ බල නහරයත් කපාගත් අයුරුත් ඇහින් දුටු සාක්ෂිකරුවන් මෙන් විස්තර කරන්නට වූහ. ඒ අතරතුරේ මරණ පරික්ෂකලා “සියදිවි නසාගැනීමක් විය හැකිය” යන්න නිගමනය කළේ යැයි කියවීණි. එය “වැසි වැස්සොත් ගඟ පිරෙයි” පන්නයේ අසම්භාව්‍ය ක්‍රියාවකි. එම නිගමනයේම “විය නොහැකිය” යන්නෙහි සේයාවක්ද පෙනේ.

මේ මරණය සිදුවනුයේ සෝමවංශ අමරසිංහ, නන්දන ගුණතිලක සහ ඩෑන් පියසාද් යන අයගේ මරණ වලට ජාතික ජන බලවේග ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමකය. නන්දන ගුණතිලකගේ මරණය සැක සහිත බව ඔහුගේ සොහොයුරිය ද, රංග රාජපක්ෂගේ මරණය සැක සහිත යැයි ඔහුගේ බිරිඳ ද පැමිණිලි කර ඇති වාතාවරණයක ය. තත්වය එසේ තිබියදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල “මියගිය රංග මුදල් අමාත්‍යංශයේ තවත් එවැනි අයථා ගණුදෙනුවලට සම්බන්ධ වී ඇතැයි” යන අදහස ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම යනු පක්ෂ කාඩර්වරයකුගේ මෘත දේහය මත පැහැරීමකි. “බලය” යන වචනය තුළම “ලෙය” සන්ධි වී තිබේ. ඒ වෙනුවෙන් කාගේ ජීවිත විසන්ධි වුවද බලය දිවි ඇති තෙක් අල්ලාගෙන සිටින්නට සිහින දකින නගරංකාරයින්ට ඉන් ඵලක් නැත.

“අපරාධකාරයාගේ අවසාන නවාතැන්පළ පන්සල” යැයි කීයේ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ය. ජනාධිපතිවරයා ජන්ද සටනේදී එකට අත්වැල් බැඳගෙන ගිය එහෙව් පන්සලක ප්‍රසිද්ධ හිමිනමකට එරෙහිව, වයස අවුරුදු 14 ක ගැහැණු දරුවකු බරපතල ලෙස අපයෝජනය කළේ යැයි චෝදනා එල්ල වී තිබේ. වනචාරීන් හිඳ ඇත්තේ කා සමඟදැයි ජනාධිපතිවරයාට දැන් ලාල් කාන්ත අමාත්‍යවරයාගෙන් අසා දැනගත හැකිය. ටිල්වින් සිල්වා කී ලෙස “ආයෙ වෙන ආණ්ඩු නෑ” යන්න සත්‍යයක් වීමටනම්, “එකෙකුට ෂොට් එක දුන්නා..අනිත් උන් පරෙස්සමින් හිටපල්ලා..?” කියා ටිල්වින්ට ලාල්කාන්ත ලවා කියවිය හැකිය. මේ ගෙවී යමින් තිබෙන්නේ ආණ්ඩුවේ බල නහර එකින් එක කැපී යන කාලයයි.

බැලූ බැල්මට දැන් මේ ආණ්ඩුවට ජාතියක්, ජනකායක්, බලයක් හෝ වේගයක් නැත. මුහුදු මංකොල්ලකරුවන්, මං පහරන්නන් සේ ආණ්ඩු බලය රඳවා ගැනීමට හෝ උඳුරා ගැනීමට නොහැකි වග දැන්වත් මේ ළඳ, බොළඳ ආණ්ඩුව වටහාගත යුත්තේ එහෙයිනි. “නීතියට ඉහළින් කිසිවක් නැතැයි” කී මිනිසෙකු කරවන රටේ නීතීයද බල නහර කපාගෙන තිබේ. පල්ලේගම හේමරතන හිමියන් ලියු ගීතයක “සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ” කියා කොටසක් තිබේ. සියල්ලට ඉහළින් ඇත්තේ ඒ සොබාදම් නීතියයි. එය දඬුවම් දෙන්නට පටන් ගත්දාට සියලු බලවේගයන් අකුලගෙන ගෙදර යා යුතුය.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you